Wednesday, June 4, 2025
HomeBiz NewsSLT-MOBITEL නැවතත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත්වෙයි..

SLT-MOBITEL නැවතත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත්වෙයි..

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මෙවරත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ රැකියා පොළ ලෙස සැලකෙන EDEX Expo සහ SLT-MOBITEL අතර පවතින මෙම හවුල්කාරීත්වයට වසර 10 කට අධික ඉතිහාසයක් ඇත.

EDEX Expo 2025 වැඩසටහනේ මූලික අදියර 2025 ජනවාරි 17 සිට 19 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, එහි දෙවැනි අදියර 2025 ජනවාරි 25 සහ 26 යන දෙදින තුළ මහනුවර Kandy City Centre හිදී පැවැත්විණි.

ප්‍රදර්ශනය පැවති කාලසීමාව තුළදී නරඹන්නන්ගේ සහ ප්‍රදර්ශන කුටි හිමියන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට සහ Kandy City Centre වෙත නොමිලේ Wi-Fi සම්බන්ධතා පහසුකම් පිරිනැමීමට SLT-MOBITEL කටයුතු කළේ ය. මෙමගින් නරඹන්නන්ට සිය සන්නිවේදන අවශ්‍යතා වඩාත් පහසුවෙන් සපුරාගැනීමට හැකි වූ අතර, ප්‍රදර්ශන කුටි හිමියන්ට තම අධ්‍යාපනික විසඳුම් වඩාත් පහසුවෙන් නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබිණි.

මෙම හවුල්කාරීත්වය, කාර්යක්ෂම ඩිජිටල් සම්බන්ධතා සහ ඉහළ තලයේ අධ්‍යාපන අවස්ථා ඔස්සේ ශ්‍රී ලාංකික තරුණ පරපුර සවිබල ගැන්වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම තවදුරටත් ශක්තිමත්කරන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකි වේ.

තවද SLT-MOBITEL හි අධ්‍යාපන සේවා අංශයවන Nebula Institute of Technology ආයතනය අඛණ්ඩව දෙවැනි වරටත් EDEX Expo ප්‍රදර්ශනයේ  අනුග්‍රාහක (Gold Sponsor) ලෙස කටයුතු කළේ ය. එහිදී එම ආයතනය මගින් පිරිනමනු ලබන අතිනවීන තාක්ෂණ පාඨමාලා පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි.

EDEX Expo සමග එක් වී, මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර තලයෙහි පවතින අවස්ථා ගවේෂණය කරමින් තම වෘත්තීය ජීවිත වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ. SLT-MOBITEL මේ ආකාරයට අඛණ්ඩව මෙම වැඩසටහනට සහය දැක්වීම මගින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ තාක්ෂණික වෘත්තිකයන් නිර්මාණය කිරීම සඳහා වඩාත් පුළුල් ලෙස දායක වීමට එම සමාගම සූදානමින් සිටින බවයි.

වසර 21 කට පෙර, එනම් 2004 වසරේදී ආරම්භ වූ EDEX Expo ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ගෝලීය වශයෙන් තරගකාරී කුසලතා වර්ධනය කර ගැනීම සඳහා අත්වැලක් වන ප්‍රමුඛතම අධ්‍යාපන ප්‍රදර්ශනයක් ලෙස සැලකේ. පසුගිය දශක දෙකකට අධික කාලය තුළ එම ප්‍රදර්ශනය හේතුවෙන් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිළිගත් දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන 200 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමි විය.

මෙවර ප්‍රදර්ශනයේ අදියර දෙකටම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් සහ වෘත්තිකයන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වූහ. මෙහිදී පැවැත්වුණු රැකියා පොළ වැඩසටහනට සහභාගී වූවන්ට තමන් රැකියාව කිරීමට අපේක්ෂා කරන සමාගම් හා ආයතනවල නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටත්, තම සුදුසුකම් හා අනාගත ඉලක්ක අනුව තමන්ට වඩාත් සුදුසු රැකියා අවස්ථා මොනවාද යන්න ගවේෂණය කිරීමටත් අවස්ථාව හිමි විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..