Wednesday, June 4, 2025
HomeBiz NewsINSEE සමාගම, (UNIDO) සමඟ එක්ව PCB රසායනිකය මුසුවු විදුලි ට්‍රාන්ස්ෆෝමර්  ඔයිල් ආරක්ෂිතව...

INSEE සමාගම, (UNIDO) සමඟ එක්ව PCB රසායනිකය මුසුවු විදුලි ට්‍රාන්ස්ෆෝමර්  ඔයිල් ආරක්ෂිතව බැහැර කිරීම වෙනුවෙන් ඓතිහාසික ව්‍යාපෘතියක් දියත් කරයි..  

INSEE Ecocycle සමාගම, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB)  යන ආයතන එක්ව, පොලික්ලෝරිනෙටඩ් බයිෆීනයිල් (PCBs) රසායනිකය මුසු වු විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් ටොන් 191 ක් ආරක්ෂිතව බැහැර කිරීමට කටයුතු කර ඇත.  ලංකා විදුලිබල මණ්ඩලය සතු යල් පැන ගිය ට්‍රාන්ස්ෆෝමර්වලින් සහ රට පුරා වෙල්ඩින් කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා භාවිත වන PCB රසායනිකය මුසු වූ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් මගින්  ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි සෞඛ්‍ය සහ පාරිසරික අවදානම අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.

PCB නමැති රසායනිකය වර්ෂ 1930 සහ 1980 අතර කාල වකවානුව තුළ ලොව පුරා වාණිජමය වශයෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර ඇති අතර, විදුලි ට්‍රාන්ස්ෆෝමර්, ධාරිත්‍රක ඇතුළු බොහෝ කාර්මික යෙදවුම් සඳහා භාවිත කර ඇත.  මෙම PCB  රසායනිකය පරිසරයට සහ මිනිස් සෞඛ්‍යයට දැඩි අහිතකර  බලපෑම් ඇති කරන අතර, එමගින් පිළිකා මෙන් ම දරුවන්ගේ වර්ධනය ආශ්‍රිත දුබලතා ඇති කරයි.

“ගෝලීය සම්මුතීන්ට අනුගත වෙමින් වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාව PCB රසායනිකය භාවිතයෙන් ඉවත් වීමට අරමුණු කරන නිසා ම මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත්. අපි දීර්ඝ කාලයක් තිස්සේ, මෙම  PCB  රසායනිකය මුසු වූ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් තොගය බැහැර කිරීමට ආරක්ෂිත ක්‍රවේදයක් සොයමින් සිටියා. ශ්‍රී ලංකාව තුළ ස්ටොක්හෝම් සම්මුතිය (Stockholm Convention) ක්‍රියාත්මක කිරීම සඳහා නිර්මාණය කෙරුණු  ජාතික සැලැස්ම මගිනුත් PCB රසායනිකය මුසු වූ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල්  භාවිතයෙන් ඉවත් කිරීම සහ ආරක්ෂිත ව  බැහැර කිරීම ප්‍රමුඛතම අවශ්‍යතාවන්ගෙන් එකක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.  එම නිසා මෙම  ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා  නිවැරදි අන්තරායකර අපද්‍රව්‍ය  කළමනාකරණ පාර්ශවකරුවෙකුගේ  අවශ්‍යතාව අපට තදින් ම දැනී තිබූ අවස්ථාවක දී තමයි පරිසර අමාත්‍යාංශය විදුලි සහ වෙල්ඩින් යන ක්ෂේත්‍රවල භාවිත වන, PCB රසායනිකය මුසු වූ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් පරිසර හිතකාමී අයුරින්  කළමනාකරණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමඟ ගිවිසුම් ගත වුණේ. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය හරහා පවත්වනු ලැබූ ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම ව්‍යාපෘතියේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අපි  INSEE Ecocycle සමාගම තෝරා ගත්තා.” යනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම්
නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන INSEE Ecocycle, මෙම ව්‍යාපෘතියට අදාළ අන්තරායකර ද්‍රව්‍ය එකතු කිරීමේ සිට ප්‍රවාහනය, සුරක්ෂිතව ගබඩා කිරීම සහ ආරක්ෂිත ලෙස බැහැර කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීමේ සහ  අධීක්‍ෂණය කිරීමේ ප්‍රධාන කාර්යභාරය භාර ගත් අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් INSEE Ecocycle සමාගමේ සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, “මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොටස් කරුවෙකු වීමට ලැබීම ගැන අපි ඉතා ආඩම්බර වෙනවා.  INSEE Ecocycle සමාගම,  පරිසර අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ආයතනයක්. මීට පෙරත් සුවිශේෂී  ව්‍යාපෘති ගණනාවකට අපි අපගේ විශේෂඥ දැනුම ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය අපට ඉතා වැදගත්.” යනුවෙනි. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ව්‍යාපෘති කළමනාකාරිණී, ආචාර්ය කාමෙලා සෙන්ටානෝ මහත්මිය මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළේ මේ අයුරිණි. “මෙය ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි සෞඛ්‍ය සහ පාරිසරික අවදානම අවම කරනවා වගේ ම සංකීර්ණ පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් දියත් කරන වැඩසටහන්වල සාර්ථකත්වය සහ ශක්තිය පෙන්නුම් කරනවා.  මෙය  අනාගත පරම්පරාව වෙනුවෙන් අපගේ ලෝකය රැක ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කළ ප්‍රධානතම ව්‍යාපෘතියක් විදියට හැඳින්වීමට පුළුවන්.”  යනුවෙනි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී INSEE Ecocycle සමාගම විසින් පුද්ගලයන්ගේ සහ පරිසරයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දීමට සුවිශේෂී අවධානයක් යොමු කෙරිණි.  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර, INSEE Ecocycle සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම වෙත අපද්‍රව්‍ය කළමනාකරණය, අවදානම් තක්සේරුව සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ නිවැරදිව භාවිත කිරීම සම්බන්ධයෙන් මෙන් ම හදිසි අවස්ථාවක දී ප්‍රතිචාරදක්වීමේ ක්‍රමවේද පිළිබඳව ද දැඩි පුහුණුවක් ලබා දීමට කටයුතු කෙරිණි. ඊට අමතර ව INSEE Ecocycle විසින්, PCB රසායනිකය මුසු වූ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් හැසිරවීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් වෙත නිසි අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් පිළිබඳව පුහුණුවක් ලබා දෙන ලදී.  එමෙන් ම  අපද්‍රව්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද වාහන යොදා ගැනීම තුළින්, අවදානම   අවම කිරීමට සඳහා පියවර ගැනීමට ද කටයුතු කෙරිණි. අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සිමෙන්ති උදුන් සහ – සැකසුම් ක්‍රියාවලිය(co-processing) මගින් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා කටයුතු කරන ශ්‍රී ලංකාවේ එක ම ආයතනය  වන INSEE විසින්, මධ්‍යම පරිසර අධිකාරියේ නියාමනයන්ට  අනුකූලව පාරිසරික වශයෙන් ආරක්ෂිත අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් වන සහ – සැකසුම් ක්‍රියාවලිය(co-processing) හරහා මෙම PCB රසායනිකය මුසු වූ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් තොගයේ  කොටසක් නිසි ලෙස බැහැර කිරීමට කටයුතු කෙරිණි. මීට අමතරව, ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන තාක්‍ෂණික ක්‍රමවේද මගින් හැසිරවිය නොහැකි, අධි සාන්ද්‍රිත PCB රසායනිකය මුසු වූ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් සුළු කොටසක් සහ ඒ ආශ්‍රිත ට්‍රාන්ස්ෆෝමර් පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට බෙල්ජියමේ හවුල්කාර ආයතනය වෙත යැවීමට පියවර ගැනිණි.

“සහයෝගීතාවෙන් යුතුව කටයුතු කිරීම තුළින්, අපි PCB රසායනිකය මුසු වූ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් සහ ට්‍රාන්ස්ෆෝමර අතරින් ප්‍රධාන කොටසක් වගකීමෙන් යුතුව බැහැර කරමින්,  පාරිසරික උවදුරුවලට විසඳුම් ලබා දීමට සහ අපගේ පරිසර පද්ධතිය හා ඊට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා.” යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති කළමනාකරු ක්‍රිෂාන්ත හේමරත්න මහතා පැවසුවේය. එමෙන් ම එහි දී මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගනිමින්,  පරිසර අමාත්‍යාංශය සහ INSEE Ecocycle සමාගම කැපවීමෙන් සහ විශේෂඥභාවයෙන් ඉටු කළ කාර්යභාරය  හේමරත්න මහතා ඇගයීමට ලක් කළේය.

මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය සහ පරිසර අමාත්‍යාංශය මෙන් ම  ස්වේච්ඡා සංවිධාන ඇතුළු  පාර්ශ්වකරුවන් රැසක් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට හේතු විය.  එය තීරණාත්මක පාරිසරික අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා සහයෝගිතාවෙන් ක්‍රියා කිරීමේ ශක්තිය සඳහා   උදාහරණ සපයන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දීම හරහා පාරිසරික භාරකාරත්වය, තිරසාරභාවය සහ මහජන සෞඛ්‍යය යන අංශ කෙරෙහි  සියලු ම පාර්ශවකරුවන්ගේ කැපවීම අවධාරණය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..