Friday, June 6, 2025
HomeBiz NewsMatercard ගෙනෙන Colombo Fashion Week 2024 ..

Matercard ගෙනෙන Colombo Fashion Week 2024 ..

21 වන වරටත් පැවැත්වෙන Colombo Fashion Week (CFW) 2024 මාර්තු මස 6 දින සිට 9 දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම වසරේදී නරඹන්නන්ට සුවිශේෂී අත්දැකීමක් තිළිණ කරමින් එය කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ හෝටල් 3 කදී පැවැත්වෙනු ඇත.

2003 වසරේ සිටම Colombo Fashion Week වැඩසටහන මෙරට ඇඟලුම් හා විලාසිතා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකර තිබේ. විලාසිතා නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙකුගේ එකමුතුවක් ලෙසින් ආරම්භ වූ මෙම වැඩසටහන පසුකාලීනව තිරසාරත්වය ඔස්සේ තරුණ නිර්මාණකරුවන් බලගන්වන සුවිශේෂී මෙහෙවරක් බවට විකාශනය විය. අද දවසේ ශ්‍රී ලාංකික විලාසිතා නිර්මාණ ශිල්පීන් හා ශිල්පිනියන් අතරින් 80% ක්ම Colombo Fashion Week වැඩසටහන තුළින් බිහි වූවෝ වෙති.

කළමනාකාර අධ්‍යක්ෂ අජේ වීර් සිං මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ තිරසාරත්වයට මුල්තැන දෙමින් Ethical Fashion Day, Responsible Fashion Summit සහ Responsible Meter වැනි වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට Colombo Fashion Week සමත් වී ඇත. මේ නිසා ආචාරධාර්මික විලාසිතා නිර්මාණ කලාව සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් දිනාගනිමින් මෙරට පමණක් නොව යුරෝපයෙන්, ඕස්ට්‍රේලියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පවා සුප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පීන් ආකර්ෂණය කරගැනීමට එයට හැකි වී තිබේ. මෙය මෙරට නවක විලාසිතා නිර්මාණ ශිල්පීන්ට ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණ ශිල්පීන් සමග එක්ව කටයුතු කිරීමටත්, දැනුම හුවමාරු කරගැනීමටත් ලැබෙන මහඟු අවස්ථාවකි.

මෙරට විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය පිළිබිඹු කරන අතරම කොළඹ නගරය ලොව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම මෙවර Colombo Fashion Week වැඩසටහනේ ප්‍රධානතම අරමුණක් වී තිබේ. මේ නිසාම, කොළඹ නගරයේ ආකර්ෂණීය ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මෙවර වැඩසටහන පැවැත්වීමට සංවිධායකවරුන් සැලසුම් කර ඇති අතර, මෙය Colombo Fashion Week වැඩසටහනට සහභාගී වන කාටත් සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

මෙවර වැඩසටහනට ඉතාලිය, එංගලන්තය, පාකිස්ථානය සහ ඉන්දියාව ඇතුළු රටවල් නියෝජනය කරමින් Samant Chauhan, Payal Pratap, Alessandra Lorusso, Manoviraj Khosla, Afsana Ferdousi සහ Charlotte Allen ඇතුළු ප්‍රමුඛ පෙළේ නිර්මාණ ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් සහභාගී වෙති. එමෙන්ම අසංක ද මෙල්, දර්ශි කීර්තිසේන, සනාලි ධර්මවර්ධන, අමිලානි පෙරේරා, අස්ලාම් හුසේන්, කමිල් හේවාවිතාරණ, දිනුෂි පමුණුව, අයේෂ් වික්‍රමරත්න සහ චරිනි සූරියගේ ඇතුළු ප්‍රවීණ ශ්‍රී ලාංකික විලාසිතා නිර්මාණ ශිල්පීන් හා ශිල්පිනියන් මෙන්ම නවක ශිල්පීන් හා ශිල්පිනියන් 10 දෙනෙකුට අධික පිරිසක්ද ඊට සහභාගී වීමට නියමිත ය.

“Colombo Fashion Week වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ 21 වැනි වරටයි. මෙහිදී කොළඹ නගරය සංචාරකයන්ට ආකර්ෂණීය ගමනාන්තයක් බව මෙන්ම නිර්මාණකරණ ක්ෂේත්‍රයන් සම්බන්ධ කේන්ද්‍රයක් බව පෙන්වා දීමට අප බලාපොරොත්තු වනවා. කලාපය තුළ ශ්‍රී ලංකාවේ විශේෂත්වය ලොවට පෙන්වා දීමට අපට අවශ්‍යයි. නව ආකෘතිය යටතේ ගාලු පාරේ ස්ථාන කිහිපයකදී Colombo Fashion Week පැවැත්වීමට අප කටයුතු යොදා තිබෙනවා.” කළමනාකාර අධ්‍යක්ෂ අජේ වීර් සිං මහතා පැවසී ය.

ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන Mastercard මෙවරත්  Colombo Fashion Week වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. 2025 වසර වනවිට තිරසාරත්වය ඩිජිටල්කරණය කරමින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීමට Mastercard දරන උත්සාහය Colombo Fashion Week හි දැක්ම සමග මැනැවින් සමගාමී වේ.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, ටාජ් සමුද්‍රා හෝටලය සහ ගාලු මුවදොර හෝටලය යන හෝටල් Colombo Fashion Week වැඩසටහනට සත්කාරක දායකත්වය ලබාදෙනු ඇත. Chupa Chups by Perfetti එහි ජීවන රටා රසකැවිලි සන්නාමය ලෙස දායක වන අතර ආයෝජන හා ධන කළමනාකරණ හවුල්කරු ලෙස NDB Wealth Management කටයුතු කරයි.

දේපළ සහ මූල්‍ය ආයෝජන සේවා එකතුවක් පිරිනමන Juniper Group ද මෙවරත් Colombo Fashion Week සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ඇස් කන්නාඩි සහකරු ලෙස Vision Care සමාගමත්, හිසකෙස් සත්කාර සහකරු ලෙස Tresamme සමාගමත් කටයුතු කරයි.

හිස්කෙස් සහ අංග රචන සහකරු ලෙස කටයුතු කරන්නේ, ආරම්භයේ සිටම Colombo Fashion Week සමග එක්ව කටයුතු කළ රමණි ප්‍රනාන්දු ය. Hameedia ද සුපුරුදු පරිදි මෙවරත් Colombo Fashion Week සමග අත්වැල් බැඳගෙන සිටී.

මීට අමතරව Colombo Fashion Week සාර්ථක කරගැනීමට තම දායකත්වය ලබාදීම සඳහා විජය පුවත්පත් සමාගම, Hardtalk සහ Emerging Media යන සමාගම්ද එක් වී සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..