Saturday, June 7, 2025
HomeBiz Newsකොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි ...

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි …

තාක්‍ෂණික සහ වාණිජ සබඳතා ආශ්‍රිතව කලාපීය වශයෙන් ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් වීමේ අරමුණින් ක්‍රියාත්මක වීමට නියමිත,  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා  මුල් ගල තැබීම 2024 මාර්තු 12 වැනි දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

නවෝත්පාදන සහ ආයෝජන සඳහා උත්ප්‍රේරකයක් …

මේ දක්වා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව සහ විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජයේ කැපවීම ඉදිරිපත් කෙරෙන ප්‍රමුඛතම ව්‍යාපෘතියකි. දකුණු ආසියානු කලාපයේ තාක්ෂණික හා වාණිජ ක්ෂේත්‍ර ආශ්‍රිතව ප්‍රමුඛතම ස්ථානයකට ශ්‍රී ලංකාව පත් කිරීමට මෙම ව්‍යාපෘතිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.  

ආර්ථික වර්ධනය සහ සහයෝගීතාව ශක්තිමත් කරන ව්‍යාපෘතියක්

වර්ධනය සහ සහයෝගීතාව සහතික කරන  උත්ප්‍රේරකයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම සුවිශේෂී ව්‍යාපාරික මධ්‍යස්ථානය, ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රික්කයට ආසන්නයේ  උපායමාර්ගික ව පිහිටා ඇත.  2024 වසරේ තුන් වන කාර්තුව වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර ක්‍රියාත්මක කිරීමට අරමුණු කරන මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය වර්ග අඩි 120,000 ක වපසරියකින් සහ සුවිශේෂී පහසුකම් රැසකින් සමන්විත වන අතර, එමගින් තිරසාරත්වය සහ හරිත සංකල්පය ප්‍රවර්ධනය සඳහා කොළඹ වරාය නගරයට මනා සහයෝගයක් ලබා දෙයි. එමෙන් ම මෙම සුවිශේෂී ව්‍යාපාරික මධ්‍යස්ථානය නවීන සේවාවන්ගෙන් හා පහසුකම්වලින් සමන්විත වීම ද කොළඹ වරාය නගරයේ තිරසාර සංකල්පවලට උත්තේජනය සපයයි.

අනාගතයේ කොටස්කරුවන් වීමට ආරාධනයක් …

ගෝලීය මට්ටමේ සේවාවක් ලබා දෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මෙහෙයුම් කටයුතු ඇරඹීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට ඒ සඳහා අවස්ථාව උදා වී ඇති බව නිවේදනය කරන අතර, දකුණු ආසියානු කලාපය තුළ ඉහළ හැකියාවන් සහිත පාර්ශ්ව ආකර්ෂණය කර ගැනීමට, Ai ඇතුළු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ආශ්‍රිත දැනුම හා හැකියා වර්ධනයට නිරන්තර සහයෝගය ලබා දෙන, දකුණු ආසියාවේ හදවත නමින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මෙම උපාය මාර්ගික ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයේ කොටස්කරුවන් වීමට අනාගත ආයෝජකයින්ට සහ ගෝලීය ආයතනවලට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරාධනය කරයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ආර්ථික මධ්‍යස්ථානය මගින් නවෝත්පාදනය, වාණිජ වර්ධනය සහ සාර්ථකත්වය සඳහා ගමනාන්තයක් ලෙස ගෝලීය ආර්ථික ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරයත්වය ශක්තිමත් කරයි.

මෙම සුවිශේෂී ව්‍යාපාරික මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි වූ අතර, මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති එච්.ඊ.  කුයි සෙන්හොංග්, ගරු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලුම් අමුණුගම, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩි හා  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධක සමාගම ලෙස කටයුතු කරන  CHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්ෂ යන මහත්වරු  මෙන් ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, විදෙස් ආයෝජකයින්, මෙරට තාක්ෂණික හා වාණිජ ක්ෂේත්‍රවල නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..