Wednesday, June 4, 2025
HomeBiz Newsඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම 2025 ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සම්මාන උළෙලේදී ඉහළ...

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම 2025 ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සම්මාන උළෙලේදී ඉහළ සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයෙකු සහ කීර්තිමත් ඒෂියන් පේන්ට්ස් සමූහයේ සාමාජිකයෙකු වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ (Asian Paints Causeway) සමාගම පසුගියදා පැවත්වුණු ‘2025 ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සම්මාන’ උළෙලේදී ගෞරවණීය සම්මානයන් ද්විත්වයකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ලැබූ සම්මාන ද්විත්වය, දේශීය අමුද්‍රව්‍ය හෝ ආනයනය කරන ලද අමුද්‍රව්‍ය අනුසාරයෙන් නිෂ්පාදනය කරන ලද දේශීය නිෂ්පාදන ඇගයීමට ලක් කරන ‘වාර්ෂික නිෂ්පාදන සම්මාන’ අංශය යටතේ දිනා ගැනීම විශේෂත්වයකි.

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම, පිටත බිත්ති තෙතමනයෙන් සහ රළු දේශගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා නිෂ්පාදිත විප්ලවීය ජල ආරක්ෂණ තීන්ත නිෂ්පාදනයක් වන SmartCare Aqua Safe සඳහා ‘විශිෂ්ටතා සම්මානයක්‘ දිනාගත් අතර බිත්තිවල පැළුම් ආවරණය කරමින්, තෙතමනයෙන් ආරක්ෂා කරන මූලික ආලේපනයන් වන SmartCare Damp Seal නිෂ්පාදනය සඳහා ‘කුසලතා සම්මානයක්‘ දිනා ගත්තේය.

ඒෂියන් පේන්ට්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ කලාපීය ප්‍රධානී, සිරීෂ් රාඕ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය, “ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සම්මාන උත්සවය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැදගත්ම ඉසව්වයි. ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ශ්‍රී ලාංකික තීන්ත වෙළඳපොලේ ප්‍රමුඛතම ස්ථානයක පසු වන්නේ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන්, දේශීය දැනුම සමඟ සංකලනය කර ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත විශිෂ්ට නිෂ්පාදන ගෙන ඒමට ඇති හැකියාව නිසයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැදගත්ම සම්මානයන්ගෙන් අපේ නිෂ්පාදන ගෞරවයට පාත්‍ර වීම අපට ඉතා වැදගත් ජයග්‍රහණයක් වන්නේ ඒ නිසයි”.

ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සම්මාන උත්සවය සිය සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී අනුගමනය කරන ඉතා පුළුල් සහ දැඩි ක්‍රමවේදය සම්බන්ධයෙන් කීර්තියක් උසුලන සම්මාන උත්සවයකි. ‘වාර්ෂික නිෂ්පාදන සම්මාන‘ අංශය යටතේ සම්මාන සඳහා නිෂ්පාදන සළකා බැලීම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණතම වෘත්තිකයින්ගෙන් සැදුම් ලද විනිසුරු මඬුල්ලක් විසින් සිදු කරන අතර එම ක්‍රමවේදය යටතේ නිෂ්පාදනවල තාක්ෂණික දත්ත, නව්‍යකරණය, ගෘහ නිර්මාණාත්මක වටිනාකම, තිරසාරත්වය, එකතු කළ වටිනාකම් සහ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය වැනි කරුණු මෙන්ම වෙළඳපොල තුළ නිෂ්පාදන තිබීම, නිෂ්පාදනවල මිල, අලෙවියෙන් පසු සේවය, නිෂ්පාදනය යොදා ගෙන ඇති ව්‍යාපෘති සහ වගකීමේ සහතිකය වැනි තවත් බොහෝ කරුණුද සළකා බැලේ.

‘විශිෂ්ට’ නිෂ්පාදනයක් වශයෙන් සම්මාන ලැබූ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ SmartCare Aqua Safe නිෂ්පාදනය මේ සියළු කරුණු අතින් ඉහළ පිළිගැනීමක් ලැබූ නිෂ්පාදනයක් විය. තෙතමනයෙන් සහ රළු දේශගුණික තත්ත්වයන්ගෙන් බිත්ති ආරක්ෂා කරන අනර්ඝ නිෂ්පාදනයක් වන SmartCare Aqua Safe නිෂ්පාදනය කුණු, ඇල්ගී සහ දිලීරවලින් ආරක්ෂාව ලබා දෙමින්, දිගු කල් පවතින දීප්තියක් සහ සුදු පැහැයක් ලබා දීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රසාදයට ලක් වන නිෂ්පාදනයකි. ‘කුසලතා සම්මානයෙන්’ පිදුම් ලැබූ SmartCare Damp Seal නිෂ්පාදනය බිත්තිවල පළුදු වසා ගැනීමට හැකි විශිෂ්ට ජල ආරක්ෂණ නිෂ්පාදනයක් වශයෙන් වෙළඳපොල තුළ ජනප්‍රිය නිෂ්පාදනයකි.

ශ්‍රී ලාංකික තීන්ත වෙළඳපොලේ ප්‍රමුඛතම සන්නාමය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම නව්‍යකරණය හරහා ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයට කල්පැවත්ම, ක්‍රියාකාරීත්වය සහ නිර්මාණශීලීත්වය වෙනුවෙන් නම් දැරූ නිෂ්පාදන තිළිණ කිරීම සඳහා කැපවී සිටින අතර ඉදිරියටත් අඛණ්ඩවම ශ්‍රී ලාංකීය ගෘහනිර්මාණකරණයට සහ පාරිභෝගික අවශ්‍යතාවයට ගැලපෙන ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන නිර්මාණය කිරීම සමාගමේ අපේක්ෂාවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..