Monday, December 23, 2024
HomeBiz Newsතිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC  නව ESG රාමුව / වාර්තාවවන 'Elevate' දියත්...

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC  නව ESG රාමුව / වාර්තාවවන ‘Elevate’ දියත් කරයි..

Alumex PLC විසින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය පිළිබඳ නව මිණුමක් සලකුණු කරමින් පසුගියදා Hayleys ප්‍රධාන කාර්යාලයේදී ‘Elevate’ නමින් විස්තීර්ණ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) රාමුවක් / වාර්තාවක් හඳුන්වාදෙන ලදී.

මෙම විධිමත් ESG රාමුව හඳුන්වාදීම තුළින්  පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සහ තිරසාර අනාගතයක් සඳහා දායක වීම පිළිබඳ  Alumex හි දැක්ම මැනවින්  අවධාරණය කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ සඳහන් කළේය. “මෙම ESG සාධකයන් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට, වටිනාකම් දාමයට, සහ අපගේ නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙන්ම ලොව පුරා සිටින අපගේ ගනුදෙනුකරුවන්ට ඉතා වැදගත් වෙනවා.  මෙම ESG රාමුව Alumex PLC හි වගකීම් , සදාචාරය සහ තිරසාර ව්‍යාපාරික මෙහෙයුම් පිළිබඳ මාර්ගෝපදේශයක්  ලෙස දියත් කිරීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙනවා. මෙමඟින් ඇලුමිනියම් නිෂ්පාදන අංශයේ තිරසාර ව්‍යාපාරික භාවිතයන් ඉහළ නංවමින් ඒ සඳහා නව  මිණුම් දණ්ඩක් සකස් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. ක්‍රියාත්මක වෙමින් පවතින තිරසාරත්වය (Driving sustainability ), නවෝත්පාදනය සහ වගවීම සඳහා  සැලැස්මක් Elevate විසින් අපට ලබා දෙනවා.”

“පාරිසරික වශයෙන්, කාබන් විමෝචනය අඩු කිරීම සහ සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, අනුකූලතාවය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම කෙරෙහි තිරසාර භාවිතයන් බෙහෙවින් ඉවහල් වෙනවා. එමෙන්ම සමාජීය වශයෙන්, සේවක ආරක්‍ෂාව, සාධාරණ ශ්‍රමය සහ ප්‍රජා සහභාගීත්වයට ප්‍රමුඛත්වය ලබා දීම මඟින් ව්‍යාපාර වර්ධනයට දායක වන නව ක්‍රමවේදයන්  වෙත ප්‍රවේශ වීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ඇති හැකියාව සහතික කරනවා.  ශක්තිමත් පාලනය තුළින්  විනිවිදභාවය සහ සදාචාරාත්මක මෙහෙයුම් සහතික කරන අතර අවදානම් අවම කරන අතර ආයෝජක විශ්වාසය ඒ තුළින් තවදුරටත්  ඉහළ නංවනු ලබනවා.”

ජාත්‍යන්තර පාරිභෝගිකයන් රාශියක් වෙත  Alumex PLC සිය සේවාව සපයන අතර  බොහෝ පාරිභෝගිකයන්  පාරිසරික බලපෑම පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. නව ESG රාමුව මඟින් පාරිභෝගික අත්දැකීම් තවදුරටත් ප්‍රවර්ධනය කරමින් පාරිභෝගික  සමස්ත තෘප්තිමත්භාවය 85% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.එමෙන්ම මේ ඔස්සේ පාර්ශවකරුවන් සමාගමේ මෙහෙයුම් උපාය මාර්ග කටයුතුවල ප්‍රමුඛස්ථානයේ රැඳී සිටින බව ද සහතික කරයි.

 දිනෙන් දින ඉහළ යන  ආර්ථික අවශ්‍යතා සඳහා  ප්‍රතිචාර වශයෙන්, ගෝලීය තිරසාර ප්‍රමිතීන්ට අනුකූලව අවම සමස්ත කාබන් ශ්‍රේණිගත කිරීමකට දායකත්වය සපයමින් ශ්‍රී ලංකාව වෙත ප්‍රතිලාභ රැසක් අත් කරදීමට  Alumex PLC නිරන්තරයෙන් කැපවී සිටියි. හරිතාගාර වායු (GHG) තීව්‍රතාවය 25% කින් අවම කිරීම ඇතුළුව මෙහෙයුම්වලදී බලශක්ති භාවිතය වඩාත් ප්‍රශස්ත ආකාරයට  සිදුකිරීමට පියවර ගනිමින් දේශගුණික විපර්යාසයන් වළක්වා ගැනීම පිළිබඳ  ගෝලීය අරමුණුවලටද සිය දායකත්වය ලබාදීමට සමාගම බලාපොරොත්තු වන අතර මෙම ESG රාමුව මඟින්  අනාගතය සඳහා පැහැදිලි ඉලක්ක සකසයි.

ජාත්‍යන්තර ඇලුමිනියම් ආයතනය (International Aluminium Institute) සහ ඇලුමිනියම් භාරකාරත්වය (Aluminium Stewardship Initiative) වැනි ගෝලීය රාමු සමඟ ද Alumex PLC කටයුතු කරයි. පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම සහ නිෂ්පාදන ක්‍රියාවලීන් ප්‍රශස්ත කිරීම මඟින් එහි ඇලුමිනියම් අගය දාමය decarbonising කිරීම කෙරෙහි සමාගම වැඩි අවධානයක් දක්වයි. එමෙන්ම ඵලදායී ප්‍රතිචක්‍රීකරණ භාවිතයන් තුළින් සම්පත් කාර්යක්ෂමතාව වැඩි දියුණු  කිරීම ද සිදු කරයි. තිරසාර සහ සදාචාරාත්මක භාවිතයන් සැපයුම් දාමය පුරා  සහතික කිරීම ඔස්සේ  සමාජ හා පාරිසරික පිරික්සීම පිළිබඳ සැපයුම්කරුවන්ගේ 50%ක ඉලක්කයක් ඇතිව, වගකීම් සහිත මූලාශ්‍ර සඳහා සමාගමේ කැපවීම මෙම ESG රාමුව තුළින්  අවධාරණය වේ.

තවද, ජෛවවිවිධත්වය සංරක්ෂණය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන Alumex PLC,   වාසස්ථාන ප්‍රතිසංස්කරණ කෙරෙහිද අවධානය යොමුකරන අතර, ජල පරිභෝජන තීව්‍රතාවය 30% කින් අවම  කිරීමේ ඉලක්කයක් සහිතව ජල සම්පත් සංරක්ෂණය කිරීමට සහ පාරිසරික බලපෑම් අවම කිරීමට කැපවී සිටියි. Alumex PLC හි මෙහෙයුම් සඳහා විවෘත සන්නිවේදනය සහ පාර්ශවකරුවන්ගේ වගවීම සඳහා කැපවීම සමඟ විනිවිදභාවය සහ සදාචාරාත්මක භාවිතයන් මූලික වේ.

විවිධත්වය අගය කරන සමාගමක් ලෙස Alumex PLC සංවර්ධන වැඩසටහන් හරහා සේවකයන් සවිබල ගැන්වීම වැනි ක්‍රියාකාරකම් ඔස්සේ සේවා ස්ථානය පෝෂණය කරයි. තවද  අධ්‍යාපනික සම්පත් සහ ශිෂ්‍යත්ව ලබා දීම, සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය  සහතික කිරීම මෙන්ම කුඩා ව්‍යාපාරවලට ආර්ථික සවිමත් බවක් ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වැනි කටයුතු ඔස්සේ ද Alumex PLC ප්‍රජාවට සහාය වේ.

Alumex PLC හි මෙහෙයුම් සඳහා විවෘත සන්නිවේදනය සහ පාර්ශවකරුවන්ගේ වගවීම සඳහා කැපවීම සමඟ විනිවිදභාවය සහ සදාචාරාත්මක භාවිතයන් මූලික වේ.

Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ ප්‍රමුඛතම ආයතනය වන Alumex PLC, නවෝත්පාදනයන් සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම සමඟින් කර්මාන්තය ඉදිරියට ගෙනයාමට සඳහා නායකත්වය ලබා දීමට සූදානමින් සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments