Friday, June 6, 2025
HomeBiz News‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත්...

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න..

වන සම්පත තුළ ඇති චමත්කාරය ඔබ වෙත විවර කර දෙමින් ලෝක ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පී හා සංරක්ෂණවේදී සමඟ Paul Goldstein සුවිශේෂී වැඩසටහනක් එළඹෙන අප්‍රේල් 06 වන දින Cinnamon Life හිදී පැවැත්වේ. ‘අභියෝගාත්මක ඡායාරූපකරණය’ ලෙස නම් කළ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා Cinnamon Life හිදී පැවැත්විණ.

ඔබට ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සැමරීමේ අසමසම අවස්ථාවක් නිර්මාණය කරනු ලබන මෙම ‘impossible shot’ වැඩසටහන තුළින් අලංකාර හා අසාමාන්‍ය වන ජීවී ඡායාරූප ලබා ගැනීම සඳහා අවශ්‍ය කැපවීම හා හැකියාව පිළිබඳ අවබෝධය ඉහළ නංවනු ඇත.

වන ජීවී ඡායාරූපකරණය හා මාර්ගෝපදේශනය පිළිබඳ වසර 30කට අධික අත්දැකීම්වලින් පරිපූර්ණ Paul Goldstein මේ වන විට කෙන්යාව, ස්පිටිස්බගර්න්, ඇන්ටාක්ටිකාව ඇතුලු බොහෝ රටවල අතිශය දුෂ්කර වන භූමිවල ඡායාරූපකරණ අත්දැකීම් හිමි කරගෙන ඇත. වන ජීවී ඡායාරූපකරණය පිළිබඳ ඔහුගේ කලාත්මක හැකියාව, අවබෝධය හා අදහස් ලොව පුරා ඉහළින්ම පිළිගනු ලබයි. The Sunday Times ඔහුව හඳුන්වන්නේ ‘අසීමිත උත්සාහවන්තයකු’ ලෙස වන අතර The Times පුවත්පත ‘වෙනත් ඕනෑම පුද්ගලයකුට වඩා ඔබව වන ජීවී ඡායාරූපකරණයේ ඉහළට රැගෙන යන තැනැත්තා’ ලෙස ඔහුව නම් කොට තිබීම ඊට කදිම නිදසුන් සපයයි. අභියෝගාත්මක ඡායාරූපකරණයේදී ඔබව මෙතෙක් අත් නොදුටු චමත්කාරජනක දර්ශනයන් වෙත ගෙන යාමේ සුවිශේෂී හැකියාව සහිත මෙහිදී තමන් විසින් ඡායාරූපගත කළ ආකර්ෂණීය අවස්ථාවන් සහභාගීවන්නන් සමඟ බෙදා හදා ගැනීමටද නියමිතය.

එසේම ශ්‍රී ලංකාවේ සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පි හා සංරක්ෂණවේදී චිත්‍රාල් ජයතිලක විසින් Chasing a Dream තේමාව යටතේ මෙහිදී තවත් සුවිශේෂී ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට නියමිතය. මෙරට ජෛව විවිධත්වය පිළිබඳ ලොවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති චිත්‍රාල් දැනුවත් කිරීම් හා සංරක්ෂණයන් තුළින් වන ජීවී ලෝකයේ හොඳම අවස්ථාවන් ඡායාරූපගත කිරීමේ අභියෝග හා ජයග්‍රහණයන් පිළිබඳ සහභාගී වන්නන් දැනුවත් කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ Cinnamon Hotels & Resorts හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හිෂාන් සිංහවංස මහතා සඳහන් කර සිටියේ “වනජීවී ඡායාරූපකරණය පිළිබඳ කතාබහට ලක්වන අවස්ථාවක් පමණක් නොවන මෙම සුවිශේෂී උත්සවය අප රටේ සොබා සම්පත් ආරක්ෂා කිරීම හා රස විඳීම සඳහා වන ආරාධනයක් ලෙසද සඳහන් කළ හැකියි. ලෝකයේ ජෛව විවිධත්වය අතින් වැදගත් සන්ධිස්ථානයක් වන මෙරට වන සතුන් වඩා හොඳින් දැක ගැනීමට අසමසම අවස්ථාවක් සලසන මෙය Paul Goldstein වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටයින්ගේ දායකත්වය තුළින් ගෝලීය මට්ටමේ අත්දැකීම් සමඟින් ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට හැකියාව උදා වනවා.” යනුවෙනි.

නිර්මාණාත්මකභාවයෙන් හා දැනුවත්කිරීමෙන් ඔබ්බට යමින් ඉතා දුෂ්කර ඡායාරූපකරණය තුලින් ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාවේ වන ජීවී සංරක්ෂණය හා තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා Cinnamon Life හි කැපවීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සොබාදම් සංචාරයක ආයතනයන් වන Cinnamon Nature Trails සහ Cinnamon Life ආකර්ෂණීය සබඳතාවක් හරහා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට අඛණ්ඩව සිය ගවේෂණ ඉහළ නැංවීමට කටයුතු කර ඇත. Cinnamon Hotels & Resorts, සෙලාන් බැංකුව සමඟ එක්වෙමින් ශ්‍රී ලාංකිකයින් වෙත වැඩි ප්‍රතිලාභ හා අවස්ථා හිමිවන ජාත්‍යන්තර වැඩසටහන් සංවිධානය කිරීම සඳහා කැපවී සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් සහකාර සාමාන්‍යාධිකාරී ආසිරි අභයරත්න මහතා “සොබා සෞන්දර්ය ආරක්ෂා කිරීමේ වගකීම සහ වගවීම මනාව ප්‍රදර්ශනය කරන මෙම සුවිශේෂී අත්දැකීම සෙලාන් කාඩ්පත් හිමියන් වෙත ලබා දීමට අපි අදහස් කරනවා. Cinnamon Nature Trails සහ Cinnamon Life විසින් සත්කාරකත්වය දක්වන මෙම වැඩසටහන තුලින් ස්වභාවික පරිසරය කෙරෙහි ගරුත්වයක් ඇති කරමින් ඡායාරූපකරණයේ වැදගත්කම පෙන්වා දෙනවා. ඒ ආකාරයේ සුවිශේෂී වැදගත්කමක් සහිත සහයෝගය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත නගා සිටුවීමටත් ඡායාරූපකරණය හා පරිසර සංරක්ෂණය පිළිබඳ ව්‍යාපාරය දිරිමත් කිරීමටත් සෙලාන් බැංකුව කැපවී කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

‘The Impossible Shot’ වැඩසටහන හා සම්බන්ධ වීමේ ටිකට්පතක මිල රුපියල් 7,500/- වන අතර එළඹෙන මාර්තු 16 වන දා සිට එම ටිකට්පත් www.cinnamonboxoffice.com වෙතින් ඉක්මනින් වෙන් කර ගන්න.

වනජීවී ජායාරූප ශිල්පය පිළිබඳ බොහෝ දේ දැන ගැනීමට කැමති පරිසරයට හිතැති ඔබ වෙනුවෙන් ලොව ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන මෙම සුවිශේෂී වැඩමුලුව සඳහා ඔබේ අසුන අදම වෙන් කරගන්න. මෙම දුර්ලභ අවස්ථාව මඟ හැර නොයන්න. ඔබේ අනාගයට අමතක නොවන අත්දැකීමක් එකතු කර ගන්න.

RELATED ARTICLES

Most Popular

Recent Comments

abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..