Friday, June 6, 2025
HomeBiz NewsSLIIT දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික නිම්වළලු පුළුල් කරමින් අතිවිශිෂ්ට වූ නවීනතම ‘Learning...

SLIIT දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික නිම්වළලු පුළුල් කරමින් අතිවිශිෂ්ට වූ නවීනතම ‘Learning Commons’ විසල් පුස්තකාලය විවෘත්ත කරයි ..

දැනුම, සම්පත් සහ නවීන අවකාශයන් එක් කරමින්, සිසුන් සඳහා ශාස්ත්‍රීය ඉගෙනුම් අත්දැකීම නැවත අර්ථ දැක්වීමේ අරමුණ ඇතිව, SLIIT විසින් සිය නවීනතම සුවිසල් ‘Library Learning Commons’ (LLC) පුස්තකාලය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මෙම නවීන පහසුකම් සහිත පුස්තකාල අවකාශය SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර  උපකුලපති, මහාචාර්ය නිමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සහකාර උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන් හා අංශ ප්‍රධානීන්ද සහභාගී විය.

පර්යේෂණ, සාමූහිකත්වය සහ අධ්‍යයන කටයුතු සඳහා ලැබෙන සහාය පිළිබඳව අවධානය යොමු කරමින් නවීනත්වය, තාක්‍ෂණය මත පදනම් වූ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර දීම LLC හි අරමුණ වේ. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පවල මූලික හරයන්ගෙන් ඔබ්බට යමින්, Library Learning Commons සිසුන්ට නවීන පහසුකම්වලින් විශාල වටිනාකමක් ලබා දෙයි. මහල් තුනකින් යුත් මෙම පුස්තකාල ගොඩනැගිල්ල 1000 ක පරිශීලකයින් පිරිසක් ඉලක්ක කර සේවා සපයමින්, පොදු අධ්‍යයන කටයුතු සඳහා වන සම්පත් ප්‍රවේශයන්ගෙන් එහා ගිය සහයෝගී ඉගෙනුම් රටාවන් කෙරෙහි අවධානය යොමු කරයි.

මේ තුළ කණ්ඩායම් ක්‍රියාකාරකම්, සමාන වූ ඉගෙනීම් අවස්ථා, ප්‍රායෝගික පුහුණුව මෙන්ම සාකච්ඡා කුටි, සාමූහික සහයෝගීතා අවකාශයන්, පර්යේෂණ ඇතුළු ස්වයං අධ්‍යයන කටයුතු සඳහා නවීන පහසුකම් වලින් නිර්මාණය කර ඇති බහුකාර්ය අවකාශයන්ගෙන් සමන්විතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLIIT හි ජ්‍යෙෂ්ඨ පුස්තකාලාධිපතිනි පුෂ්පමාලා පෙරේරා මෙසේ පැවසුවාය. ‘‘SLIIT හි LLC මේ වන විට ස්වාධීනව අධ්‍යයන කටයුතුවල නිරතවන්නන් සඳහා පහසුකම් සපයනවා. අපි සුවිසල් භෞතික හා ඩිජිටල් දැනුම්  සම්පත් තුළට අවතීර්ණ වීමට අමතරව, දක්ෂතා වර්ධනය කිරීමට, නිර්මාණශීලීත්වයට හා පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සලසා දෙනවා.’’

මේ තුළ පවතින නවීනත්වය මුසු කරමින් නිර්මාණය කර ඇති ‘Makerspace’ ප්‍රදේශය සුවිශේෂී වූ පහසුකම් සලසා දෙනු ලබයි. එහි මානසික වෙහෙසකාරීභාවය තුරන් කිරීම සඳහා ඉදිවූ පරිසරයක්, සිසුන්ගේ මානසික ඒකාග්‍රතාවය ඉහළ නංවාලීම සඳහා සුවිශේෂී වූ නිර්මාණාත්මක ක්‍රීඩා ප්‍රවේශයක්, සිසුන්ගේ චිත්‍රණ හැකියාව ප්‍රගුණ කිරීම, ස්කැබල් හෝ චෙස් ක්‍රීඩා, ගණිතමය ක්‍රීඩා ඇතුළු විවේකිව අනෙක් සිසුන් සමග Lego භාවිතයෙන් රොබෝ නිර්මාණ සැදීමට සිසුන්ට අවකාශය හිමිවේ.

මීට අමතරව මෙය, ගෝලීය ඩිජිටල් පුස්තකාල, සඟරා, ඩිජිටල් ආකෘති සහිත eBooks, විෂය මූලික සඟරා සහ පර්යේෂණ මාර්ගෝපදේශ සහ පුවත්පත් ඇතුළු දියුණු යටිතල පහසුකම් වෙත ප්‍රවේශයන් ලබා දෙයි.

“පෞද්ගලික සහාය, විද්‍යුත් අධ්‍යයන මෙවලම් සහ ගෝලීය තොරතුරු ප්‍රවේශය සහිතව, කර්මාන්ත අවශ්‍යතාවයන්ට අනුව තෝරාගත් අධ්‍යයන කටයුතුවල නිරත වීමට LLC සිසුන්ට ශක්තිය ලබා දෙන බව’’ වැඩිදුරටත් අදහස් දක්වමින් පෙරේරා මහත්මිය පැවසුවාය.

දැනුම පිළිබඳ කුතුහලය සහ ශාස්ත්‍රීය වර්ධනය පිළිබඳ ශක්තිමත් සංස්කෘතියක් පෝෂණය කරමින්, ගැඹුරු ගවේෂණ සහ සාමූහික අධ්‍යයන සඳහා සුවිශේෂීව  නිර්මාණය කර ඇති පර්යේෂණ සහ අති නවීන කණ්ඩායම් සාකච්ඡා කාමර මෙම පහසුකම් තුළට ඇතුළත් වේ. එහි තිර (Screens), ප්ලග් පොයින්ට් (Plug Points), වයිට්බෝඩ් (Whiteboards) ඇතුළු නවීන පහසුකම්වලින් සමන්විත වේ. සුවපහසු සම්මන්ත්‍රණ ශාලාව විද්වතුන්ට සිය රැස්වීම් සහ විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා පහසුකම් සලසා දෙනු ලබයි. IEEE, Emerald, ProQuest, සහ Elsevier වැනි විද්වත් දත්ත සමුදායන්ට අමතරව Wiley, Pearson වැනි ප්‍රකට ප්‍රකාශකයන්ගේ විද්‍යුත් ග්‍රන්ථ ද මෙහිදී ලබා ගත හැකිය. LLC විසින් ඇමරිකානු යාන්ත්‍රික ඉංජිනේරු දත්ත සංගමය (American Society of Mechanical Engineering data – ASM) සහ ඇමරිකානු සිවිල් ඉංජිනේරු දත්ත සමුදාය (American Society of Civil Engineering Database) ඇතුළු විශේෂිත දත්ත සමුදායන් ද මෙම පුස්තකාලය සඳහා පිරිනමා තිබීම විශේෂත්වයකි.

තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එම ගොඩනැගිල්ලේ මුදුනත පියස, සැලසුම් නිර්මාණ අධ්‍යයන කටයුතු සඳහා සෘජුවම ඒකාබද්ධ කර ගැනීමයි. කොන්ක්‍රීට් ස්ලැබ් මගින් ඉදිකර ඇති එම පියස් මුදුනත මත fire lines, AC lines, විදුලි රැහැන් ඇතුළුව ගොඩනැගිල්ලක ස්ලැබ් එකක් ඉදිකිරීමේදී සැලසුම් සකස් කිරීමේ සංකීර්ණතාවය පිළිබඳව භෞතික වශයෙන් නිරීක්ෂණය කිරීමට සිසුන්ට අවස්ථාව සලසා දී ඇත. මෙම පහසුකම සහිත ප්‍රයෝගික අත්දැකීම හරහා පොදු අධ්‍යයන ප්‍රායෝගික අවකාශය පුළුල් කරමින්, න්‍යායික හා සැබෑ ලොව තුළ පවතින යෙදුම් අතර පරතරය අවම කරනු ලබයි.

පර්යේෂණ පිළිබඳ දත්ත ඇතුළත් ලේඛනාගාරයක් මෙම නව පුස්තකාල අවකාශයට ඇතුළත් වී තිබීම සුවිශේෂී වටිනා කමකි. එය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පීඨ විසින්  ප්‍රකාශයට පත් කරනු ලබන සියලුම පර්යේෂණ ලේඛනාරක්ෂණය සඳහා වූ ගබඩාවක් වනු ඇත. එම  ලේඛනාගාරය මගින් පර්යේෂණ දත්ත එක්රැස් කර ප්‍රකාශයට පත් කරනු ලබන අතර, ඊට වෙබ් අඩවි පාදක කරගත් වේදිකා හරහා සිසුන්ට සහ පර්යේෂකයන්ට ප්‍රවේශ වීමට අවස්ථාව හිමි වේ. මෙම සම්පත ශාස්ත්‍රීය පර්යේෂණ සහ ප්‍රකාශනය සඳහා වැදගත් වන අතර, එය පර්යේෂකයන්හට විවිධ අයුරින් සහය ලබා දෙනු ඇත.

LLC විසින් පර්යේෂණ පහසුකම්, නිපුණතා සංවර්ධන සැසි හා සම්බන්ධ කිරීම් සහ නිබන්ධන සකස් කිරීම සඳහා ද සහය ලබා දේ. මෙම පහසුකම හරහා ඩිජිටල් ප්‍රවේශය, මාර්ගගත සහ පර්යේෂණ සහාය ද හිමි වේ. ඒ තුළින් සිසුන්ට ඩිජිටල්කරණය වූ පුවත්පත් සහ අතීත පර්යේෂණ පත්‍රිකා පරිශීලනය කිරීමට හැකි අතර, අන්තර්ජාලය හරහා පොත් වෙන්කරවා ගැනීමට සහ අලුත් කිරීමට හැකියාව ලැබේ.

නවීන සහ අධි තාක්‍ෂණික ඉගෙනුම් මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය වීමේ අරමුණ ඇතිව LLC, ඉදිරියේදී කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් සේවාවන් ඇතුළත් කිරීමට සූදානම් වේ. AI සේවා හරහා සිසුන්ට වඩාත් වේගවත්ව සහ පහසු අන්දමින් සැරිසැරීමට ප්‍රවේශය හිමි වේ.

සාම්ප්‍රදායික පන්තිකාමරවලින් ඔබ්බට ගොස් නවමු අධ්‍යයන පරිසරයක් සිසුන්ට ලබා දෙමින් LLC හි නවීන අංගයන් තුළින් පරිපූර්ණ අධ්‍යාපනයක් ලබාදීමට SLIIT විසින් කරනු ලබන කැපවීම මේ තුළින් මනාව විදහා දක්වයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..