Wednesday, June 4, 2025
HomeBiz NewsHNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින්...

HNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින් සුවිශේෂී දීමනා..

  • වෙළෙඳ සහකරුවන් 300කට අධික සංඛ්‍යාවක් වෙතින් 70%ක් දක්වා වට්ටම්
  • සුවිශේෂී පොලී රහිත වාරික ගෙවීමේ සැලසුම්
  • විශේෂ ත්‍යාගයක් දිනාගැනීමට අවස්ථාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව උදා වන අලුත් අවුරුදු උත්සව සමය නිමිති කරගනිමින් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත සුවිශේෂී වට්ටම්, පහසු ගෙවීමේ සැලසුම් සහ ආකර්ෂණීය තෑගි දිනා ගැනීමට මෙවරත් අවස්ථාව සලසා දී ඇත. 2025 මාර්තු සහ අප්‍රේල් මාසය පුරා ක්‍රියාත්මක මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් 70%ක් දක්වා අසමසම වට්ටම් මෙන්ම අමතර ගාස්තු රහිත වාරික ගෙවීමේ සැලසුම් හා සුවිශේෂී ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව HNB කාඩ්පත් හිමියන් වෙත උදා වේ.

සුපිරි වෙළෙඳසැල්, විලාසිතා අලෙවිසැල්, ඉලෙක්ටි්‍රක් භාණ්ඩ අලෙවිසැල්, ගෘහ භාණ්ඩ අලෙවිසැල්, ජනප්‍රිය අවන්හල්, සංචාරක හා විවේකාස්වාද සේවා සපයන්නන්, ශරීර සුවතා සේවා සහ සූර්ය පැනල ඇතුලු වෙළෙඳ සහකරුවන් 300කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනිමින් මේ අලුත් අවුරුදු උත්සව සමයේදී සිය පාරිභෝගිකයින් වෙත අදහාගත නොහැකි ඉතුරුම් සමඟ සුවිශේෂී ප්‍රතිලාභ භුක්ති විඳීමේ අවස්ථාව HNB සලසා දී ඇත. සතියේ දවස් හත පුරා ක්‍රියාත්මක මෙම දීමනාවන් අත් විඳිමින් උත්සව සමයේ තමන්ට රිසි සේ සාප්පු සවාරි අත්දැකීමක් විඳ ගැනීමට HNB කාඩ්පත් හිමියන්ට දැන් අවස්ථාව ඇත.

උදාවන අවුරුදු සමය වෙනුවෙන් ඉතා වැදගත් වන එදිනෙදා ජීවිතයේ අවශ්‍ය බඩු භාණ්ඩ සිය පාරිභෝගිකයින් වෙත පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලබා දීම සඳහා පුළුල් පරාසයක වෙළෙඳ අලෙවිසැල් සමඟ HNB අත්වැල් බැඳගෙන සිටියි. තමන් කැමති පරිදි ඇඳුම්-පැළඳුම්, පාවහන්, උපාංග, ඉලෙක්ට්‍රොනික් උපකරණ, ගෘහ උපකරණ, සූර්ය පැනල, පුද්ගලික ආරක්ෂණ හා යෝග්‍යතා නිෂ්පාදන මිලදී ගැනීමේදී සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට මේ හරහා HNB කාඩ්පත් හිමියන්ට හැකිය. මීට අමතරව Keells, Cargills, Arpico, Glomark, SPAR සහ LAUGFS ඛ්ඹඨත්‍ී ඇතුලු සුපිරි වෙළෙඳසැල් තුළින් සුවිශේෂී වට්ටම් හිමි කර ගනිමින් උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි වනු ඇත.

තවද HNB පාරිභෝගිකයින්ගේ එදිනෙදා වියදම්වලට තවත් පහසුවක් එක් කරමින් තෝරාගත් පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවන් සමඟ එක්ව මාස 48ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් සැලසුම් ලබා දීමට කටයුතු කර ඇත. මීට අමරව ඉලෙක්ටි්‍රක් උපකරණ, ගෘහ උපකරණ ඇතුලු විවිධ කාණ්ඩ රැසක් සඳහා මාස 3, 6, 12, 24 සහ 36 දක්වා පහසු ගෙවීමේ සැලසුම් ද හඳුන්වා දී තිබීම තවත් විශේෂත්වයකි. තමන්ගේ වියදම් මනාව කළමනාකරණය කරමින් නිවසට අවශ්‍ය ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ හා අනෙකුත් වටිනා උපකරණ මිලදී ගැනීමේ අවස්ථාව ද HNB කාඩ්පත් හිමියන්ට උදා කර දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කාඩ්පත් ප්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය පැවසුවේ “අපගේ කාඩ්පත් හිමියන් වෙත නිරන්තරයෙන් සුවිශේෂී වටිනාකමක් ලබා දීමට කැපවී කටයුතු කරන අප මේ අලුත් අවුරුදු උත්සව සමයේදී ද එම වටිනාකම ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරනවා. අසමසම වට්ටම්, අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් හා ආකර්ෂණීය ත්‍යාග සමඟින් මෙම කාලය තුළ ලබා දෙන හොඳම දේ පාරිභෝගිකයින් වෙත ලබා දීම අපගේ බලාපොරොත්තුවයි. මෙය ආරම්භයක් පමණක් වන අතර තවත් බොහෝ ප්‍රතිලාභ ඉදිරියේදී ඔවුන්ට හිමි කර දීමට අපි සූදානමින් සිටිනවා” යනුවෙනි.

සාප්පු සවාරිවලට පමණක් නොව සුප්‍රසිද්ධ හෝටල් හා නිවාඩු නිකේතන, ආහාරපාන හා ගමන් බිමන් වැනි සියලු අවස්ථාවලදී සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමට ද HNB මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව දීප ව්‍යාප්ත ප්‍රමුඛ පෙළේ හෝටල්, නිවාඩු නිකේතන හා අවන්හල් තුළින් HNB කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනා ලබා දෙමින් ඔවුන්ට තම විවේකය හා විනෝදය සමඟින් රසවත් භෝජන අත්දැකීමක් සපුරා ගැනීමට බැංකුව අවස්ථාව ලබා දී ඇත. තවද ගුවන් ටිකට්පත්, සංචාරක පැකේජ සහ සංචාර සඳහා වන වියදම් සඳහා මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් සැලසුම් සමඟින් උත්සව සමයේ සංචාරවල නියැලීමට දැඩි කැමැත්තක් දක්වන HNB කාඩ්පත් හිමියන්ට ද මෙම ප්‍රතිලාභ භුක්ති විඳිය හැකිය.

තිරසාරත්වය උදෙසා නිරන්තරයෙන් කැපවන HNB මෙම උත්සව සමයේදී තෝරාගත් සූර්ය බලශක්ති නිෂ්පාදන ආයතන සඳහා මාස 60ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් සැලසුම් හඳුන්වා දෙමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත ආයෝජනය කිරීමට පාරිභෝගිකයින් දිරිමත් කිරීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ විදුලි බිල අවම කරමින් හරිත අනාගතයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමිනි. තිරසාර මූල්‍ය විසඳුම් ඉහළ නැංවීම හා දිගු කාලීන ඉතුරුම් අවස්ථා තුලින් ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා HNB හි අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරක් ලෙසද මෙය සඳහන් කළ හැකිය.

මීට අමතරව බැංකුව විසින් උත්සව සමයේ පාරිභෝගිකයින්ගේ සතුට තව තවත් තීව්‍ර කරමින් සියලු වියදම් සහිත සිංගප්පූරු සංචාරයක් දිනා ගැනීමේ අවස්ථාවද HNB කාඩ්පත් හිමියන් වෙත උදා කර දී ඇත. මෙහිදී විශේෂ දිනුම් ඇදීමක් තුළින් ජයග්‍රහණය කරනු ලබන වාසනාවන්තයා හට සුපිරි හෝටලයක දින 4ක, රාත්‍රී 3ක නවාතැන් පහසුකම් සමඟින් සම්පූර්ණ වියදම් සහිත සිංගප්පූරු සංචාරයක් හිමි කර දීමට HNB කටයුතු කර ඇත. එය මේ උත්සව සමයේ ඔබට ලැබෙන වටිනාම ත්‍යාගය වනු නිසැකය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..