Monday, December 23, 2024
HomeBiz NewsHNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ කොමර්ෂල් බැංකුව ක්‍රමෝපායික බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹෙයි..

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ කොමර්ෂල් බැංකුව ක්‍රමෝපායික බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹෙයි..

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශාලතම පෞද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සමඟ ඉතා වැදගත් ක්‍රමෝපායික බැංකු රක්ෂණ සහයෝගීතාවයකට මුල පිරීය. මෙම සහයෝගීතාවය සඳහා වන නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.

මෙරට විශාලතම පෞද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව දිවයින පුරා ව්‍යාප්ත 270 ක ශාඛා ජාලයක් හරහා මිලියන 3.5 කට අධික පාරිභෝගික පිරිසකට සේවය සපයන අතර මෙම ක්‍රමෝපායික සහයෝගීතාවය හරහා කොමර්ෂල් බැංකු පාරිභෝගිකයින් හට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සපයනු ලබන පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත්, නවීන රක්ෂණ සේවාවන් සඳහා පහසු ප්‍රවේශය හිමි වනු ඇත. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සාමාන්‍ය රක්ෂණ විසඳුම් පෙළ පාරිභෝගික කේන්ද්‍රීය බව සම්බන්ධයෙන් ක්ෂේත්‍රය තුළ කීර්තියක් දිනා ඇති නව්‍යකරණ නිෂ්පාදන පෙළකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය, “ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සමඟ බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹීම උපාය මාර්ගික වශයෙන් අපට ඉතා වැදගත් අවස්ථාවක්. මෙම සහයෝගීතාවය හරහා දිවයින පුරා විසිරුණු අති විශාල පාරිභෝගික පිරිසකට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් සපයන හොඳම සාමාන්‍ය රක්ෂණ සේවාවන්ට පහසු ප්‍රවේශය ලබා දීමට හැකි වීම ඊට හේතුවයි.”

“මෙම නව බැංකු රක්ෂණ සහයෝගීතාවය නිසා අපේ පාරිභෝගිකයින්ට ඔවුන්ට හොඳින් ගැළපෙන වාසිදායක සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා ප්‍රවේශය කොමර්ෂල් බැංකුව හරහාම ලබා දීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගිකයින් හට සම්පූර්ණ පරාසයක මූල්‍ය සේවාවන් සැපයීමට උත්සාහ කරන බැංකුවක් වශයෙන් අපට මෙම සබඳතාවය ඉතා වැදගත් අවස්ථාවක්. මේ නිසා කොමර්ෂල් බැංකුව විසින් පාරිභෝගිකයින් හට සපයනු ලබන සේවයට අමතර වටිනාකමක් සහ පහසුවක් එක් කිරීමට අපට හැකි වී තිබෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය.

කීර්තිමත් HNB සමූහයේ සාමාජිකයෙක් වන HNB ඇෂුවරන්ස් සමාගමට අයත් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ නව්‍යකරණය සහ විශිෂ්ට සේවය පිළිබඳව නමක් දිනා සිටින අතර බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන කොමර්ෂල් බැංකුව සමඟ එක් වීම හරහා දිවයින පුරා විසිරුණු අති විශාල පිරිසකට ළඟා වීමට හැකියාව ලැබී ඇත. එම නිසා පාරිභෝගික පහසුව සහ තෘප්තිය වර්ධනයට අමතරව මෙම නව බැංකු රක්ෂණ සහයෝගීතාවය පාරිභෝගික අන්තර්ග්‍රහණය අතින්ද විශාල වැදගත්කමක් දරන සහයෝගීතාවයක් වශයෙන් හැඳින්විය හැකිය.

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෝටර් සහ මෝටර් නොවන රක්ෂණ සේවාවන්, ටකාෆුල් රක්ෂණ සේවාවන් ඇතුළු ඉතා පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවාවන් සපයන රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. HNB සමූහයේ සාමාජිකයෙක් වන HNB ඇෂුවරන්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම දිවයින පුරා විසිරුණු දැවැන්ත ශාඛා ජාලයක් හරහා ශ්‍රී ලාංකිකයින්ට සහ ශ්‍රී ලාංකික ආයතනවලට එම සේවාවන් ලබා දෙනු ලබයි. ෆිච් රේටින්ගස් ලංකා ආයතනය විසින් රක්ෂණ මූල්‍ය ශක්තිය සඳහා ලබා දෙන ‘A- (lka)’ ශ්‍රේණිගත කිරීමක් හිමි HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම නව්‍යකරණය සහ විශිෂ්ට සේවයට ප්‍රමුඛත්වය ලබා දෙමින්, අඛණ්ඩවම සිය පාර්ශවකරුවන්ට තිරසාර වටිනාකමක් ලබා දීමට කැපවී සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments