Sunday, December 22, 2024
HomeBiz Newsතිරසාර ව්‍යවසායකත්වය සවිබල ගන්වන SDB බැංකුව වෙතින් වස්ත්‍ර සිලෝන් සමාගමේ නව තිරසාර...

තිරසාර ව්‍යවසායකත්වය සවිබල ගන්වන SDB බැංකුව වෙතින් වස්ත්‍ර සිලෝන් සමාගමේ නව තිරසාර නිෂ්පාදන පෙළට සහය..

දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ වටිනාකම් කේන්ද්‍ර කරගත් බැංකුකරණය වෙනුවෙන් ඇති කැපවීම සම්බන්ධයෙන් කීර්තිය දිනූ SDB බැංකුව,  පරිසර හිතකාමී සන්නාමයක් වන වස්ත්‍ර සිලෝන් (Wasthra Ceylon) විසින් පසුගියදා දියත් කරන ලද නිෂ්පාදන පෙළ සඳහා සිය සාඩම්බර සහයෝගය දැක්වීය. SDB බැංකුවේ ප්‍රමුඛතම තිරසාර වැඩසටහනක් වන ‘ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ වැඩසටහන’ යටතේ තිරසාරාත්මක නව්‍යකරණ නිෂ්පාදකයෙක් වන වස්ත්‍ර සිලෝන් සමාගමේ සැපයුම් දාම ක්‍රියාවලිය සවිමත් කිරීම SDB බැංකුව විසින් සිදු කෙරිණි.

වස්ත්‍ර සිලෝන් ආරම්භක/ප්‍රධාන විධායක නිලධාරී තනූජ් චන්ද්‍රසේකර මහතා පුළුල් තිරසාරාත්මක ව්‍යාපාර දැක්මක් ඇති දක්ෂ ව්‍යවසායකයෙක් වන අතර වස්ත්‍ර සිලෝන් ව්‍යාපාරයේ දැක්ම වන්නේ ඉවත ලන කෙසෙල් ගසේ කඳ කොටසින් ලබා ගන්නා කෙසෙල් කෙඳි යොදා ගෙන පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදනය හරහා ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමයි. මේ හරහා අපතේ යාම අවම කරන අතරම ග්‍රාමීය කෙසෙල් ගොවීන්ට ද්වීතියික ආදායමක්ද ලබා දීමට හැකිය.

වස්ත්‍ර සිලෝන් විසින් පසුගියදා හම්බන්තොට බඳගිරියෙදී දියත් කරන ලද කෙසෙල් ගස කේන්ද්‍ර කරගත් පරිසර හිතකාමී නිෂ්පාදන පෙළට අයත් කැපී පෙනෙන නිෂ්පාදනයක් වන්නේ ‘නාරි’ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයයි. ඊට අමතරව ඇසුරුම්, ආහාර නිෂ්පාදන, ඇඳුම් පැළඳුම් සහ කෙසෙල් පිටි වැනි නිෂ්පාදන රැසක් ඊට අයත් වේ. මෙම සියලු නිෂ්පාදන පාරිසරික හිතකාමීත්වය රැකගෙන, ග්‍රාමීය ආර්ථික අවස්ථාවන් උදා කරගැනීම සම්බන්ධයෙන් අසමසම උදාහරණ සපයන නිෂ්පාදනයන් වීම විශේෂත්වයකි.

SDB බැංකුව වස්ත්‍ර සිලෝන් සමාගම සමඟ පවත්වගෙන යන සබඳතාවය ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය සහ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සඳහා වන SDB බැංකුවේ පුළුල් තිරසාර මෙහෙයුමක කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන්නකි. ඒ යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවය ඇතිව, වටිනාකම් එක්කළ සැපයුම් දාම නිර්මාණය කිරීම හරහා කෙසෙල් ගොවීන්ට සවිය සැපයීම SDB බැංකුව විසින් සිදු කරයි. කෙසෙල් ගොවීන්ට මූල්‍ය සවිය සැපයීමට අමතරව ශ්‍රමය SDB බැංකුව විසින් අදාළ තාක්ෂණික දැනුම සාක්ෂරතාවය පිළිබඳ දැනුම සහ අනෙකුත් සහයන් සැපයීම තුළින් තවදුරටත් මෙම ප්‍රජාවන් සවිබල ගැන්වීමද සිදු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන මූල්‍ය නිලධාරී ශංක අබේවර්ධන මහතා මෙසේ පැවසීය. “වස්ත්‍ර සිලෝන් විසින් නාරි ඇතුළු පරිසර හිතකාමී නිෂ්පාදන පෙළ හඳුන්වාදීම ශ්‍රී ලාංකීය තිරසාර නව්‍යකරණයේ නව යුගයක උදාව සනිටුහන් කරන අවස්ථාවක්. ග්‍රාමීය ආර්ථිකය තුළ ගැඹුරින් මුල් බැසගත් බැංකුවක් ලෙස SDB බැංකුව වස්ත්‍ර සිලෝන් වැනි දේශීය ව්‍යාපාරවල පදනම ශක්තිමත් කිරීමට කැපවී සිටිනවා. ඒ වෙනුවෙන් අප අනුගමනය කරන උපාය මාර්ගය වන්නේ එවැනි දූරදර්ශී ව්‍යවසාකයින්ට විශේෂ අරමුදල් සම්පාදනය, සැපයුම් දාම සංවර්ධනය සහ විශේෂඥ උපදේශනය සැපයීම හරහා වටිනාකම් දාමය ශක්තිමත් කරමින් ඔවුන් සාර්ථකත්වය කරා මෙහෙයවීමයි.”

මෙම සමස්ත පරිසර හිතකාමී නිෂ්පාදන පෙළ දියත් කිරීම හරහා SDB බැංකුව සහ වස්ත්‍ර සිලෝන් සමාගම වඩා හරිත තිරසාර හෙට දිනකට ඔවුන්ගේ ඇති කැපවීම යලි තහවුරු කරන අතර මෙවන් සහයෝගීතාවයන් හරහා තිරසාර සංවර්ධනය, ග්‍රාමීය සවිබල ගැන්වීම සහ ජාතික ආර්ථික වර්ධනය යන දීර්ඝකාලීන ඉලක්ක සපුරා ගැනීමට SDB බැංකුව අපේක්ෂා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments