Sunday, June 8, 2025
HomeBiz Newsසිංහල හා දමිළ භාෂා ඇතුළු භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින් භාවිත කළ හැකි...

සිංහල හා දමිළ භාෂා ඇතුළු භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින් භාවිත කළ හැකි Ask QX, hybrid GenAI වේදිකාව දියත් කරයි …

  • ඉන්දියානු නිර්මාණයක් ලෙස එළිය දුටු node-based නිිමාව සහිත ලොව ප‍්‍රථම hybrid GenAI වේදිකාව
  • පූර්ණ ක‍්‍රියාකාරී, භාෂා රැසක් සහිත කෘතිම බුද්ධි වෙබ් අඩවිය හා භාගත කිරීමේ අවස්ථාව
  • සිංහල හා දමිළ භාෂාවන් සහිත Ask QX මිලියන 8කට අධික පිරිසක් දැනටමත් භාවිත කරනු ලබයි.
  • ඉන්දියානු හා දකුණු ආසියානු ජනතාවට කැමති භාශාවකින් ප‍්‍රවේශ වීමේ හැකියාව

ලොව ප‍්‍රමුඛතම Artificial General Intelligence (AGI) සමාගමක් වන QX Lab AI ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මාද පෙරදිග ඇතුළු රටවල් රැසක පරිශීලකයින් හට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ලොව ප‍්‍රථම hybrid කෘතිම බුද්ධි වේදිකාව පසුගියදා හඳුන්වා දෙන ලදී. Ask QX ලෙස නම් කර ඇති එය node-based නිමාවක් සහිත ප‍්‍රථම කෘතිම බුද්ධි වේදිකාවද වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ භාෂා 100කට වැඩි ප‍්‍රමාණයක් අන්තර්ගත වීම හේතුවෙන් කැමති භාෂාවකින් GenAI සමඟ කටයුතු කිරීමේ පහසුව පරිශීලකයින් වෙත උදා කර දීමයි. ඒ අනුව ඉංග‍්‍රීසි භාෂාවට අමතරව අරාබි, ස්පාඤ්ඤ, ජපන්, ජර්මන් ඉතාලි, කොරියානු, පෘතුග‍්‍රීසි, රුසියානු සහ සිංහල ඇතුළු භාෂා රැසකින් කටයුතු කිරීමේ අවස්ථාව QX Lab AI උදා කර දී ඇත.

ඉහළ භාෂා මාදිලි 30%ක් හා භාෂා අවබෝධයේ හා පරිශීලනයේ නවමු පියවරක් වන Neural Network Architecture හි 70%ක් ද සමඟින් මෙම භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින් භාවිත කිරීමේ අවස්ථාව ලබා දී ඇති අතර ඒ යටතේ අකුරුවල සිට රූප හෝ වීඩියෝ දක්වා ව්‍යාපාර, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන, නීති සේවා යනාදී සේවා රැසක් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පරිශීලකයින් හට උදා වනු ඇත.

මේ වන විටත් පරිශීලකයින් මිලියන 8කට වැඩි පිරිසක් විසින් භාවිත කරනු ලබන QX Lab AI සුපැහැදිලි රූප, වීඩියෝ සමඟින් අකුරු හා ශබ්ද ආකෘති වෙත සැණෙකින් පිවිසීමේ පහසුව දකුණු ආසියානු කලාපය වෙත ගෙන ආ පුරෝගාමී GenAI වේදිකාව ලෙසද හඳුන්වා දිය හැකිය. විශේෂයෙන් විවිධ පරිශීලක අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නවීන තාක්ෂණයෙන් හා අවම තරඟකාරී මිලක් සමඟින් හඳුන්වා දී ඇති සේවාවලින් සන්නද්ධ Ask QX හි නිදහස් සංස්කරණය තුළින් Ask QX gen AI neural වෙත පිවිසීමටද හැකියාව ලබා දී ඇත.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ Ask QX නිර්මාණය කිරීමේදී භාවිත කර ඇති නවීනතම තාක්ෂණයයි. මේ තුළින් පිරිවැය අඩු කිරීම පමණක් නොව එහි ආරක්ෂාවද ඉහළ නංවන අතර ඒ සතු දත්තයන්හි ආරක්ෂාවන්ද සහතික කරනු ලබයි. QX Lab AI සතුව බල ගන්වන ලද සංකේත ටි‍්‍රලියන 6 ක් පමණ වන පරාමිතීන් 372ක් ඇතුළත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ QX Lab AI හි සම නිර්මාතෘ, ප‍්‍රධාන විධායක නිලධාරී තිලක්රාජ් පර්මාර් මහතා සඳහන් කර සිටියේ ‘‘භාෂා රැසකගෙන් සමන්විත ප‍්‍රමුඛතම hybrid Gen AI වේදිකාව වන Ask QX හඳුන්වා දීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. බාධාවකින් තොරව ප‍්‍රවේශ වීමේ හැකියාව ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී වේදිකාව පරිශීලකයින්ගේ එදිනෙදා ජීවිතයට ඉහළ වටිනාකමක් එක් කරනවා. මෙය අවුරුදු 8ක කැපවීමේ හා සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙසත් පෙන්වා දිය හැකියි. ඉන්දියාවේ විවිධ භාෂාවන් රැසක් නිවැරදිව ඉදිරිපත් කිරීමේ අසමසම හැකියාවකින් යුත් Ask QX හේතුවෙන් වරප‍්‍රසාද ලත් කිහිප දෙනෙකුට පමණක් සීමා නොවී සියලූ දෙනාට AI තාක්ෂණයේ මහිමය භුක්ති විඳීමේ අවස්ථාව උදා වී ඇති බව සතුටින් මතක් කිරීමට කැමතියි’’ යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ QX Lab AI හි සම නිර්මාතෘ, ප‍්‍රධාන උපාය නිලධාරී අර්ජුන් ප‍්‍රසාද් මහතා සඳහන් කළේ ඉන්දියාව පුරා සියලූ දෙනාට තමන් කැමති භාෂාවකින් භාවිත කළ හැකි නිෂ්පාදනයක් ලබා දීම බවත් එය පරිපූර්ණ වේදිකාවක් ලෙස එළිදැක්වීමට කටයුතු කළ බවත්ය. මේ වන විටත් මිලියන 8කට අධික පරිශීකයින් ප‍්‍රමාණයක් පරිහරණය කරනු ලබන එය පුද්ගල, ව්‍යාපාර මෙන්ම ප‍්‍රජාවන් බල ගැන්වීමේ සුවිශේෂී සේවාවක් ලෙස Ask QX පෙන්වා දිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ මේ වන විටත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමටද තමන් කටයුතු කර ඇති බවයි.

මීට අමතරව වීඩියෝ සහ රූප සඳහා තවත් නව්‍ය නිෂ්පාදන දෙකක් දියත් කිරීමටද මේ වන විටත් සියලූ කටයුතු සූදානම් කර ඇති අතර ඒ තුළින් ඉතා ඉක්මනින් නිවැරදි ප‍්‍රතිචාර ලබා දීම සඳහා බුද්ධිමත් විශ්ලේෂණ හා සැකසීම් සහිත දියුණු ඇල්ගොරිදම භාවිත කිරීමට නියමිතය. ව්‍යාපාරවලට නිර්මාණශීලීන්ට මෙන්ම පුද්ගලයන්ට ඉතා ඉක්මන් හා ඵලදායී ප‍්‍රතිිඵලයන් වෙනුවෙන් GenAI භාවිත කිරීමේ අවස්ථාව ඒ තුළින් උදා කර දෙනු නිසැකය.

ශ‍්‍රී ලාංකිකයින් හට දැන් Ask QX භාවිත කිරීමේ අවස්ථාව උදා කර දී ඇති අතර Play Store හි වෙබ් සහ ජංගම යෙදවුම් තුළින් ඒ සඳහා ප‍්‍රවේශ විය හැකිය. The app store තුළින් එහි IOS සංස්කරණය වෙත පිවිසීමේ අවස්ථාවද ඉක්මනින් ලබා දීමට කටයුතු කරමින් සිටී.  Ask QX පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට වෙත පිවිසෙන්න.

2018 වසරේදී ඉන්දියානු ජාතික නවෝත්පාදකයින් විසින් ආරම්භ කරන ලද QX Lab AI අති නවීන AI සමාගමක් වන QX Lab AI පරිශීලයින්ගේ පහසුව උදෙසා AI තාක්ෂණයේ නව්‍යකරණයන් සිදු කිරීම ප‍්‍රමුඛත්යෙහි ලා කටයුතු කරනු ලබයි. විශේෂයෙන් එක් කණ්ඩායමකට සීමා නොවී සෑම තරතිරමක අයෙකුටම AI වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීම සඳහා විවිධ ගෝලීය අවශ්‍යතා වෙනුවෙන් පරිවර්තනීය AI විසඳුම් ලබා දීමට QX Lab AI කටයුතු කර ඇත. වැඩි විස්තර සඳහා වෙත https://qxlabai.com පිවිසෙන්න.

RELATED ARTICLES

18 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..