ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හඳුන්වා දුන් පෙරළිකාරී ‘උපහාර’ පැකේජයේ 15 වැනි සංවත්සරය පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි. මෙම උත්සවය, රාජ්‍ය සේවයේ සාමාජික සාමාජිකාවන් සහ විශ්‍රාමිකයන් රට වෙනුවෙන් සිදුකළ හා සිදුකරන කැපකිරීම් වෙනුවෙන් උපහාර පිදීම සඳහා ලැබුණු අගනා අවස්ථාවක් විය. ශ්‍රී ලංකාවේ උරුමය නිරූපණයකරන සංස්කෘතිකාංග රැසක්ද මෙම උත්සවයට ඇතුළත් වී තිබිණි.
2008 වසරේදී ‘උපහාර’ පැකේජය මුලින්ම හඳුන්වා දෙන ලද්දේ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගේ මෙහෙවර ඇගයීමක් සහ එයට ගෞරව කිරීමක් වශයෙනි. වර්තමානයේදී රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගේ අවශ්‍යතා වෙනස් වී ඇති ආකාරය හඳුනාගෙන, විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතා කිරීමේදී මතුවන අවශ්‍යතා සපිරෙන පරිදි මෙන්ම, ගෙවන මිලට උපරිම වටිනාකමක් හිමිවන ආකාරයට නව ‘උපහාර’ පැකේජය හඳුන්වා දී තිබේ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය ආයතන කිහිපයක ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය අංශය නියෝජනයකරන තවත් සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.
“ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන්, රටත් එහි ආර්ථිකයත් නංවාලීමට කැපවුණු පුරවැසියන් පිරිසකට මෙලෙස උපහාර පිදීමට හැකිවීම අපට මහත් සතුටක්. අද දවසේ මේ ආකාරයට ‘උපහාර’ පැකේජයේ නව අදියර දියත් කිරීම, රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන්ට වඩාත් විශිෂ්ට සම්බන්ධතා විසඳුම් පිරිනමමින් ඔවුන් සවිබල ගැන්වීමට අප දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස අප දකිනවා. ජාතික ඩිජිටල් ආර්ථික ප්‍රවේගකරණ වැඩසටහනවන ‘DIGIECON 2030’ ඔස්සේ දැනුමින් සන්නද්ධ සමාජයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් රජය සතු දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමට දායකවන අතරම, නාවෝත්පාදනය හරහා ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමින් රටේ ඩිජිටල් පරතරය යා කිරීමට අප දරන උත්සාහය මෙම නව උපහාර පැකේජය මගින් තවදුරටත් ශක්තිමත්වන බව අපගේ විශ්වාසයයි.” ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා පැවසී ය.
දීර්ඝ කාලයක් පුරා ‘උපහාර’ පැකේජය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සහ ජාතික ආර්ථිකයට එමගින් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර ඇත. 2008 වර්ෂයේදී එය මුලින්ම හඳුන්වා දුන් අවස්ථාවේදී මාස 3 ක් ඇතුළත එහි පරිශීලකයන් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවූ අතර, මෙම නව පැකේජය තවත් පරිශීලකයන් මිලියන ගණනක් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක් පුද්ගලයෙකුට එක් පැකේජයක් සඳහා සම්බන්ධතා දෙකක් ලබාගැනීමට හැකි වීම සහ පැකේජ දෙකක් සඳහා සම්බන්ධතා 4 ක් ලබාගැනීමට හැකි වීම නිසා ඔවුන්ට තම පවුලේ සාමාජිකයන් සහ ඥාති හිතමිත්‍රාදීන් සමග වඩාත් පහසුවෙන් සම්බන්ධතා පවත්වාගැනීමට හැකි වීම ඇතුළු විශේෂ ප්‍රතිලාභ රැසක් හිමි වීම මීට ප්‍රධාන වශයෙන් බලපානු ඇත.
දීර්ඝ කාලයක පටන් ‘උපහාර’ පැකේජ භාවිතාකරන පාරිභෝගිකයන් 10 දෙනෙකුටද මෙම උත්සවයට ආරාධනාකර තිබීම විශේෂත්වයක් විය. 2008 වසරේදී උපහාර පැකේජය හඳුන්වා දුන් අවස්ථාවේ පටන්ම ඔවුන් SLT-MOBITEL කෙරෙහි රැඳවූ විශ්වාසයට උපහාරයක් වශයෙන් මෙලෙස ඔවුන්ට ආරාධනාකරන ලදි. එමෙන්ම ගුරුවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් සහ සන්නද්ධ හමුදා සාමාජිකයන් ඇතුළු විවිධ කාණ්ඩ බලගැන්වීමට ‘උපහාර’ පැකේජය සතු හැකියාව සංකේතවත් කරමින්, රාජ්‍ය සේවයේ ප්‍රධාන අංශ 16 ක නියෝජිතයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ. ‘උපහාර’ යනු රටේ ප්‍රගතියට දායක වීමට සහ ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන් දක්වන දායකත්වය ඇගයීම සඳහා SLT-MOBITEL වෙතින් පිදෙන කෘතඥතා-පූර්වක තිළිණයකි.
මෙම උත්සවයේදී රු. 499/- (බදු රහිත) සහ රු. 727/- (බදු රහිත) බැගින් වන ‘උපහාර’ පැකේජ දෙකක් හඳුන්වා දෙන ලදි. විශේෂයෙන්ම අද දවසේ අතිශයින් ජනප්‍රිය විනෝදාස්වාද, අධ්‍යාපනික සහ මාර්ග සිතියම් යෙදුම් ආදිය භාවිතා කිරීමට හැකිවන ආකාරයට පුළුල් ඩේටා දීමනා මෙම පැකේජවලට ඇතුළත්කර තිබේ.
රජයේ සේවකයන්ට අමතරව දැන් පූජ්‍ය පක්ෂයට සහ ජනමාධ්‍යවේදීන්ටද මෙම පැකේජය ලබාගැනීමට අවස්ථාව හිමි වී ඇත. මේ සඳහා සුදුසුකම් ලබන පුද්ගලයන්ට තම ජාතික හැඳුනුම්පත, සේවා හැඳුනුම්පත හෝ විශ්‍රාමික හැඳුනුම්පත ඉදිරිපත්කර ‘උපහාර’ පැකේජය ලබාගත හැකි වේ.
වැඩිදුර තොරතුරු සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. නැතිනම් 1717 අමතන්න.
Елегантна и удобна алтернатива на роклята – дамски комплект в неутрални тонове
дамски комплекти https://komplekti-za-jheni.com/ .
Удобни и стилни дамски блузи, подходящи за градски живот
елегантни дамски блузи с къс ръкав https://bluzi-damski.com/ .
Подробный обзор решений для строительства деревянных домов на склоне
деревянные дома строительство деревянные дома строительство .
Уборка складов, производственных и технических помещений
клининг уборка https://www.kliningovaya-kompaniya0.ru/ .
Новые поступления шин в магазине — выбирайте первыми
интернет магазин шин и дисков https://kupit-shiny0-spb.ru .
Впечатляющая сувенирная продукция с логотипом для деловых мероприятий
сувениры с логотипом http://suvenirnaya-produktsiya-s-logotipom-1.ru/ .
Machine learning datasets designed to meet industry-level demands
python dataset http://machine-learning-dataset.com/ .