Sunday, December 22, 2024
HomeBiz Newsසොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් වාර්ෂික...

සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් වාර්ෂික වාර්තාව නිකුත් කරයි..

විශාලතම පාරිභෝගික පදනමකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවිශේෂී විශේෂාංග සහිත ප්‍රථම AI වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. යාන්ත්‍රික ඉගෙනුම් පදනම් කරගත් AI-Agent “Lifey” සහ දත්ත ස්වයංක්‍රීයව දැක බලා ගැනීමේ තාක්ෂණයන්ගෙන්ද සමන්විත එම වාර්ෂික වාර්තා විශ්ලේෂණය තුළින් තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව ඇත්තේ වාර්තා විශ්ලේෂණය සඳහා සුවිසල් AI හැකියාවන් සහිත ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට පත් වෙමිනි.

සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලයෙන්තාක්ෂණය උපයෝගී කරගත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය මේ වසර මුලදී හඳුන්වා දෙන ලදී. එම වාර්තා විශ්ලේෂණයෙහි අන්තර්ගත දත්ත විශාල ප්‍රමාණයක් කඩිනමින් සකස් කිරීම සඳහා AI තාක්ෂණය සමඟ ගැටලු විසඳීම සඳහා යොදාගන්නා යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රම (algorithms) භාවිත කරනු ලැබීය. මේ තුළින් ඒ හා සම්බන්ධ පාර්ශවයන්ට ඉක්මණින් හා පහසුවෙන් විශේෂ තොරතුරු දැක බලා ගැනීමේ හැකියාව උදා විය. තවද මෙම හඳුන්වාදීමත් සමග වාර්ෂික වාර්තා කියවීමේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් වෙනස් කිරීමටද සොෆ්ට්ලොජික් සමාගමට හැකි විය.

වාර්ෂික වාර්තා විශ්ලේෂණය සඳහා ඇතුළත් කරන ලද නවතම විශේෂාංගය වන්නේ “Lifey” ය. මෙම නවතම විලේෂණයෙහි කේන්ද්‍රස්ථානය වන එය වාර්ෂික වාර්තාව තුළින් දත්ත උපුටා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ඉදිරිපත් කිරීමට හඬ සහ අකුරු භාවිත කරමින් පරිශීලයින් සමඟ අන්තර් ක්‍රියා කළ හැකි උසස් තත්වයේ  AI සහායක විශේෂාංගයකි. සංකීර්ණ විශ්ලේෂණ සිදු කිරීමේ හැකියාව සහිත මෙම AI විශේෂාංගය බාධාවකින් තොරව තොරතුරු අවබෝධ කර ගැනීමේ හැකියාව පරිශීලකයින් වෙත ලබා දෙන්නේ තාක්ෂණික අවබෝධයකින් තොර පරිශීලකයින්ට අතින් සෙවීමකින් තොරව මූල්‍ය හා මෙහෙයුම් තොරතුරු පිළිබඳ ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කර දෙමිනි.

ආයතනික තොරතුරු විශ්ලේෂණයේදී නව්‍ය සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම විශේෂාංගය වාර්ෂික වාර්තා විශ්ලේෂණයේදී හඬ සමඟ සුපැහැදිලිව බලා ගැනීමේ අවස්ථාව පරිශීලකයා වෙත උදා කර දීමට සමත් වනු ඇත. එය සොෆ්ට්ලොජික් ලයිෆ්හි තාක්ෂණික විශිෂ්ටත්වයේ තවත් දැවැන්ත ඉදිරි පියවරක් වනු නිසැකය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා සඳහන් කර සිටියේ “ සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය සඳහා හඳුන්වාදීම් රැසක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වීඩියෝ වාර්ෂික වාර්තාව වන ‘ඔබේ වාර්තාව ඔබම සකසාගන්න’ විශේෂාංගය මෙන්ම අන්තර් ක්‍රියාකාරී විශේෂාංග එකතුව ද ඊට අයත් සුවිශේෂී හඳුන්වාදීම් ලෙස පෙන්වා දිය හැකියි. අපගේ පාර්ශවකරුවන් හට සුවිසල් දත්ත සමුදායක් වෙත ඉක්මණින්, පහසුවෙන් ළඟා වීමට අවශ්‍ය හැකියාව ලබා දීම වෙනුවෙන්  මෙම නවතම වාර්ෂික වාර්තා විශ්ලේෂණය හඳුන්වාදීමට කටයුතු කළා. මේ නිසා AI භාවිත කරමින් දත්ත විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට හැකි වී තිබෙනවා.” යනුවෙනි. 

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “මෙම විශේෂාංගය තුළින් ඉතා සංකීර්ණ තොරතුරු පැහැදිලි, ක්‍රියාකාරී ආකාරයෙන් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි පරිදි විශ්ලේෂණය කිරීම සිදු කරනවා. අඛණ්ඩව AI භාවිත කරන අප ඉදිරියේදී තව දුරටත් විධිමත් ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මෙම විශේෂාංගයන් තව දුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වනවා. මෙරට විශාලතම පාරිභෝගික පදනමකට හිමිකම් කියන ජීවිත රක්ෂණ සමාගම ලෙස අපට විනිවිදභාවය හා පාලනය සම්බන්ධයෙන් සුවිසල් වගකීමක් පැවරී ඇති බව විශ්වාස කරන අතරම සෑම පාර්ශවකරුවකුටම අපගේ තොරතුරු පහසුවෙන් දැන ගැනීමේ අවස්ථාව උදා කර දීමට කැපවී කටයුතු කරනවා” යනුවෙන්ද පවසා සිටින ලදී.

මෙම සුවිශේෂී දායකත්වය පිළිබඳ අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන ඩිජිටල් නව්‍යකරණ නිලධාරී සාරංග විජයරත්න මහතා “වාර්තා විශ්ලේෂණයන් සිදු කිරීමේ පහසුව හා ඊට ඉක්මණින් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දීම වෙනුවෙන් අපගේ කැපවීම මෙම හඬ සහිත විශේෂාංගය හා විශ්ලේෂණයන් තුළින් මනාව පිළිබිඹු වනවා. ඕනෑම අයෙකුට අකුරු ටයිප් කිරීමට නොහැකි විටකදී හෝ ගමනක යෙදී සිටියදී හෝ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක හඬ විධානයන් තුළින් ප්‍රතිචාර දක්වමින් කඩිනම් හා නිවැරදි පිළිතුරු ලබාදීමේ හැකියාව මෙම විශේෂාංගය සතුයි. සංකීර්ණ දත්ත පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයෙන් පරිශීලකයා වෙත ගෙන ඒමට සමත් මෙම වාර්ෂික වාර්තා විශ්ලේෂකය තමන්ට පහසු ආකාරයෙන් බලා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බැවින් පරිශීලකයාට ඉක්මණින් තොරතුරු අවබෝධ කර ගැනීමේ පහසුව උදා වනවා” යනුවෙන් පැවසීය.

නිරන්තරයෙන් වෙනස්වන ඩිජිටල් අවකාශය තුළ අවශ්‍යතා සපුරාලීම සඳහා සුදුසු විසඳුම් ඉදිරිපත් කිරීමට අවධානය යොමු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ කර්මාන්තය තුළ නව ප්‍රමිතීන් සකස් කිරීමට කටයුතු කර ඇත්තේ විවිධ හඳුන්වාදීම් සිදු කරමිනි. පසුගියදා නිමාවූ 2023 SAFA Best Presented Annual Report Awards හිදී මූල්‍ය වාර්තාකරණයේ හා ආයතනික විනිවිදභාවයේ විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඉහළම සම්මාන 3කින් පිදුම් ලද ශ්‍රී ලංකාවේ එකම සමාගම බවට පත් වීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. තවද CA Sri Lanka හි 57 වැනි TAGS Annual Report Awards හිදී අඛණ්ඩව දෙවන වරටත් සමස්ත දෙවැනි ස්ථානය හිමිකරගත් සොෆ්ට්ලොජික් ලයිෆ් 2023 CMA Sri Lanka – Integrated Reporting Awards හිදී සමස්ත ජයග්‍රාහකයා බවට පත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයන් තුළින් අවධාරණය කරනු ලබන්නේ ඩිජිටල් අවකාශය තුළ නවීන විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් දක්වන කැපවීමයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments