ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ව්‍යවසායකයින් ඇගයිමකට ලක් කරන I AM the Sri Lankan Entrepreneur 2024 සමිමාන රාත්‍රිය ලබන මාර්තු 05 දා කොළඹදි පැවෙත්විමට ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකත්ව මණ්ඩලය (The Chamber of Lankan Entrepreneurs (COYLE)) කටයුතු යොදා ඇති බව එම මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාවේ දසත විසිරි සිටින කවර හෝ කර්මාන්ත අංශයක නවෝත්පාදනය සපිරි ව්‍යවසායකත්ව කුසලතා විදහා දක්වා ඇති ඕනෑම අයෙකුට ජාතික මටිටමින් තම ව්‍යවසායක කුසලතා ඇගැයිමකට ලක් කිරිම සදහා මෙම සමිමාණ ප්‍රදානයෙන් මහැඟි අවස්ථාවක් ලැබෙන බව ත් සංවිධායක මඩුල්ල පවසයි.
මෙම සම්මාන ප්රදානය සදහා අයදුම්පත් කැදවිම මේ වන විට ආරම්භ වි ඇති අතර ඒ සදහා අවශ්‍ය අයදුම්පත් COYLE – www.coyle.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.
අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය 2025 ජනවාරි 15 වේ .
එදින හෝ එයට පෙර අයදුම්පත් යොමු කර තමන්ගේ ව්‍යවසාකත්ව කුසලතා ජාතික මටිටමේ ඇගැයුමකට ලක් කරන මෙම සම්මාන ප්රදානය සදහා ස්වකිය දායකත්වය ලබා දෙන ලෙස දසත විසිරි සිටින සියළු ව්‍යවසායකයින්ට ඉල්ලිමක් කරයි.
“වඩාත් ශක්තිමක් හා ගෝලිය වශයෙන් වඩාත් තරඟකාරි ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩ නැංවිමේ COYLE හි ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනිම සදහා මෙම සම්මාන ප්රදානය සදහා එක් වන ලෙස දසත විසිරි සිටින සියළු ව්‍යවසායකයින්ගෙන් අප ඉල්ලිමක් කර සිටිනවා,” යැයි සංව්ධායක මණ්ඩලය පවසයි.
පළාත් මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ව්‍යවසායකයින් මෙහිදි ඇගැයිමට බදුන් කර න බවත් එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගතය ගොඩනැගීමට මූලික වන ව්‍යාපාරික විශිෂ්ටත්වය උදෙසා මහඟු ගෞරවයක් හා උත්තේජනයක් ලබා දෙන බවද පවසයි.
“මෙහිදි අප ව්‍යවසායකත්ව සම්මාන 65 කට අධික ප්‍රමාණයක් පිරි නැමිමට නියමිතයි. ඒ අතරේ “හොදම තරුණ ව්‍යවසායකයා”, “හොදම කාන්තා ව්‍යවසායිකාව” හා “හොදම සමාජ ව්‍යවසායකයා” යන සම්මාන ප්‍රධානයි.”
මෙහි දි ප්‍රධාන සමිමානය ලෙස “වසරේ ව්‍යවසායකයා” සම්මානය ප්රමුඛ වන බව සංවිධායකයෝ පවසති.
සමිමාන ප්රදානයේ විශ්වාසනීයත්වය සහ පාරදෘර්ශීත්වය තහවුරු කිරීම සදහා ස්වාධින විනිශ්චය මණ්ඩලයක සහාය ලබා ගන්නා බවත් ඒ සදහා COYLE හි පුර්ණ මාර්ගෝපදේශනය ලබා දෙන බවත් සදහන්ය.
ඒ අනුව ලොව ප්රමුඛ පෙලේ විගණන හා කළමනාකරන උපදේශන සේවා ආයතනයක් වන Ernst & Young ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ විශේෂඥත්වය ඇති ස්වාධීන වින්ශ්චය මණ්ඩලයක පුර්ණ ඇගැයිම හා නිර්දේශය යටතේ අදාල සියළු සමිමාන පිරි නැමිම සිදු කරයි.
මෙම දැඩි ක්‍රි ඇගැයිම හා නිර්දේශය ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශිෂ්ටත්වයට ලැබෙන විශ්වාසනීය තක්සේරුවක් ලෙස මෙම සම්මාන මාලාවේ කීර්තිය තහවුරු කරන බවද සංවිධායකයෝ පවසති.
COYLE හි තරුණ ලංකික දැක්ම තුළින් පන්නරය ලද මෙම සම්මාන ප්රදානෝත්සවය, අනාගත නායකයින්ගේ වර්ධනයට මඟ පෙන්වයි. එමෙන්ම ව්‍යාපාරිකයන්ගේ නවෝත්පාදක දැක්ම තහවුරු කරමින් තරුණ නවෝත්පාදකයින් දිරිමත් කිරීම සහ ජාත්‍යන්තර තරගකාරී ව්‍යාපාරික පරිසරය වර්ධනය කිරීම මෙම සමිමාන උළෙල සංවිධානය කිරිමේ COYLE හි ප්රමුඛ අරමුණු අතරේ වේ .
වසර 25කට වැඩි කාලයක් පුරා, COYLE ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශය ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදන හැකියාවන් වර්ධනය කිරීම, සහ සාර්ථකත්වය සඳහා දැවැන්ත පුද්ගලයන්ට සහ ව්‍යාපාරිකයන්ට අවස්ථා සලසමින් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරයි.
ඒ අනුව “I AM the Sri Lankan Entrepreneur 2024”ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව කුසලතා ඔප නැංවිමෙහිලා වන COYLE හි ප්‍රමුඛත්වය තවදුරටත් සනාථ කරන බවද සදහන්ය.