Wednesday, June 4, 2025
HomeBiz NewsLifebuoy Shampoo, ශ්‍රී ලාංකේය දිරිය කතුන් අභිසෙස් ගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි...

Lifebuoy Shampoo, ශ්‍රී ලාංකේය දිරිය කතුන් අභිසෙස් ගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි ..

මාර්තු 08 වන දිනට යෙදුණු ජාත්යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට කාන්තා පරපුරෙහි අභිමානය වෙනුවෙන් ඓතිහාසික පියවරක් තැබීමට Lifebuoy Shampoo කටයුතු කරනු ලැබීය. ජාත්යන්තර කාන්තා දිනයේදී කොළඹ ලෝක වෙළෙඳ මධ්යස්ථානය සහ නිදහස් චතුරස් පරිශ්රය මූලික කොට ගනිමින් මෙම සුවිසල් වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරනු ලැබුවේ මෙරට ඉතිහාසය තුළ විශිෂ්ටත්වයට පත් කාන්තා චරිත ශ්රී ලාංකික සිත් සතන් තුළ ජීවමාන කරවමිනි. මාර්තු 8 වැනි දින ආරම්භ කළ මෙම වැඩසටහන කොළඹ දියත උයන, කොටුව දුම්රිය පොළ සහ හැව්ලොක් සිටි යන ප්රධාන ස්ථාන කිහිපයකදී මාර්තු 11 වැනි දින දක්වා දැක බලා ගැනීමේ හා අදහස් එක් කිරීමේ අවස්ථාව ශ්රී ලාංකිකයින්ට හිමි වනු ඇත.

සිය zinspire inclusionZ ගෝලීය තේමාව අනුව යමින් කාන්තාවන් වෙත බුහුමන් දැක්වීම වෙනුවෙන් මෙරට ඉතිහාසය තුළ විවිධ අංශ ඔස්සේ විශිෂ්ටත්වයක් සනිටුහන් කළ කාන්තා චරිත ප්රතිමාවට නැඟීමේ දැවැන්ත මෙහෙවරක් මේ සමඟ ආරම්භ කිරීමට Lifebuoy Shampoo පියවර ගනු ලැබීය. විශේෂයෙන් ඉතිහාසය තුළ විශිෂ්ට කාන්තා චරිත ප්රතිමා ලෙස දක්නට නොලැබීමේ අඩුපාඩුව මනාව වටහා ගත් Lifebuoy Shampoo වෙනුවෙන් නිර්භීත ඉදිරි පියවරක් තැබීමට කටයුතු කරනු ලැබුවේ දැයේ සියලු කාන්තාවන් වෙත අභිමානයක් එක් කරමිනි.

මෙහිදී අදහස් දැක්වූ Lifebuoy Shampoo හි සන්නාම කළමනාකාර ටේරශාන් සොයිසා මහතා සඳහන් කර සිටියේකොළඹ ලෝක වෙළෙඳ මධ්යස්ථානයේදී හා නිදහස් චතුරශ්රයේදී දියත් කළ මෙම සුවිශේෂී අවස්ථාවේ අරමුණ වන්නේ කාන්තාව සවිබල ගැන්වීම වෙනුවෙන් වන Lifebuoy හි කැපවීම තුළින් ශ්රී ලාංකේය කාන්තාවන් වෙත සදාකාලික ගෞරවයක් අත්කර දීමයිඑහි ප්රතිඵලයක් ලෙස විවිධ ක්ෂේත්රයන් තුළින් සමාජයට හරවත් සේවාවක් ඉටු කළ ශ්රී ලාංකේය ඉතිහාසයේ විශිෂ්ට කාන්තා චරිත ගෞරවයට ලක් කිරීම වෙනුවෙන් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට Lifebuoy Shampoo කටයුතු කළා. මෙම වැඩසටහනෙහි සමාරම්භයේදී QR කේතය ස්කෑන් කිරීම තුළින් එම චරිතයන් ප්රතිමාවට ලක් වන ආකාරය සියැසින් දැක ගැනීමේ අවස්ථාව මහජනතාවට උදාකර දී දීමට අපි කටයුතු කළා. මෙම විශිෂ්ට චරිතයන් යළි ජීවමාන කිරීම සඳහා ප්රතිඥා ලබා දෙමින් මෙම සමාජ ව්යාපාරයට සහයෝගය ලබා දෙන ලෙස සියලු දෙනාට ආරාධනා කර සිටින අතර ඔබ ලබා දෙන සෑම ප්රතිඥාවක් වෙනුවෙන්ම රු.5 මුදලක් ප්රතිමා නිර්මාණය සඳහා  කරන බවත් සඳහන් කළ යුතුයිඑසේම මෙම වැඩසටහන විශිෂ්ට කාන්තා චරිත සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කිරීමට මෙන්ම ඔවුන්ව ආදර්ශයට ගැනීමට තරුණ කාන්තාවන් තුළ අදහසක් ඇති කිරීමට ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.

මෙහි වැදගත්කම පිළිබඳව පෙන්වා දෙමින් අදහස් දැක්වූ යුනිලිවර් ශ්රී ලංකාහි Beauty, Wellbeing, and Personal Care පිළිබඳ අලෙවි අධ්යක්ෂිකා ශමාරා සිල්වා මහත්මියනිරන්තරයෙන් ශක්තිමත් ගැහැණු දරුවකු නිර්මාණය කරමින් හෙට දවසේ විශිෂ්ට කාන්තා නායිකාවන් බිහි කිරීම සඳහා වන Lifebuoy Shampoo හි මෙහෙවර යළි යළිත් ප්රදර්ශනය කරනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන ශ්රී ලාංකේය කාන්තාවන්ට තවත් සුවිශේෂී වටිනාකමක් එක් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. විශේෂයෙන් විවිධ අංශයන් තුළ කැප වෙමින්, ඉතිහාසය තුළ අමිල සේවාවක් ඉටු කරමින් විශිෂ්ටත්වයට පත් දිරිය ශ්රී ලාංකේය කාන්තාවන් අපගේ අනාගත කාන්තා පරපුරට ඉමහත් ආදර්ශයක් සපයනු ලබන අතර වත්මන් කාන්තා පරපුර දිරි ගන්වමින්, ඔවුන්ගේ අභිමානය වෙනුවෙන් අතීත ප්රෞඩත්වය යළි ප්රදර්ශනය කිරීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..