Friday, June 6, 2025
HomeBiz NewsAtlas සතුටින් ඉගෙන ගනිමින් ‘නතර නොවී ලොව දිනන්න’ පාසල් දරුවන්ට මඟ...

Atlas සතුටින් ඉගෙන ගනිමින් ‘නතර නොවී ලොව දිනන්න’ පාසල් දරුවන්ට මඟ පෙන්වයි..

දශක 6කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ සිහින යථාර්ථයක් කර ගැනීම උදෙසා  මඟ හසර කියා දෙන Atlas, ඔවුන්ට වඩා හොඳ අනාගතයක් උදා කර දීමට කැපවන සන්නාමයකි. සතුටින් ඉගෙන ගනිමින් තමන්ගේ සිහින ළඟා කර ගැනීමට අවශ්‍ය යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට කැපවන Atlas ව්‍යාපාරකරණයෙන් එහා ගිය සමාජීය මෙහෙවර තුළින් පරිපූර්ණ දරු පරපුරක් බිහි කිරීමට නිරන්තරයෙන් උත්සාහ දරන්නේ හෙට දවසේ රට භාරගන්නා විශිෂ්ටයින් බිහි කිරීමේ අරමුණ පෙර දැරිකර ගනිමිනි.

දරුවන් ප්‍රිය කරන අධ්‍යාපන ක්‍රමවේදයක් හරහා සතුටින් ඉගෙන ගැනීමේ මහඟු අවස්ථාව ඔවුන්ට උදා කර දීම Atlas හි ප්‍රමුඛ බලාපොරොත්තුවයි. ඒ වෙනුවෙන් දරුවන් සමඟ මෙන්ම ගුරුවරුන් හා දෙමව්පියන් සමඟත් එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද Atlas මනාව අවබෝධ කොට ගෙන ඇත. විශේෂයෙන් සිසු දරුවන්, ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් යන පාර්ශ්වයන් තුනම පාදක කොට ගනිමින් දියත් කරනු ලබන සමාජීය මෙහෙවර තුළින් දරුවන්ගේ අධ්‍යාපනයේ සමාන අයිතිය තහවුරු කිරීමත්, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමත් මෙන්ම සියලු පාර්ශවයන්ගේ මානසික යහ පැවැත්ම උදෙසා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමත් වෙනුවෙන් Atlas කටයුතු කරනු ලබන්නේ එහෙයිනි.

වත්මන් ආර්ථික රටාව තුළ දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන්ට දැරීමට සිදු වන වියදම් සුලු පටු නැත. ඒ නිසාම අධ්‍යාපනයේ කෙතරම් දක්ෂකම් පැවතියද ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය අතරමඟ නවතා දමන්නට දරුවන් කටයුතු කරන අවස්ථා බොහෝය. දෙමව්පියන්ගේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අතර මඟ නතර නොකරමින් ‘නතර නොවී ලොව දිනන්න’ දරුවන්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා Atlas විසින් සිප්සවි ආරම්භ කරන ලදී. ආර්ථික දුෂ්කරතා හා අපහසුතාවයන් හමුවේ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට අපහසු දරුවන්ට අවශ්‍ය මූල්‍ය ශිෂ්‍යත්ව ලබා දීමත්, අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමත් මෙන්ම පාසල් යටිතල පහසුකම් (Infrastructure) වැඩි දියුණු කරමින් යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමත් වෙනුවෙන් ක්‍රියාත්මක Atlas සිප්සවි වැඩසටහන තුළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 250කට වසර 5ක් දක්වා පූර්ණ කාලීන මූල්‍යමය ආධාර ලබා දීමට නියමිතය. එසේම Atlas සිප්සවි රිදී විහාරය වැඩසටහන, Light a future වැනි ව්‍යාපෘති හරහා 50,000ට අධික දරුවන් පිරිසක් වෙත අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන පාසල් උපකරණ ලබා දීම තුළින් ඔවුන්ට සතුටින් ඉගෙන ගැනීමේ අවස්ථාව උදා කර දීමට පසුගිය වසරේදී Atlas සමත් විය.

දරුවන් සහ ගුරු මව්වරුන් හා පියවරුන් අතර මනා සබඳතාවක් ගොඩනඟමින් අධ්‍යාපනයෙන් මෙන්ම ගුණ ධර්මයන්ගෙන් පිරිපුන් දරුවකු නිර්මාණය කිරීමට Atlas ගුරු-ගරු තුළින් බලාපොරොත්තු වේ. එහිදී දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන්ට වෙත ක්‍රියාකාරකම් මත පදනම් කරගත් අධ්‍යාපනයෙහි වැදගත්කම පෙන්වා දීමට කටයුතු කර ඇති Atlas ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ හැකියාව ඔවුන් වෙත ලබා දීමටද කටයුතු කර ඇත. ඒ සඳහා ගුරුවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් සළසාලමින්,ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් පරිපූර්ණ දරුවකු නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස සිය සමාජීය වගකීම ඉටු කිරීමට Atlas කැපවී කටයුතු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Atlas Axillia හි කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා “අධ්‍යාපනය ලැබීම පාසල් වයසේ පසුවන සෑම දරුවකුගේම අයිතිවාසිකමක් බව අප හොඳින් දන්නා කරුණක්. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පැවතියද වසරකට 25,000කට ආසන්න දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපනය අතරමඟ නවතා දමනවා. එම නිසා ඒ සෑම දරුවකුටම එම අවස්ථාව සපුරා ගැනීම සඳහා පහසුකම් සැලසීම අප සියලු දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස අප දකිනවා. ්එක්ි සිප්සවි, Atlas ගුරු-ගරු, Light a future සහ Atlas Learn වැනි සියලුම සමාජීය මෙහෙවරයන් තුළින් සෑම දරුවකුටම සතුටින් ඉගෙන ගන්න අවශ්‍ය ඉගෙනුම් පරිසරය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

විෂයය සමගාමී කටයුතු සඳහා මෙන්ම පාසල් අධ්‍යාපන ක්‍රමවේදයෙන් බැහැරව යමින් දරුවන්ගේ ජීවිත සඳහා ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම සඳහා විෂයය බාහිර අධ්‍යාපන වැඩසටහන් වෙනුවෙන්ද සිය දායකත්වය දැක්වීමට Atlas කටයුතු කර ඇත. එහිදී විවිධ ක්‍රියාකාරකම් මෙන්ම නිර්මාණශීලීත්වය දරුවන්ගේ දක්ෂතා ඔප් නැංවීමේ කාර්ය භාරය Atlas Learn වැඩසටහන තුළින් ක්‍රියාත්මක කරනු ලබයි. දරුවන් හට නිරවුල් මානසිකත්වයකින් යුතුව අධ්‍යාපනය ලැබීමටද එම වැඩසටහන් හේතු වනු ඇති අතර එය ගුරුවරුන්ට මෙන්ම දෙමව්පියන්ටද අස්වැසිල්ලක් වනු ඇත. දරුවන්, ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්ද අධ්‍යාපනයේ සුවිශේෂී කොටසකි. ඔවුන්ගේ බලපෑම දරුවන්ගේ අධ්‍යාපනයේ දිශානතිය තීරණය කරන්නක් බව මනාව හඳුනාගෙන ඇති Atlas, දරුවන්ගේ සිහින යථාර්තයක් බවට පත් කිරීම උදෙසා මව්පියන් දැනුවත් කිරීමටද කටයුතු කර ඇත්තේ ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරමිනි. දෙමව්පියන් දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව හා සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය, ළමා ආරක්ෂාව වැනි ඉතා සංවේදී හා වැදගත් කරුණු පිළිබඳ දෙමාපිය දැනුවත්භාවය ඉහළ නැංවීමටද  මේ හරහා Atlas බලාපොරොත්තු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..