Friday, June 6, 2025
HomeBiz News'ප්‍රෝටීන් සමඟ විසඳුම්' යන තේමාව යටතේ ' Right to Protein' 2024 ප්‍රෝටීන්...

‘ප්‍රෝටීන් සමඟ විසඳුම්’ යන තේමාව යටතේ ‘ Right to Protein’ 2024 ප්‍රෝටීන් දිනය සමරයි …

පස්වන වරටත් යෙදෙන ප්‍රෝටීන් දින සැමරුම  වෙනුවෙන් පෝෂණ සුරක්‍ෂිතතාවයේදී ප්‍රෝටීන්වල වැදගත් කාර්යභාරය පිළිබඳව පුරවැසියන්  දැනුවත් කිරීම සහ ඒ සඳහා සෞඛ්‍ය විසඳුම් ලෙස ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාව තවදුරටත් වර්ධනය කරන ලෙස Right to Protein සංවිධායකයන් ව්‍යාපාර සහ කර්මාන්ත නායකයින් ඇතුළු  සියලුම පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි. ‘ප්‍රෝටීන් සඳහා ඇති අයිතිය’ මුල් කරගනිමින් U.S. Soybean Export Council (USSEC) මඟින් සවිබල ගන්වන ප්‍රෝටීන් දින සැමරුම පෙබරවාරි 27 වැනි දිනට යෙදී තිබෙන අතර ‘ප්‍රෝටීන් සමඟ විසඳුම් ‘ යන්න මෙවර එහි තේමාව වේ.

ඉන්දියාවේ සහ දකුණු ආසියාතික කලාපයේ සිටින පුරවැසියන් වෙත ප්‍රෝටීන් සහිත ආහාර ලබාගැනීමට ඇති අවස්ථාව වර්ධනය කරමින්,ප්‍රෝටීන් බහුල ආහාර සඳහා ඉහළ යන ඉල්ලුමට විසඳුම් සෙවීමට එක්වන ලෙස මෙම ප්‍රවේශය ඔස්සේ  ව්‍යාපාර සහ කර්මාන්ත නායකයින් ඇතුළු සියලුම පුද්ගලයින්ගෙන් මෙම මුලපිරීම මඟින් ඉල්ලා සිටියි.

ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂකයක් ලෙස ප්‍රෝටීන් පිළිබඳව සමාජය තුළ ඇති අවම දැනුවත්භාවය ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් පරිභෝජනය නොකිරීම කෙරෙහි තුඩු දෙන ප්‍රධාන කරුණකි.එබැවින් මෙවර ප්‍රෝටීන් දින සැමරුම හරහා ‘සෞඛ්‍ය සම්පන්නභාවයෙන් මෙන්ම ප්‍රතිශක්තියෙන් (ඔරොත්තු දීමේ හැකියාවෙන්)  ප්‍රජාව පෝෂණය කිරීම’  සඳහා ප්‍රෝටීන්වල ප්‍රධාන භූමිකාව පිළිබඳව මහජන දැනුවත්භාවය පුළුල්  කරන ලෙස සංවිධායකයන් සියලුම  සන්නාම, සමාජ අභිප්‍රේරකයන්, සෞඛ්‍ය පිළිබඳ බලපෑම්කාරි පුද්ගලයන් සහ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.මෙම ක්‍රියාවලියේ අරමුණ වන්නේ, දෛනික ආහාරවේල සඳහා අන්තර්ගත කළ හැකි ප්‍රෝටීන් ආහාර ප්‍රභවයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සමාජ කතිකාවතක් නිර්මාණය කිරීම  සහ විසඳුම් ඉස්මතු කිරීම වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් New Anthony’s Farms Pvt. Ltd. හී විධායක අධ්‍යක්ෂ එරංග කුරුකුලආරච්චි මහතා මෙසේ සඳහන් කළේය. “හරිත සහතිකය ලද ශ්‍රී ලංකාවේ පුරෝගාමී කුකුළු මස් නිෂ්පාදන සන්නාමය මෙන්ම  දකුණු ආසියාවේ තිරසාර U.S. Soy label හී සමාරම්භකයා ලෙස, අපේ රටේ ආහාර තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම කෘෂිකාර්මික විශිෂ්ටත්වය පෝෂණය කිරීම වෙනුවෙන් අපි කැපවීමෙන් කටයුතු කරනවා. ‘ප්‍රෝටීන් සමඟ විසඳුම් ‘ යන මෙවර ප්‍රෝටීන් දින තේමාව හදවතින් වැළදගනිමින් පෝෂණය පිළිබඳ දැනුවත් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා අපගේ අඛණ්ඩ ප්‍රයත්නයන් බාධාවකින් තොරව ඉදිරියටත් සිදුකිරීමට අපි අපේක්ෂා කරනවා. අඛණ්ඩ නවෝත්පාදනයන් හරහා  කර්මාන්තයේ මිණුම් සලකුණු නැවත නිර්වචනය කිරීමටත්, කුකුළු ෆාම් ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමටත් , නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම අපගේ සියලුම පාර්ශවකරුවන් වෙනුවෙන්  වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපගේ  ක්‍රියාකාරී දායකත්වය ලබාදීමට අපි උත්සාහ කරනවා.”

“2023-2027 වසරවල ආහාර පිළිබඳ සහාය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් දියත් කරනු ලබන ආහාර සුරක්ෂිතතාව සඳහා වූ විශේෂ වැඩසටහන සහ උපාය මාර්ගික සැලැස්ම වැනි රජයේ ප්‍රවේශයන් පිළිබඳව සෞඛ්‍ය හා පෝෂණය ප්‍රවර්ධනය කිරීමට කැප වූ වෛද්‍ය වෘත්තිකයකු ලෙස මම ශ්‍රී ලාංකිකයන් අගය කරනවා. කෙසේවෙතත්, මෙම උත්සහයන් සමඟ අපගේ ප්‍රජාව අතර පෝෂණ සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට ප්‍රමුඛත්වය ලබාදීම අත්‍යාවශ්‍ය සාධකයක් . මහජන සෞඛ්‍ය පවත්වාගැනීමේදී ප්‍රෝටීන්වල වැදගත් කාර්යභාරය ගැන මෙන්ම ප්‍රශස්ත මට්ටමේ ප්‍රෝටීන් සිය ආහාරයට එකතු කරගැනීම පිළිබඳව අවබෝධයක් අප පුද්ගලයන් වෙත ලබාදිය යුතුයි. ප්‍රෝටීන් බහුල ආහාරවේලක ප්‍රතිලාභ අවබෝධ කර ගැනීමෙන් යහපැවැත්ම වැඩිදියුණු කළ හැකි අතර එය සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රතිශක්තිකරණයෙන් ඉහළ  ශ්‍රී ලාංකික පුරවැසියන් පිරිසක් ගොඩනැගීම කෙරෙහි විශාල දායකත්වයක් ලබාදෙනවා.” ලෙසින් ප්‍රජා වෛද්‍ය විද්‍යාව සහ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ,සායනික පෝෂණවේදී,ශ්‍රී ලංකාවේ SARRC ආහාර සංගමයේ සභාපති ආචාර්ය රේණුකා ජයතිස්ස (MD, MSc, MBBS), මහත්මිය මේ පිළිබඳව සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

U.S. Soy අපනයන කවුන්සිලයේ අලෙවිකරණ සහ තිරසාරභාවය පිළිබඳ දකුණු ආසියාතික සහ උප සහරාන් අප්‍රිකා (SAASSA) කලාපීය ප්‍රධානී ඩීබා ජානියුලස් මහත්මිය මේ පිළිබඳව සිය අදහස් දැක්වූයේ මෙසේය.”U.S. Soy අපනයන කවුන්සිලය ලෙස අපි පෝෂණය සඳහා ලොව පුරා දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම සපුරාලීමට කැපවී සිටිනවා. උසස් තත්ත්වයේ, විශ්වාසනීය  නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය  සපයමින් ප්‍රජාවගේ  සමෘද්ධිය ඉදිරියට රැගෙන යාමේ කාර්යභාරයේදී අපේ ආයතනය ඉදිරියෙන්ම සිටිනවා. සැපයුම් දාමයේ කාර්යක්ෂමතාවය තුළින්  සහ නවෝත්පාදනය මඟින් ව්‍යාපාරවල සහ පාරිභෝගිකයන්ගේ විවිධ අභියෝගවලට විසඳුම් විධිමත් කිරීම අපගේ අරමුණයි. :   ‘Right to Protein’ වෙනුවෙන් මේ වසරේ ඉදිරිපත් කර ඇති ‘ප්‍රෝටීන් සමඟ විසඳුම් ‘ නම් වූ තේමාව අපි අගය කරනවා. එය තවත් එක් ක්‍රියාවක් පමණක් නොවේ, කර්මාන්තයේ නියැළී සිටින පාර්ශවකරුවන්ට වගේම දකුණු ආසියාවේ සහ ඊට පරිබාහිරව සිටින සියලුම පුද්ගලයන්ටත් ප්‍රෝටීන් පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම සඳහා එකමුතුව කටයුතු කිරීම වෙනුවෙන් ප්‍රබල කැඳවීමක්.”

සෑම ආහාරවේලකම ප්‍රෝටීන් අන්තර්ගත වීමේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෝෂණවේදීන්, ආහාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ,සූපවේදීන්, ආහාර වෙළෙඳ නාම සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් ‘Right to Protein’ වැඩසටහන 2024 පෙබරවාරි 27 වැනි දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වීමට සියලු දෙනා වෙත ඇරයුම් ඉදිරිපත් කරන අතර “ප්‍රෝටීන් සමඟ විසඳුම් ” සොයමින් එදිනෙදා ජිවිතයේ පෝෂණය පිළිබඳ හිස්තැන්වලට අභියෝග කිරීමට මේ තුළින් සියලු දෙනා දිරිගැන්වේ.

ප්‍රෝටීන් දිනය සමඟ සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා කරුණාකර https://righttoprotein.com/protein-day.html වෙත පිවිසෙන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..