Friday, June 20, 2025
HomeBiz Newsබේබි ෂෙරමි, ශ්‍රී ලංකා  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා  එක්ව නිර්මාණය...

බේබි ෂෙරමි, ශ්‍රී ලංකා  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා  එක්ව නිර්මාණය කල පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක් කෘතිය හදුන්වා දීම…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමි කරගත් ළදරු සන්නාමය වන බේබි ෂෙරමි දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටියි. මෙම අඛණ්ඩ  මෙහෙවරෙහි තවත් එක් පියවරක් ඔස්සේ ඉදිරියට යමින් ශ්‍රී ලංකා  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා බේබි ෂෙරමි එක්ව අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ලොවක් තැනීම වෙනුවෙන්  ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ ඇති මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවනාගාරයේ දී පැවත්විය. බේබි ෂෙරමි සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව නිවෙස් තුළ දී දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව එළි දැක් වූ  මාර්ගෝපදේශ කෘතිය ඔවුනට හඳුන්වා දීම එහි දී සිදු විය.

දරුවන්ට  සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා හොඳම පිළිවෙත් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම සහ නිවස තුළ දරුවාට ආරක්ෂාකාරී ළමා මිතුරු පරිසරයක් නිර්මාණය කිරීම තුළින් දරුවන් අනතුරුවලින් වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් “පුංචි පැටියාට සුරක්ෂිතම නිවහනක්” යන මාපිය මාර්ගෝපදේශ කෘතිය ළමා රෝග පිළිබඳව මහාචාර්ය මනෝරි ගමගේ සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කල්‍යාණි ගුරුගේ විසින් රචනා කර ඇත. ජාතික ළමා ලේකම් කාර්යාලය – කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ අනුමැතිය ද හිමි මෙම කෘතිය, ළමා මනසට ගැළපෙන සිත් ඇදගන්නා භාෂාවකින් රචනා කර ඇති අතර  ඉතා වැදගත් කරුණු රැසක් මෙන්ම කවි සහ චිත්‍ර ආදී රසවත් බොහෝ දේ අන්තර්ගත වේ. ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ සදහා සම්පත් දායකයින් ලෙස එක් වූ අතර දරුවන්ට නිවසේ දී ඇති විය හැකි අනතුරු වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද නිළධාරීන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ දී සිදු කෙරිණ.

ශ්‍රී ලංකා ප්‍රජා  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ  ප්‍රජා වෛද්‍ය විශේෂඥ  වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම පුහුණු වැඩසටහනෙහි පළමු අදියර මෙහෙයවමින් ‘ළමා අනතුරු යනු මොනවාද?, ශ්‍රී ලංකාවේ ළමා අනතුරුවල ව්‍යාප්තිය කෙසේ ද?, විවිධ ළමා අනතුරු හා ඒවා ඇති වන්නේ ඇයි?, ළමා අනතුරුවල අවදානම් සාධකයන් සහ ළමා අනතුරු වළක්වා ගැනීම’ පිලිබඳ සිය දැනුම හා වෘත්තීය අත්දැකීම් ඔස්සේ සංවර්ධන නිලධාරීන් දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නියෝජනය කරමින් මහාචාර්ය රුවන්ති පෙරේරා වෛද්‍යතුමිය මෙම වැඩසටහනෙහි දෙවන අදියර මෙහෙයවමින් නිවසේ දී සිදු වන ළමා අනතුරු නිසා වයස අවුරුදු 15ට අඩු දරුවන්ගෙන් 12,931ක ප්‍රමාණයක් රජයේ රෝහල්වලට ඇතුලත් වන බවත්, ඉන් 3.9%ක මරණ ප්‍රතිශතයක් වාර්තා වන බවත් දැක්වීය. නිවස, පාසල ඇතුළු සියලු ස්ථානයන් හි, දරුවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත් බව පිළිබඳව සියලුම පාර්ශවකරුවන් දැනුවත් කරන ලෙසත් මුල් ළමාවිය සංවර්ධන නිළධාරීන් දැනුවත් කළාය.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සපයමින් රුවන්ති පෙරේරා වෛද්‍යතුමිය,”නිවසේ දී සිදු වන අනතුරුවල දී දෙමව්පියන් ඉන් කලබලයට පත් නොවී නිසි ප්‍රථමාධාර ලබා දීමත්, අනතුරෙහි තත්වය හොඳින් හඳුනා ගෙන අවශ්‍ය අවස්ථාවල දී ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීමත් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තක්. දරුවා ඇද වැටීම වැළැක්වීමට ආරක්ෂිත ක්‍රමෝපායන් ‍යොදා දරුවා වෙත අවදානයෙන් සිටීම මව්පිය වැඩිහිටියන්ගේ වගකීමක්. දරුවාට වතුර පෙවිය හැකි වතුර පිරුණු භාජන දරුවාට හසු නොවන සේ තැබීම හෝ ඉවත් කිරීම කළ යුත්තක්. අනාරක්ෂිත විදුලි පේනු පිළිසකර කිරීම හා විදුලි භාණ්ඩ දරුවාට හසු නොවන සේ තැබීමෙන් විදුලි සැර වැදීමෙන් දරුවාට වන අනතුරු වළක්වයි. පිළිස්සීම්වලට ලක් විය හැකි ගෑස් හා  ගින්දර, උණුසුම් ආහාර පාන, වැඩිහිටියන්ගේ බෙහෙත් හා ළදරුවාගේ ප්‍රථමාධාර, සෙල්ලම් බඩු, බිදෙන සුළු හා දරුවාට තුවාල විය හැකි පිඟන්, කෝප්ප, ඖෂධ, භූමිතෙල්, රසායන ද්‍රව්‍ය, පොහොර ආදිය ප්‍රවේසම්ව දරුවාට ළඟා විය නොහැකි සේ නිසි පරිදි  අසුරා තැබිය යුතුය. සතුන්ගේ සපා කෑම්, විෂ ශරීරගත වීම්, විවිධ ද්‍රව්‍ය උගුරේ සිරවීම,නිවසේ ගෘහ භාණ්ඩ හා බර උපකරණ ඇඟ මත වැටීම යනා දී වළක්වා ගත හැකි බොහෝ අනතුරු වළක්වා ගැනීමට මව්පියන්, වැඩිහිටියන් නිසි අවධානය හා දැඩි අධීක්ෂණය යොමු කළ යුතුයි.  එසේම දොර හා ජනෙල් රෙදිවල එල්ලී සෙල්ලම් කරන දරුවන්ගේ ගෙල ඉන් සිරවීමටත්, පොලිතීන්, ප්ලාස්ටික් බෑග් වැනි දෙයින් මුහුණ ආවරණය වී ශ්වසන අපහසුතා ඇති වීමටත්  ඉඩකඩ පවතින බැවින් ඒවා නිසි ලෙස අසුරා තැබිය යුතුයි.” යනුවෙන් දෙමාපියන්ගේ නිරන්තර අවධානය යොමු විය යුතු අංශ පිළිබඳ පෙන්වා දුන්නාය.

අනාගත පරපුර වෙත සුරක්ෂිත අනාගතයක් තහවුරු කිරීමේ උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ප්‍රමුඛත්වය ගෙන සිය වගකීම නොපිරිහෙලා ඉටු කරන සන්නාමයක් ලෙස බේබි ෂෙරමි හැදින්විය හැකියි. ශ්‍රී  ලංකාවේ නිවෙස්වල සිදු වන ළමා අනතුරු වළක්වා ගනිමින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන්ට අධ්‍යාපනය ලබා දීමේ කර්තව්‍ය සඳහා බේබි ෂෙරමි විශේෂඥ‍යන්ගේ සහය ද ලබා ගනියි. මේ අතරින්  ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය සහ  මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය  වැනි රාජ්‍ය ආයතන සමඟින් ද බේබි ෂෙරමි අත්වැල් බැඳ ගනියි. වසර ගණනාවක් පුරා බේබි ෂෙරමි විසින් දැයේ දරුවන්ගේ සුරක්ෂිතතාව ඉහළ නැංවීම  වෙනුවෙන් කළ ඇති සේවය අනගිභවනීයය.

බේබි ෂෙරමි විසින් සිදු කළ වැඩසටහන් අතර,  දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන්, ගැබිනි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, තොරතුරු සහිත මාපිය මාර්ගෝපදේශ පොත් බෙදා හැරීම, ඩිජිටල් මාධ්‍ය වේදිකා ඔස්සේ අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර වැඩසටහන් විශේෂඥවරුන්ගේ දායකත්වයෙන් දියත් කිරිම කැපී පෙනෙයි. මෙවන් වැඩසහන් ඔස්සේ  බේබි ෂෙරමි විසින් දරුවන් අනතුරුවලින් ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය දැනුමෙන් දෙමාපියන් ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සවිබල ගන්වමින්  ළමා ආරක්ෂණය පිළිබඳව දැනුවත්භාවය සහතික කරන්නේ ළදරුවන්ට සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ උතුම් පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි.

අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීමට දෙමව්පියන් හා වැඩිහිටියන් සාර්ථකව සවිබල ගැන්වීම සඳහා දැනුම හා අත්දැකීම් බෙදා ගනිමින්, බේබි ෂෙරමි දරු පැටියාට සුරක්ෂිත ලොවක් වැඩසටහන්  ඉදිරියටත් මෙහෙයවනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

derevyannye_doma_hsMi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
karkasnye_doma_zjkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizing_kommercheskogo_transporta_kxer on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
krediti v Kirgizstane_yyoi on Prima KottuMee re-launch…..
karkasnyy_dom_heei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
klining_moskva_lxsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
elektrokarniz_odKl on Prima KottuMee re-launch…..
elektrokarniz_uxKl on Prima KottuMee re-launch…..
jhlmoto_sgei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
proekt pereplanirovki kvartiri_gbot on Prima KottuMee re-launch…..
proekt pereplanirovki kvartiri_bhot on Prima KottuMee re-launch…..
elektrokarniz_ugpr on Prima KottuMee re-launch…..
elektrokarniz_bbpr on Prima KottuMee re-launch…..
elektrokarniz_zbot on Prima KottuMee re-launch…..
elektrokarniz_wqPr on Prima KottuMee re-launch…..
elektrokarniz_zhot on Prima KottuMee re-launch…..
elektrokarniz_rePr on Prima KottuMee re-launch…..
elektrokarniz_qjpl on Prima KottuMee re-launch…..
elektrokarniz_dqpl on Prima KottuMee re-launch…..
bokaly_dlya_vina_uyor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_qpPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka_alkogolya_uvMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..