Sunday, June 8, 2025
HomeBiz Newsනායකත්වය සඳහා නව ප්‍රමිතීන් සකස් කරමින් ජනශක්ති ලයිෆ් 'Great Manager' ...

නායකත්වය සඳහා නව ප්‍රමිතීන් සකස් කරමින් ජනශක්ති ලයිෆ් ‘Great Manager’ සම්මාන ප්‍රදානෝත්සවය එළි දක්වන ලදී…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය කාර්ය මණ්ඩල කළමනාකාරිත්වයේ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කරන ලද ජනශක්ති ලයිෆ්  ‘Great Manager’ සම්මාන උළෙල පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු  සහ අධ්‍යක්ෂකවරයෙකු වන මහේල ජයවර්ධන මහතා විසින් ‘ඵලදායී කළමනාකරණය, නායකත්වය සහ රැකියා ජීවිතයේ සමබරතාවයේ වැදගත්කම’ පිළිබඳ වටිනා දේශනයක් ඉදිරිපත් කරන ලදී. ජනශක්ති ලයිෆ් හි නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා මෙන්ම එහි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙම සුවිශේෂී අවස්ථාවෙහි වැදගත්කම පිළිබඳ මෙසේ අවධාරණය කළේය. “මෙය අපගේ ප්‍රගතිය සිහිපත් කිරීමට මෙන්ම අපගේ ඉදිරි ගමන් මාර්ගයේ දිශානතිය හඳුනාගැනීමට හැකි තීරණාත්මක අවස්ථාවක් . යහපත් මාවතක සිට ශ්‍රේෂ්ඨත්වය වෙත ගමන් කිරීම සහ දිගුකාලීන පැවැත්ම ගොඩනඟා ගැනීම යන තේමාවට පිවිසීමෙන් අපට දිගු කාලීන තිරසාර බව සහ ‍යහපත් ප්‍රතිඵල ලබා ගත ගත හැකියි. ඒ සඳහා තාක්ෂණය ද උපයෝගී කරගත හැකියි . එමෙන්ම අනෙකුත් වගකීම් ද දක්ෂ ලෙස කළමනාකරණය කරගනිමින් එක් එක් පුද්ගලයින්ව  ඔවුන් සතු අද්විතීය ශක්තීන් තුළින් විශිෂ්ටත්වය වෙත බල ගැන්වීමටද හැකියි. අපේ ජනශක්ති ලයිෆ් කළමනාකරණ කණ්ඩායම පිළිබඳව මම  ආඩම්බර වෙනවා.ඔවුන් තුළින් සුවිශේෂී ගුණාංග රාශියක් දැකීමට ලැබීම ගැන බෙහෙවින් සතුටුයි . ඔවුන් තම පෞද්ගලික  දියුණුව කෙරෙහි අවධානය යොමු නොකරමින් ඔවුන්ගේ යටතේ වෘත්තීය කටයුතුවල නියැළී සිටින වෘත්තිකයින් පෝෂණය කිරීමට  කැපවී සිටිනවා . එක් එක් කණ්ඩායමේ සාමාජිකයින්ගේ අවශ්‍යතා සඳහා අනුකම්පාව දක්වමින් ඔවුන් විවිධ දැඩි තීරණවලට එළඹෙන ආකාරය මම දැක තිබෙනවා . ඔවුන් පහළ ස්ථරයේ සිටින සේවකයන්ව  සාර්ථකත්වය සඳහා දිරිමත් කරනවා.එම නිසා ඔවුන්ගේ මෙම කැපවීම අපි අනිවාර්යයෙන්ම සැමරිය යුතුයි. අපගේ සෑම ක්‍රියාවකදීම, ජනශක්ති ලයිෆ් හි සාමූහික සාර්ථකත්වයට දායක වෙමින් සැමට සමෘද්ධිමත්  පරිසරයක් නිර්මාණය කිරීමට අපිට උත්සහ කළ හැකියි.”

‘ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය මානසිකත්වය’  පිළිබඳ අවබෝධයක් ලබාදෙන හරවත් සංවාදාත්මක කථිකාවක් ද  මෙම අවස්ථාව සඳහා ඇතුළත් වූ අතර ජනශක්ති ලයිෆ් කළමනාකරණ කණ්ඩායමේ  විශිෂ්ටත්වය හඳුනාගැනීමේ ප්‍රමිතීන් සකස් කරමින් සම්මාන නිර්ණායක එළිදැක්වීම මෙහිදී  සියලු දෙනාගේ අවධානය දිනාගත්  ආකර්ෂණීය අවස්ථාවක් විය.

“ජීවිත නඟා සිටුවීම සහ සිහින සවිබල ගැන්වීම” යන ආයතනික අරමුණ මුල් කරගනිමින්  ජනශක්ති ලයිෆ් සෑම විටම සදාචාරාත්මකව සහ විනිවිදභාවයෙන් යුතුව තම පාර්ශවකරුවන් වෙත වැඩි වටිනාකමක් ලබා දීමට උත්සාහ කරයි. මෙරට ප්‍රමුඛතම ජීවිත රක්‍ෂකයා ලෙස ජනශක්ති ලයිෆ් පාරිභෝගික ජීවිතයේ සෑම අදියරකදීම වර්ධනය වන විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරමින් සිය මූලික රක්ෂණ විසඳුම් සහ සේවාව ලෙස ගනුදෙනුකරුවන් වෙත විශාල දායකත්වයක් ලබාදෙයි. එමෙන්ම සිය කණ්ඩායම් සාමාජිකයින් වෙත ද ඔවුන්ගේ සිහින සහ අපේක්ෂාවන් වර්ධනය කර ගැනීමට සහ සාක්ෂාත් කර ගැනීමට හැකි ඉහළ සහයක් සහිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට ජනශක්ති ලයිෆ් සැමවිටම උත්සාහ කරයි.

වසර 29කට නොඅඩු දිගු කාල පරිච්ඡේදයක් පුරාවට ජනශක්ති රක්ෂණ සමාගම රක්ෂණ  ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියටම ගමන් කර ඇත. සෑම තරාතිරමකම පුද්ගලයන්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමට අවකාශය ලබාදෙමින්  ශාඛා 75කට අධික සංඛ්‍යාවක්  දිවයින පුරා පිහිටුවා ඇති අතර සිය ගණුදෙනුකරුවන් වෙත උපරිම සේවය සැපයීමට ඔවුන් නිරන්තරයෙන් කැපවී සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..