Wednesday, June 4, 2025
HomeBiz Newsමීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් පෝෂණය කිරීම සඳහා හේමාස් සහ Hatch එක්ව සංවිධානය කළ...

මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් පෝෂණය කිරීම සඳහා හේමාස් සහ Hatch එක්ව සංවිධානය කළ Hemas x Hatch “Slingshot” 2.0 සාර්ථකව නිමාව දකී…

හේමාස් සහ Hatch විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද Hemas x Hatch “Slingshot” 2.0 Accelerator වැඩසටහන, මෙරට අධ්‍යාපනික-තාක්ෂණය (Edu-tech), සෞඛ්‍ය සත්කාරක තාක්ෂණය  (HealthTech) සහ පාරිභෝගික භාණ්ඩ (FMCG),  යන කර්මාන්තයන් තුළ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ව්‍යාපාර කිහිපයක් හඳුන්වා දෙමින් සහ සාර්ථක ප්‍රදර්ශන දිනයක් (Demo Day) පවත්වමින් පසුගියදා අවසන් කළේය.

මෙහි අවසන් තරඟකරුවන් අට දෙනා අතරින් පාරිභෝගික කැමැත්ත අනුව සක්‍රීය  කළ  හැකි  “ආබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍ය උපකරණ” සපයන පුරෝගාමී  සමාගමක් වන Wheelchair House ජයග්‍රාහකයා ලෙස තේරී පත් විය. අනුශූරතාවය දිනාගනු ලැබුවේ විද්‍යුත් ක්‍රීඩාව පදනම් කර ගත් අධ්‍යාපනය  සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය වේදිකාවක් වන Exam Hub විසිනි. කර්මාන්ත ප්‍රමුඛයන්ගේ සහ ආයෝජකයන්ගේ අවධානය සහ පිළිගැනීම ලබා ගැනීමට හැකි සුවිශේෂී නවෝත්පාදනයන් සහ කුසලතාවයන් රැසක් මෙම සමාගම් විසින් ප්‍රදර්ශනය කළහ.

මෙම අවස්ථාවට සම්බන්ධවෙමින් හේමාස් හෝල්ඩිංග්ස් පී එල් සී හි ප්‍රධාන ක්‍රමෝපාය හා වර්ධන නිලධාරී රිස්නි ෆයිසාල් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ නවෝත්පාදනයන් පෝෂණය කරමින් මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා අප දක්වන කැපවීමේ සාක්ෂියක් ලෙස Hemas x Hatch “Slingshot” 2.0 හැඳින්විය හැකියි. මේ ඔස්සේ අපි නව ව්‍යාපාර ආරම්භයට පමණක් නොව, නිර්භීත අදහස් සාර්ථක කරගැනීමට, ගොඩනැංවීමට මෙන්ම දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකි පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ද අපගේ සහය ලබාදෙනවා. Wheelchair House සහ Exam Hub ඇතුළු Hemas x Hatch “Slingshot” 2.0 හි සියලුම අවසන් තරඟකරුවන්ගේ සාර්ථකත්වය තුළින් ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ සුවිශේෂී කුසලතාවන් මැනවින් ඉස්මතු කරන අතර ඔවුන්ගේ පරිවර්තනීය හා වර්ධනීය ගමනට සහයෝගය ලබාදෙමින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳ  අපි නිහතමානිව සතුටු වෙනවා.”

Hemas x Hatch “Slingshot” 2.0 ඔස්සේ සහභාගීවූවන් වෙත ව්‍යාපාර ගොඩනැංවීමට ඉවහල් වන උපායමාර්ගික මාර්ගෝපදේශනය මෙන්ම කර්මාන්ත පිළිබඳ අවබෝධය ද ලබා දෙන ලදී. මෙම නව ව්‍යවසායකයන්  පසුගිය මාස 06 තුළදී ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, මෙහෙයුම් විධිමත් කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර ආකෘති සහ වර්ධන උපාය මාර්ග පිළිබඳ  ප්‍රායෝගික ඉගෙනීම්වලට යොමු කළ අතර, කර්මාන්ත පිළිබඳ ගැඹුරු අධ්‍යයන සහ ක්ෂේත්‍ර  චාරිකාවල ද ඔවුන් නිරත විය.

ශූරතාවය දිනාගත් Wheelchair House , අනුශූරතාවය දිනූ Exam Hub මෙන්ම  Ophtha Innovations, Bistec Care, Four Elements, Phrasecode, Beautonic, Aagee.AI ආදී ආරම්භක සමාගම් රැසක් Demo Day හි දී තම ප්‍රගතිය ඉහළින්ම පෙන්නුම් කළහ.

හේමාස් හි ව්‍යාපාරික විශේෂඥයන් සහ Hatch ජාලයේ ව්‍යාපාරික උපදේශකයන් විසින් මෙම වැඩසටහන පුරාවටම සිය විශේෂඥ දැනුම හුවමාරු කරගනිමින් ව්‍යාපාර ගොඩනැංවීම සහ එහි තිරසාරභාවය පිළිබඳ ඒ ඒ ව්‍යවසායකයන්ට ගැළපෙන පරිඳි   මග පෙන්වීමක් ලබා දෙන ලදී.

ආයෝජකයන්, ආයතනික නායකයන් සහ ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක පද්ධතියේ ප්‍රමුඛයන් ආදී  රැසක් Hemas x Hatch “Slingshot” 2.0 වැඩසටහන යටතේ ඒකරාශී වූ අතර ආරම්භක ව්‍යාපාර සඳහා ඔවුන්ගේ ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම නව වර්ධන අවස්ථා විවෘත කිරීමට  ප්‍රබල වේදිකාවක් මේ ඔස්සේ නිර්මාණය කරන ලදී.

මේ පිළිබඳ සිය අදහස් එකතු කරමින් Hatch හි ප්‍රධාන විධායක නිලධාරී මෙවන් පීරිස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ආරම්භක ව්‍යාපාර ක්ෂේත්‍රය පසුගිය දශකය තුළදී වේගයෙන්  වර්ධනය වී ඇති ඉන්දියාව වැනි රටවලින් අපට විශිෂ්ට අවධානයක් යොමු වී තිබෙනවා. මෙම පරිවර්තනය බොහෝදුරට මෙහෙයවනු ලැබුවේ පර්යේෂණ සහ සංවර්ධන, නවෝත්පාදන සහ ව්‍යවසායක සහාය සඳහා සැලකිය යුතු ආයෝජන සිදු කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති සමාගම් මගිනි. මෙම ප්‍රවේශය ඔස්සේ ආරම්භක ව්‍යාපාරවල වර්ධනය වේගවත් කිරීම පමණක් නොව, වඩාත් කාර්යක්ෂම  සහ නව්‍යකරණයෙන් යුත් සමාගම් ලෙස ගොඩනැගීමේ  හැකියාව ද ලබා දී තිබෙනවා. අවසාන වශයෙන්, එය නව ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට සහ නව වටිනාකම් නිර්මාණය කිරීම සඳහා ද ආර්ථිකය වෙත පුළුල් ප්‍රතිලාභ‍යක් ලබා දී තිබෙන බව සඳහන් කළ හැකියි.”

Wheelchair House සහ Exam Hub හි ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාව තුළ නවෝත්පාදනය, ආර්ථික අභිවෘද්ධිය සහ ව්‍යවසායක විශිෂ්ටත්වය අඛණ්ඩව ඉදිරියට රැගෙන යන අතර ඒ ඔස්සේ  Hemas x Hatch “Slingshot” 2.0 සවිබල ගන්වයි. මෙම ආරම්භක ව්‍යාපාර මඟින් ඔවුන්ගේ මීළඟ වර්ධන අදියරයේදී,  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගතය නිර්මාණය කිරීම සඳහා දිගුකාලීන බලපෑමක් සිදු කිරීමට  අපේක්ෂාවෙන් සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..