Tuesday, June 10, 2025
HomeBiz Newsමෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය කෙරෙහි නව මාවතක් විවර කරමින් ලංකා-ඉන්දියානු ව්‍යාපාරික සංගමය...

මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය කෙරෙහි නව මාවතක් විවර කරමින් ලංකා-ඉන්දියානු ව්‍යාපාරික සංගමය (LIBA) ශ්‍රී ලංකාවේ දී ආරම්භ කෙරේ..

දශක ගණනාවක් පුරාවට බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූ ගෝලීය ආර්ථිකය තුළ සිය  බලය තහවුරු කිරීමට  දැන්  නැගෙනහිර රටවල් වෙත කාලය එළඹ තිබේ. වර්තමානයේ දී  ලෝකයේ වර්ධන කේන්ද්‍රස්ථානය  බවට පත්වීමට  ඉන්දියාව සූදානමින් සිටින අතර , මෙතෙක් බටහිර රටවල ග්‍රහණයේ පැවති  ලෝක ආර්ථික බලය, අසල්වැසි රටක් වෙත හුවමාරුවීමේ මෙම සුවිශේෂී අවස්ථාවේ දී ප්‍රතිලාභ රැසක් නෙලා ගැනීමේ අද්විතීය අවස්ථාව දකුණු ආසියාතික රටවලට හිමි වේ.

සියවස් ගණනාවක සිට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක මෙන්ම සවිමත් ආර්ථික සබඳතාවක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර  පවතී. මේ වන විටත් ලෝකයේ නැගෙනහිර දෙසට ප්‍රවාහනය කරන බොහෝ ඉන්දියානු භාණ්ඩ සඳහා කොළඹ වරාය නවීන පහසුකම්වලින් සමන්විත  ගමනාන්තයක් බවට පත් වී ඇත.

2075 වසර වන විට ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වීමට නියමිත බව FT වාර්තාව ඔස්සේ පුරෝකථනය කර තිබේ. ලෝකයේ වේගවත් ආර්ථික වර්ධනයක් සහිත එවැනි රටක්  සමඟ වඩාත් සමීප ව්‍යාපාරික සබඳතාවක් වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතය අභිවෘද්ධිය කෙරෙහිද මනා පිටිවහලක් වන අතර  මෙය ඒ සඳහා වඩාත් සුදුසු කාලය වනු ඇත. ලංකා ඉන්දියානු ව්‍යාපාරික සංගමය (LIBA) විසින් දැනටමත්  මෙම සබඳතාවය   වැඩිදියුණු කිරීම සඳහා  කටයුතු කරමින් සිටියි.

මේ පිළිබඳව අදහස් එකතු කරමින් LIBA හි සභාපති සන්තෝෂ් මෙනන් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අතීතයේ සිටම ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ බලවතෙකු ලෙස කටයුතු කළා. උසස් තත්ත්වයේ කුරුඳු, ගම්මිරිස් මෙන්ම මෑත කාලීනව වඩාත් ප්‍රචලිත වූ ‘ලංකා තේ’  වැනි වාණිජ බෝග  සඳහා ලොව ඉහළ ඉල්ලුමක් පවතිනවා. තවද, ඇඟලුම් කර්මාන්තය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ප්‍රදර්ශනය කළ සුවිශේෂී කුසලතාවයන් තුළින් ලෝකයේ වැඩිම ඉල්ලුමක් පවතින වෙළෙඳ නාම සඳහා ප්‍රමුඛ පෙළේ සැපයුමකරුවෙකු ලෙස තේරී පත් වීමට ද ශ්‍රී ලංකාවට අවස්‍ථාව ලැබී තිබෙනවා. ඉන්දියාව සමග වඩාත් ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් මෙරට වෙළෙඳ බලය තවදුරටත් ඉහළ නැංවීම සඳහා නිවැරදි ක්‍රමවේදයන් සොයා ගැනීම මෙරට ආර්ථිකය කෙරෙහි ධනාත්මක පිටුබලයක් සපයනවා.එබැවින් LIBA ඔස්සේ ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර අතර  අර්ථවත් සමීප සබඳතාවන්  වර්ධනය කිරීමට සහ ඊට අවශ්‍ය  පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. “දිගු කලක සිට ශිෂ්ටාචාර ගත සබඳතාවක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර  පවතින අතර  ශක්තිමත් ආර්ථික හා වාණිජ සබඳතා ඒ ඔස්සේ නිරායාසයෙන්ම ගොඩනැගී තිබෙනවා. LIBA හරහා දෙරටේම ව්‍යාපාර ප්‍රජාව අතර සමීප සබඳතාවන් තවදුරටත් සවිමත් කරමින් සහ පෝෂණය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රයත්නයන් මා අගය කරන අතර සියලුම අරමුණු සාර්ථක කර ගැනීමට   LIBA හි සභාපති සන්තෝෂ් මෙනන් ඇතුළු පාලක මණ්ඩලයේ ආරම්භක සාමාජිකයන් සියලු දෙනාටම මගේ සුබ පැතුම් පිරිනමනවා.”

“ලෝකයේ වඩාත්ම උසස් වෙළෙඳ නාම සැපයීමට ශ්‍රී ලංකාවට තිබෙන සුවිශේෂී  හැකියාව  පිළිබඳව  ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ විශිෂ්ටත්වය ඔස්සේ මැනවින් සනාථ කර තිබෙනවා. අප රටේ සාක්ෂරතා අනුපාතය, ජීවන තත්ත්ව දර්ශක සහ  ආගන්තුක සත්කාර යන කරුණු දිගු කාලීන සබඳතා ගොඩනගා ගැනීම කෙරෙහි අපට බෙහෙවින් ඉවහල් වෙනවා. එමෙන්ම  ඒ ඔස්සේ  විශිෂ්ට  ව්‍යාපාරික හවුල්කරුවන් බවට පත් වෙමින් එම ව්‍යාපාර  පමණක් නොව ඔවුන් නියෝජනය කරන  රටවල් වෙත ද ප්‍රතිලාභ පිරිනැමීමට අපව සවිබල ගන්වනවා. විවිධ හැකියාවන් සහිත  ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු දියත් කිරීමට වේදිකාවක් සකසා දීම සම්බන්ධයෙන්  අපි වැඩි උනන්දුවක් දක්වනවා.ඒ අනුව LIBA ඒ සඳහා කදිම අවස්ථාවක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් LIBA හි උප සභාපතිනිය වන අරෝෂි නානායක්කාර මහත්මිය  පැවසුවාය.

මීට අමතරව LIBA හි පාලක මණ්ඩලය නියෝජනය කරන තවත් සාමාජිකයන් රැසක් ද ලංකා-ඉන්දියානු ව්‍යාපාරික සංගමය (LIBA) දියත් කිරීම සහ එය දෙරටේ සංවර්ධනය කෙරෙහි ඉවහල් වන ආකාරය පිළිබඳ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළහ.

පාලක මණ්ඩලය නියෝජනය කරන  සාමාජිකයෙකු වන ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා මේ ගැන ඔහුගේ අදහස්  එක් කළේ මෙසේය. “භූගෝලීය පිහිටීම අනුව අප නැගෙනහිර සහ බටහිර රටවල් අතර වෙළෙඳ ගමන් මාර්ගයේ සන්ධිස්ථානයක  ස්ථානගත වී තිබීම  අපට ශක්තියක් වී තිබෙනවා. දකුණු ආසියාතික කලාපය නුදුරේදීම ගෝලීය වෙළෙඳ  කටයුතු පිළිබඳ  කේන්ද්‍රස්ථානයක් වීමට නියමිත බැවින්, ඉන්දියාව සමඟ පවතින සමීප සබඳතාවන් අප රටේ අනාගත සාර්ථකත්වය කෙරෙහි වාසිදායක කරුණක් ලෙස අපට ඉවහල් කර ගත හැකියි.”

“ඉන්දියාව සමඟ ඩිජිටල් සහ නව්‍ය ව්‍යාපාර ක්ෂේත්‍ර පිළිබඳ සමීප සම්බන්ධතාවයන් ගොඩනඟා ගනිමින් ඒ ඔස්සේ ලබන අත්දැකීම්   ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට අපි උත්සහ කරනවා. බොහෝ දේශීය තාක්ෂණික නිෂ්පාදන  ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත වෙනවා. ඉන්දියාව වෙත සමීප වීම ඔස්සේ ඔවුන් උපරිම  ප්‍රතිලාභයක් අත්පත් කර ගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.” යනුවෙන් පාලක මණ්ඩල සාමාජික අෂික් අලි මහතා සිය අදහස් ඉදිරිපත් කළේය.

පාලක මණ්ඩල සාමාජිකාවක් වන නෙවින්දරී ප්‍රේමරත්න මහත්මිය මේ පිළිබඳව ඇගේම  අත්දැකීම්  මෙසේ ඉදිරිපත් කළාය.“ STEM අධ්‍යාපනයට අදාළ ව්‍යාපාරයක් මම පවත්වාගෙන යනවා. ඉන්දියාවේ ද මෙම නව නිර්මාණාත්මක ඉගැන්වීමේ ක්‍රමය සඳහා  විශාල ඉල්ලුමක් තිබෙන බව මම දුටුවා. මේ උසස් තත්ත්වයේ නිෂ්පාදනය ඉන්දියානු වෙළෙඳපලට ලබාදීමට අවස්ථාව  ලැබීම ගැන මම බෙහෙවින්  සතුටට පත්වෙනවා. LIBA කවුන්සිලයේ සාමාජිකාවක් විදිහට ඉන්දියාවේ තිබෙන මෙවැනි අවස්ථාවන් පිළිබඳ සියලුම දෙනාට දැනුම් දීමට මම බලාපොරොත්තු වෙනවා.”

මේ පිළිබඳව ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතාගේ අදහස වූයේ, ” මම බැංකුකරුවෙකු ලෙස මෙරට MSME අංශය දකින්නේ, ශක්තිමත් ව්‍යවසායක කුසලතා සහිත මෙන්ම සාම්ප්‍රදායික වෙළෙඳපල අතික්‍රමණය කරමින් ඉන් ඔබ්බට ගමන් කිරීමට වැඩි උනන්දුවක් දක්වන   පුද්ගලයින් සිටින ස්ථානයක් ලෙසයි. එම නිසා LIBA හරහා ඔවුන්ට කදිම අවස්ථාවක් ලබා දීමට අපි උත්සාහ කරනවා.”  යනුවෙනි.

“පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරට අයත් වන ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද තිබෙන්නේ සමාන නීති පද්ධතියක්. ශ්‍රී ලංකාවේ වාණිජ, වෙළෙඳ කටයුතු, කෘත්‍රිම බුද්ධිය සහ බුද්ධිමය දේපළ වැනි දියුණු වෙමින් පවතින  අංශවල නෛතික  රාමුව සහ ප්‍රතිපත්ති සකස් කිරීම කෙරෙහි  දේශ සීමා අතික්‍රමණය කරමින් සබඳතා ගොඩනගා ගැනීම බොහෝ උපකාරී වෙනවා.” ලෙස සමන්ති ඩයස් මහත්මිය සිය අදහස් ප්‍රකාශ කළාය.

LIBA ඔස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන ක්‍රියාකරුවෙකු ලෙස ශ්‍රී ලංකා අල්ට්‍රාටෙක් සිමෙන්ති ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධානී සන්දීප් හෝලි මහතා කටයුතු කිරීමට නියමිතය.  එමඟින් දැනුම හුවමාරු කර ගනිමින් සබඳතා වර්ධනය කර ගැනීමට  සහ එම සහයෝගීතාවය තුළින් ව්‍යාපාරවලට  සහ වෘත්තිකයන්ට “එක්ව වර්ධනය වීමට” අවස්‍ථාව  හිමි වේ.

සන්තෝෂ් මෙනන් මහතා විසින් මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කරන ලදී. “අපගේ පාලක මණ්ඩලය නියෝජනය කරන්නේ  ශ්‍රී ලංකාවේ විවිධ කර්මාන්ත සහ පසුබිම් රැසකින් පැමිණි ඉතා ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් පිරිසක්. එය ස්ත්‍රී පුරුෂ භාවය මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආදී සියලුම  විවිධත්වයන් නියෝජනය කරන සමබර කණ්ඩායමක්. එමෙන්ම දැනට පවතින වෙළෙඳ හා ව්‍යාපාර ආශ්‍රිත සංවිධාන  සහ අනෙකුත් ආයතන සමඟ එක්ව කටයුතු  කිරීමට ද අපි කැපවී සිටිනවා. අපගේ දැක්ම සපුරාලීම සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් අපට තිබෙනවා.”

LIBA සාමාජිකත්වය ලබා ගැනීමේ අවස්‍ථාව දැන් ඔබ සැමට විවෘත අතර me********@**ba.lk ඔස්සේ සම්බන්ධ වෙමින් නොමිලේ සාමාජිකත්වය (මාසයක් පමණි) ලබා ගත හැකිය.  ඔබේ ව්‍යාපාරය සඳහා ඉන්දියාව තුළ අවස්ථාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබ දක්වන උනන්දුව සහ කැමැත්ත පිළිබඳව තොරතුරු ඔබට අප වෙත යොමු කළ හැකිය. සියලුම සාමාජිකත්වයන් පිළිබඳව අවසන් තීරණය  පාලක මණ්ඩලය සතු වේ.

www.liba.lk වෙබ් අඩවියට පිවිසීම ඔස්සේ ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..