Saturday, June 7, 2025
HomeBiz Newsප්‍රයිම් සමූහය ‘Prime Villas දළුගම’ ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් හිමිකරුවන් වෙත භාරදෙයි ...

ප්‍රයිම් සමූහය ‘Prime Villas දළුගම’ ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් හිමිකරුවන් වෙත භාරදෙයි …

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විසින් ඉදිකිරීම් අවසන් කළ ‘Prime Villas දළුගම’ ව්‍යාපෘතියේ නිවාස, හිමිකරුවන් වෙත නීත්‍යනුකූලව භාරදීම පසුගියදා සිදුකරන ලදී. ඒ ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය හා නිවෙස්හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ විශේෂ උත්සවයකදී ය.

2021 වසරේදී එහි ඉදිකිරීම් ආරම්භ කළ  ‘Prime Villas දළුගම’ ව්‍යාපෘතිය ප්‍රයිම් සමූහය විසින්  ඉදිකිරීම් අවසන් කළ නවතම ව්‍යාපෘතිය වන අතර සුවපහසු ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම්වලට නුදුරෙන් පරණ නුවර පාරට මායිම්ව කැළණිය, දළුගම ප්‍රදේශයේ ඉතා සැලකිල්ලෙන් තෝරාගන්නා භුමි භාගයක ඉදිකර ඇත.

මෙම නිවාස නිදන කාමර ත්‍රිත්වයකින් යුත්  අලංකාර නිමාවකින් මෙන්ම අතිනවීන පහසුකම් වලින් ද, වාහන දෙකක් නැවැත්වීමේ ඉඩකඩ මෙන්ම පූර්ණ වශයෙන් අලංකාර කර සකසන ලද ගෙවත්තකින් ද සමන්විතය. පූර්ණ පහසුකම් සහිත පැන්ට්‍රිය, උණු ජල සැපයුම (Hot Water Supply), පිිහිනුම් තටාකයක්, දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා වෙනම කොටසක් ද මීට අමතරව පැය 24 පුරා ක්‍රිියාත්මක ආරක්ෂාව මෙන්ම සුරතල් සතුන් ඇති කිරීමේ නිදහස ද සහිත වීම මෙම නිවාස ව්‍යාපෘතියේ සුවිශේෂීතා ලෙස දැක්විය හැක.

තම පාරිභෝගිකයන් සමග දීර්ඝකාලීන සබඳතා ගොඩනංවා ගැනීමට කැපවුණු ප්‍රයිම් සමූහයේ කාර්යමණ්ඩලයද, ප්‍රයිම් සමුහය අඛණ්ඩව සුරක්ෂිත කොට ඇති නොසැලෙන විශ්වාසයද  මෙම නිවාස හිමිකරුවන්ට මහත්  ආශීර්වාදයක් වනු ඇත. ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සේවාලාභීන් සිය නිවාස පිළිබඳව මෙන්ම ප්‍රයිම් සමූහයේ සේවා පිළිබඳව දැක්වූයේ ඉතා තෘප්තිමත් ප්‍රතිචාර ය.

අංක 11 නිවසේ හිමිකාරිය වන ෂෙහානි සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ සිය නිවස ඉදිකිරීම සිදුවූ කාලය තුළ දී ප්‍රයිම් සමූහ සමග ගනුදෙනු කිරීම ඉතා ප්‍රසන්න අත්දැකීමක් බවත් සිය නිවස මෙලෙස ඉදිකිරීම් අවසන්ව තිබෙනු දැකීම මහත් සතුටක් බවත් ය. ප්‍රයිම් සමූහය සතු නම්‍යශීලී පහසු ගෙවීම් ක්‍රම නිසා තම නිවස සඳහා සිදුකළ ආයෝජනය සම්පූර්ණ කිරීම පහසු වූ බව අංක 07 නිවස හිමි සමන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. මෙය සන්සුන් සහ නිහඬ පරිසරයක පිහිටි සුන්දර නිවාස එකතුවක් බව අංක 06 නිවස මිලදීගත් තිස්ස එදිරිසිංහ මහතා පැවසී ය. ප්‍රයිම් සමූහය යනු රටේ නොසැලෙන විශ්වාසය දිනාගත් නාමයක් නිසා තමන් මෙම ව්‍යාපෘතියෙන් නිවසක් මිලදී ගැනීමට තීරණය කළ බව අංක 08 නිවස හිමි සුමුදු තුෂාරි මහත්මිය පැවසුවා ය.

“’Prime Villas දළුගම’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්පුර්ණකර එම නිවාස හිමිකරුවන් වෙත භාරදීමට හැකි වීම අප ලද තවත් එක් ජයග්‍රහණයක් මෙන්ම අපමණ සතුටට හේතු වන කරුණක්. හුදෙක්ම මෙය තවත් එක් ඉදිකිරීම් ව්‍යාපෘතියක අවසානය නොව, සුවිශේෂී නිවෙස් හිමි ප්‍රජාවක ආරම්භයක් ලෙස අප දකිනවා. එමෙන්ම මෙවැනි දුෂ්කර කාලසීමාවක පවා අප කෙරෙහි විශ්වාසය රැඳවූ සියලුම දෙනාට අපගේ ස්තුතිය හිමි විය යුතුයි. සියලු බාධක මැද අප්‍රතිහත ධෛර්යයෙන්, අංග සම්පුර්ණව නිර්මාණය වූ මෙම නිවාස ව්‍යාපෘතියේ සාඩම්බර හිමිකරුවන්ගේ හෙට දවස සතුටින් පිරේවායි මා ඉත සිතින් ප්‍රර්ථනා කරනවා.” ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනිය, සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.

‘Prime Villas දළුගම’ යනු ප්‍රයිම් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් අවසන්කර භාරදුන් 23 වැනි නිවාස ව්‍යාපෘතිය මෙන්ම 2024 වර්ෂයේදී ප්‍රයිම් සමූහය සම්පූර්ණ කළ භාර දුන් පළමු ව්‍යාපෘතියද වෙයි. ඊට අමතරව තවත් ව්‍යපෘති 8 ක ඉදිකිරීම් දැනටමත්  සිදුවෙමින් පවතින අතර, ඉන්  ව්‍යාපෘති 06 ක් මෙම වසර තුළදී සම්පූර්ණකර භාර දීමට නියමිත ය.  මේ සියල්ල මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ප්‍රයිම් සමූහය දක්වන කැපවීමට මනා සාක්ෂියකි.

‘Prime Villas දළුගම’ ව්‍යාපෘතිය සඳහා සහ ප්‍රයිම් සමූහයේ අනෙකුත් සියලු ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා primelands.lk වෙත පිවිසෙන්න. නැතිනම් 0710777555 අමතන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..