Wednesday, June 4, 2025
HomeBiz NewsSamsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට ..

Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට ..

Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize කරගැනීමේ හැකියාව ද, ඉහළ කාර්යක්ෂමතාව හා තාක්ෂණික හැකියාවන් තුළින් එදිනෙදා වැඩකටයුතු වලදී සුවිසල් පහසුවක් මෙන්ම විශිෂ්ටත්වයක් අත්පත් කර ගැනීමේ අවස්ථාවද පරිශීලකයින්ට උදා කර දෙයි.

පරිශීලකයින්ගේ කාර්යයන් තවදුරටත් පහසු කිරීම හා විවිධ කාර්යයන් වෙනුවෙන් යෙදුම් (apps) වෙත මාරු වීමේ අවශ්‍යතාව අවම වීම වැනි විශේෂාංග නිසාවෙන් පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව සහිත මෙම One UI 7 විශේෂාංගය Galaxy AI හි තවත් සුවිශේෂී ඉදිරි පියවරක් බව සඳහන් කළ හැකිය. මෙහි ඇති AI Select  වැනි විශේෂාංග තුළින් ඉක්මණින් GIFs CAPTURE කර ගැනීමට හැකි වන අතර අකුරු සඳහා කැමති ආකාරයේ හැඩතල යොදා ගැනීමට මෙන්ම සටහන්, ලිපි වැනි දේ සාරංශගත කිරීමටද මේ තුළින් හැකියාව ලබා දෙයි. ස්මාර්ට් ජංගම දුරකතනයට නවතම නිමාවක් එක් කරන නවීන lock screen එකකින් හා ප්‍රතිනිර්මාණය කළ පුලුල් home screen එකකින්ද මෙම මෘදුකාංගය සමන්විත වේ. ප්‍රතිනිර්මාණය කරන ලද lockscreen එකෙහි ඇති නව අයිතමයක් වන Now Bar විශේෂංගය, පරිශීලකයාගේ සෞඛ්‍යය තොරතුරු, කාලගුණ අනාවැකි, සංගීතයට සවන්දීමේදී වුවමනා වන Music controls වැනි තොරතුරු රැසක් වෙත සැණෙකින් ප්‍රවේශ වීමේ හැකියාවද පරිශීලකයින් හට ලබා දී ඇත.

නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් Google Gemini හරහා AI පදනම් කරගත් සුවිශේෂී අත්දැකීම් පාරිභෝගිකයා වෙත ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් Natural Language එකකින් AI තාක්ෂණය ලබා දීමටත්, දුරකතනයෙහි Power බොත්තම ඔබා සිටීමෙන් Galaxy AI වෙත පහසුවෙන් පිවිසී වෙනත් සේවාවන් රැසක් ද වේගයෙන් ඉටු කරගැනීමට අවස්ථාව සලසා ඇත. එහි අන්තර්ගත Drawing Assist විශේෂාංගය භාවිතයෙන් නිර්මාණකරුවන්ට තමන්ගේ නිර්මාණකරණයේදී කටු සටහන් AI තාක්ෂණය මගින් රූප බවට පත් කිරීමටත් කෙටි සටහන් යොදා ගැනීමටත් ඒ හරහා සන්නිවේදනය කිරීමටත් හැකියාව උදා වේ. Audio Eraser විශේෂාංගය තුළින් ඝෝෂාකාරී පසුබිම් ශබ්ද ඉවත් කරමින් වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද ලබා දෙන බැවින් වෘත්තීයමය කලාකරුවන් හා නිර්මාණකරුවන් සඳහා වඩාත් ගැලපෙන නිෂ්පාදනයක් ලෙසද මෙම AI තාක්ෂණය සහිත One UI 7 මෘදුකාංගය සඳහන් කළ හැකිය.

නව Drawing Assist වැනි විශේෂාගයන් මඟින් පරිශීකයන් හට මීට පෙර අත් නොවිඳි අසමසම නිර්මාණශීලීත්වයක් තුළින් අදහස් ඉදිරිපත් කිරීමට පරිශීකයන්ට හැකි වන අතර Audio Eraser වැනි විශේෂාගංයන් තුළින් සුපැහැදිලි වීඩියෝ හා ශබ්ද මඟින් සිය නිර්මාණකරණය තව දුරටත් ඉහළ නංවා ගැනීමට අවකාශ උදා වනු ඇත.

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර සිටියේ “වර්තමාන ලෝකයේ සුවිසල් වෙනසකට ලක් කරමින් සිටින AI තාක්ෂණයෙන් බල ගන්වනු ලබන One UI 7 ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වන බවය.  පරිශීලකයින් හට ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත නවතම විශේෂාංගයන් අන්තර්ගත නව්‍ය තාක්ෂණයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් තමන් සතු කර ගැනීමේ අවස්ථාව ලබා දෙන මෙය පරිශීලකයාට අවශ්‍ය ආකාරයෙන් සකස් කරගැනීමේ හැකියාවද උදා කර දෙනවා”  යනුවෙනි.

පළමුව Galaxy S24 පෙල Galaxy Z Fold6 සහ Galaxy Z Flip6 යන නිෂ්පාදන පෙළ සඳහා මෙම නවතම හඳුන්වාදීම වන මෙම One UI 7 ශ්‍රී ලාංකිකයින් වෙත හඳුන්වාදෙමින් ඔවුන් මෙතෙක් අත්නොවිඳි ආකර්ෂණීය අත්දැකීමක් ලබා දීමට Samsung Sri Lanka සූදානමින් සිටියි. පසුව යාවත්කාලීන (update) කිරීම හරහා මෙම සේවාව අනෙකුත් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා ටැබ් තුලින්ද සලසා ගත හැකිවීම විශේෂත්වයකි.

හඳුන්වා දෙන මෙම නවතම තාක්ෂණික විශිෂ්ටත්වයේ අත්දැකීම විඳගැනීම වෙනුවෙන් සියලු පාරිභෝගිකයින් වෙත Samsung Sri Lanka ඇරයුම් කර සිටියි. මෙම විශේෂාංගයත් සමඟ ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයේ හා සන්නිවේදනයේ සුවිසල් පරිවර්තනයක් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. ඉදිරියේදී සිදුවන මෙම නවතම හඳුන්වා දීම හා යාවත්කාලීන කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු Samsung Sri Lanka හි නිල සමාජ මාධ්‍ය අවකාශයන් හා Samsung Members application එක වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..