Wednesday, June 4, 2025
HomeBiz NewsHemas Manufacturing සමාගම ශ්‍රී ලංකා රේගුව මඟින් පිරිනමන කීර්තිමත් වෙළෙඳ අනුකූලතා සහතිකය...

Hemas Manufacturing සමාගම ශ්‍රී ලංකා රේගුව මඟින් පිරිනමන කීර්තිමත් වෙළෙඳ අනුකූලතා සහතිකය දිනාගනියි..

Hemas Manufacturing සමාගමේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගෝලීය වෙළෙඳ අනුකූලතාවය අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් ‘බලයලත් ආර්ථික ක්‍රියාකරු සඳහා (AEO) පිරිනමන Tier 1 සහතිකය’ පසුගියදා පිරිනමන ලදී.  අනුකූලතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ගෝලීය වෙළෙඳ පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා  ලෙස Hemas Manufacturing  සමාගම ගොඩනගා ගත් ස්ථාවරත්වය මේ ඔස්සේ තවදුරටත් සවිමත් විය. ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලබාගත් ශ්‍රී ලාංකික සමාගම් 48 අතරට Hemas Manufacturing  සමාගමද මෙම ජයග්‍රහණය ඔස්සේ එකතු වන අතර විශිෂ්ට  වෙළෙඳ හා සැපයුම් දාම කළමනාකරණය   සඳහා ඔවුන් දක්වන කැපවීම මෙමඟින් මැනවින් අවධාරණය කරයි. ලෝක රේගු සංවිධානය (WCO) මඟින් ක්‍රියාත්මක කරන ‘AEO Tier වැඩසටහන’ අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත රාමුවකී. දේශසීමා වෙළෙඳාමේ  ඉහළම ආරක්ෂාව, අනුකූලතාවය සහ කාර්යක්ෂමතාවය යන  ප්‍රමිතීන් පිළිබඳ  මෙහිදී අවධානය යොමු කරන අතර ශ්‍රී ලංකා රේගුවේ දැඩි පරික්ෂාවෙන් අනතුරුව  වලංගුතා සහතිකය පිරිනමනු ලැබේ.මෙම වලංගුතාවය හිමි කරගනු ලැබූ සමාගම් දැඩි ජාත්‍යන්තර වෙළෙඳ අවශ්‍යතා සපුරාලන බව සහතික කරයි.

මෙම ජයග්‍රහණය  පිළිබඳ අදහස් දක්වමින් Hemas Consumer Brands හි කළමනාකරණ අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලී මහත්මිය මෙසේ සඳහන් කළාය.  “කාර්යක්ෂමතාව සහ ගෝලීය වෙළෙඳ විශිෂ්ටත්වය සඳහා අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස මෙම AEO Tier 1 අනුකූලතා සහතිකය හැඳින්විය හැකියි.සැමවිටම  මෙහෙයුම්වල අඛණ්ඩතාවය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ප්‍රමුඛස්ථානය ලබා දෙන සමාගමක් ලෙස ලොව පුරා සිටින අපගේ හවුල්කරුවන් වෙත බාධාවකින් තොරව මෙන්ම වඩාත් විශ්වසනීයත්වයෙන් යුතු සේවාවක් සැපයීම සඳහා අපගේ හැකියාවන් මෙමඟින් වැඩි දියුණු කරනවා.”

කඩිනම් රේගු නිෂ්කාශන සේවය, මෙහෙයුම් කටයුතු පිළිබඳ  අවදානම අවම කිරීම සහ වැඩිදියුණු කළ වෙළෙඳ පහසුකම් ඇතුළු උපායමාර්ගික වාසි රැසක් මෙම AEO Tier 1 සහතිකය සමඟ Hemas Consumer Brands වෙත හිමි වේ.මේ ඔස්සේ ආනයන හා අපනයන ක්‍රියාවලීන් ද වඩාත් විධිමත් කරන අතර එම සහතිකය VIP හෝ හරිත ප්‍රවේශයක් ලෙස ක්‍රියා කිරීම මඟින් වේගවත් හා කාර්යක්ෂම ලෙස භාණ්ඩ ප්‍රවාහනයද  සහතික කෙරේ.ගෝලීය වෙළෙඳාම තුළ විශ්වාසදායක සහ කාර්යක්ෂම හවුල්කරුවෙකු ලෙස Hemas විසින් ගොඩනගා ගෙන සිටින කීර්තිනාමය මෙම සුවිශේෂී සන්ධිස්ථානය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි.

Hemas Consumer Brands  හි ප්‍රසම්පාදන ප්‍රධානී අරුණ සුමනතිලක මහතා ඒ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “මෙම සන්ධිස්ථානය ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳ  ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා අපගේ කණ්ඩායම් දක්වන කැපවීම සහ ඔවුන්ගේ වෙහෙස මහන්සිය මැනවින්  පිළිබිඹු වෙනවා. මෙහෙයුම් කාර්යක්ෂමතාව කඩිනම් නිෂ්කාශන ක්‍රියාවලීන් සහ අවම කරන ලද නියාමන බාධක සමඟින්  අපගේ ගනුදෙනුකරුවන්ට සහ කොටස්කරුවන්ට වැඩි වටිනාකමක් පිරිනැමීමට  අපි දැන් වඩාත් හොඳින් සූදානම්.”

ජාත්‍යන්තර වෙළෙඳ  ප්‍රමිතීන් අනුගමනය කිරීමට අවදානම් තත්ත්වයන්  අවම කිරීමට සහ බාධාවකින් තොරව සැපයුම් දාමයන්හි මෙහෙයුම් සහතික කිරීම තුළින් සිය සේවාවන්ට වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහා Hemas හි  ක්‍රියාකාරී ප්‍රවේශය මෙම  AEO Tier 1 සහතිකය මගින් මැනවින් පසක් කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..