Wednesday, June 4, 2025
HomeBiz NewsZesta Tea ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ විසිපස් වසරක විශිෂ්ටත්වය සමරයි ...

Zesta Tea ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ විසිපස් වසරක විශිෂ්ටත්වය සමරයි …

සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප‍්‍රසිද්ධ සන්නාමයක් මෙන්ම මෙරට තේවලට දැඩි ලෙස ප‍්‍රිය කරන්නන් සඳහා සන්නාමගත, ගුණාත්මකභාවයෙන් ඉහළ හා අපනයනය සඳහා තේ හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකාවේ පළමු සන්නාමය වන ‘Zesta Tea’ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගුණාත්මක, රසය සහ අසමසම විශිෂ්ටත්වයේ උරුමය සිහිපත් කරමින් සිය 25 වැනි සංවත්සරය පසුගියදා සැමරුවේය. Zesta සන්නාමය මෙතෙක් පැමිණි ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම අවස්ථාව සැමරීම සඳහා පැවති සැමරුම් උත්සවය 2024 ජනවාරි 17 වන දින Zesta හි සේවකයින් සහ සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඉහළ කළමනාකාරීත්යේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

නවෝත්පාදනය හා නවීනත්වය සමඟින් ශ‍්‍රී ලාංකේය වෙළඳපොළට ගුණාත්මකභාවයෙන් ඉහල තේ සැපයීම සඳහා කීර්තියක් උසුලන Zesta 1998 දී හොඳම තේ ජාත්‍යන්තර වෙළෙඳපල සඳහා පමණක්ය යන මතයට අභියෝග කරමින් අද්විතීය මිශ‍්‍රණයක් වන 100% Broken Orange Pekoe Fannings (BOPF) පළමු වරට ශ‍්‍රී ලාංකිකයන්ට හඳුන්වා දුන්නේය. සාම්ප‍්‍රදායික ප‍්‍රවේශයන්ගෙන් මිදී එඩිතර නව උපායමාර්ගික ක‍්‍රම භාවිත කරමින් සිය පාරිභෝගිකයින්ගේ හදවතට සහ මනසට සමීප වීමට සමත් වූ Zesta ශ‍්‍රී ලාංකිකයින්ට උසස්ම තත්වයේ තේ ලබා දීමට සන්නාමයේ කැපවීම එය ආදරණීය ගෘහ නාමයක් බවට පත් කළේය.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ ‘‘විසිපස් වසරක විශිෂ්ටත්වය සමරන මේ මොහොතේදී මෙම සාර්ථකත්වයට දායක වූ සැමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි. මෙම සන්ධිස්ථානය කරා ළඟා වීමට අපට හැකි වූයේ අපගේ උද්‍යෝගිමත් කණ්ඩායම් සහ විශ්වාසවන්ත පාරිභෝගිකයින්ගේ නොමද සහයෝගයත් 1998 දී Zesta සන්නාමය හඳුන්වා දීමට පෙරමුණ ගෙන කටයුතු කළ සහ Zesta සන්නාමය ඉහළ තලයකට රැගෙන යාමට අඛණ්ඩව මග පෙන්වන විෂ් ගෝවින්දසාමි මහතාගේ අසමසම නායකත්වය නිසයි.’’ යනුවෙනි.

‘‘අඛණ්ඩ නවෝත්පාදන සහ නොසැලෙන කැපවීම තුළින් ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය වැඩිදියුණු කිරීම අපගේ අරමුණ වන නිසා Zesta හි අනාගතය සුබවාදීව වර්ධනය වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. Zesta සන්නාමයේ මීළඟ පරිච්ෙඡ්දය වෙනස් කිරීමටත් තේ සඳහා දැඩි ඇල්මක් දක්වන දේශීය සහ ජාත්‍යන්තර ජනතාවට වැඩි තෘප්තියක් ගෙන ඒමටත් අපි අපේක්ෂා කරනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Zesta සන්නාමය වසර 25ක් පුරාවට කැපී පෙනෙන ජයග‍්‍රහණ රැසක් අත්කර ගෙන ඇත. එහි ඇති BOPF හි සුවිශේෂී ගුණාත්මකභාවය ඉස්මතු කරමින් Zesta වසර ගණනාවක් පුරා ඉහළ අලෙවියක් වාර්තා කිරීමට සහ වැඩි පාරිභෝගිකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් විය. මීට අමතරව, 2016 දී, Zesta ගෝලීය Shangri-La හෝටල් ජාලය සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත් අතර 2022 වසරේදී, එහි Wellness Range සහ Zesta Red හඳුන්වා දෙමින් වෙනස් වන පාරිභෝගික රුචිකත්වයන් සපුරාලීම සඳහා එහි නිෂ්පාදන පුළුල් කළේය.

මෙම නවෝත්පාදනයන් තුළින් උසස් තත්වයේ තේ පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් ලබා ගත දීමට සන්නාමයේ ඇති කැපවීම සනාථ කරන අතර කර්මාන්ත ප‍්‍රවණතාවලට වඩා ඉදිරියෙන් සිටීමට Zesta සතු හැකියාව සහ කැපවීම ද පෙන්නුම් කරයි. Zesta සන්නාමය මීළඟ පරිච්ෙඡ්දය වෙත ගමන් කරන විට, තේ කලාව නැවත අර්ථ දැක්වීම සහ දේශීය හා ගෝලීය පාරිභෝගිකයින් සඳහා අසමසම Zesta අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..