Friday, June 6, 2025
HomeBiz NewsHayleys Solar වෙතින් ශ්‍රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී...

Hayleys Solar වෙතින් ශ්‍රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක්  හඳුන්වා දෙයි..

Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar වෙතින් බලශක්ති අවශ්‍යතාවයන් බලගැන්වීම උදෙසා නොකඩවා බලශක්තිය ලබා ගත හැකි ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. Bluetti වෙළඳ සන්නාමය යටතේ එන මෙම නවතම ජංගම බලශක්ති පද්ධතිය ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ තනි අයිතිය Hayleys Solar සතු වේ. එසේම ධාරිතාවයන් 3කින් යුත් මෙම පද්ධතිය (300W,1000W,2400W) දැන් දිවයින පුරා පාරිභෝගිකයන්ට  පහසුවෙන් ලබා ගත හැක.

වසර 10කට අධික කල්පැවැත්මක් සහතික කරනු ලබන මෙම බලශක්ති පද්ධතිය Lithium Iron Phosphate (LFP) බැටරියකින් සහ උසස් තාක්ෂණයෙන්  යුතු බැටරි කළමනාකරණ පද්ධතියකින්ද  සමන්විත වේ. මෙම ජංගම බලශක්ති පද්ධතියෙහි ඇති මූලිකම සුවිශේෂීත්වය වන්නේ ගෘහස්ථ, වාණිජ හෝ විශේෂයෙන් ඕනෑම එළිමහන් ක්‍රියාකාරකම් සඳහා වුවද නොකඩවා ඉතාමත් විශ්වාසනීයත්වයෙන්  බලශක්තිය ලබාගත හැකි බලශක්ති පද්ධතියක් වීමයි.

 මෙම ජංගම බලශක්ති පද්ධතිය ඔබ තෝරා ගත යුත්තේ ඇයි?

  • ඉක්මනින් ආරෝපණය (Charge) කර ගැනීමේ හැකියාව සහිත වීම. (පැය 1යි විනාඩි 30කින් 100%ක්)
  • භාවිතයට ගන්නා අතරතුරදී ද බැටරිය ආරෝපණය කිරීමේ හැකියාව සහිත වීම. (2400W දක්වා)
  • පුළුල් කළ හැකි ධාරිතාවයකින් සමන්විත වීම නිසා ඕනෑම එළිමහන් ස්ථානයකදී පවා නොකඩවා දීර්ඝ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වඩාත් සුදුසු වේ.(සම්පූර්ණ ධාරිතාවය 6,604Wh දක්වා ඉහළ නැංවීම සඳහා Bluetti හි B210 ප්‍රසාරණ බැටරිය සමඟ සම්බන්ධ කළ හැකිය)
  • විදුලි හීටර් (Electric Heaters), විදුලි උඳුන් (Electric Ovens), හෙයා ඩ්‍රයර් (Hair Dryers) සහ විදුලි කේතල (Electric Kettles) වැනි අධි ශක්ති උපකරණ ඉතාමත් පහසුවෙන් බලගැන්විය හැකිය.එම නිසා ප්‍රතිරෝධක බර පැටවීම සහ බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සහතික කරයි.
  • Bluetooth හෝ Wi-Fi මඟින් අධීක්ෂණය සහ කළමනාකරණය කළ හැක .
  • සෝලා බලශක්තියෙන් සහ ජාතික විදුලිබල පද්ධතිය මඟින් පහසුවෙන් ආරෝපණය කිරීමේ හැකියාව.

Hayleys Fentons හි කළමණාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙම ජංගම බලශක්ති පද්ධතිය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ,”Bluetti සන්නාමය යටතේ එන මෙම බලශක්ති නිෂ්පාදනය ශ්‍රී ලංකාවට ගෙන එමින් පාරිභෝගිකයන්ගේ  දිනෙන් දින පුළුල් වන බලශක්ති අවශ්‍යතා ඉටු කිරීමට තම ආයතනයට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටට පත් වන බවයි. විශේෂයෙන්ම මෙම බලශක්ති නිෂ්පාදනය තිරසාර බලශක්ති විසඳුමක් ලෙසින් විශ්වසනීයත්වය පෙරදැරි කරගනිමින් නිර්මාණය කර ඇති නිසා ගෘහස්ථ භාවිතයේ සිට එළිමහන් ඕනෑම සේවා ස්ථාන සඳහා නොකඩවා බලශක්තිය ලබා ගැනීමට හැකි බව සහතික කරන බවයි.”

ලාංකිකයන් වෙත හඳුන්වාදෙන මෙම නවතම බලශක්ති පද්ධතිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් Hayleys Solar හි ප්‍රධාන විධායක නිලධාරී ‍රොෂේන් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, “අපගේ පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවයන් උදෙසා ඉතාමත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී විසඳුමක් ලබා දෙමින් මෙම නවීන තාක්ෂණයෙන් හෙබි ජංගම බලශක්ති පද්ධතිය පිරිනැමීමට ලැබීම ගැන සතුටුවන බවයි.”

මෙම නවතම බලශක්ති පද්ධතියෙහි ඇති සුවිශේෂීත්වය පිළිබඳව සීමාසහිත Shenzhen PowerOak NewEner Co.හි දකුණු ආසියාවේ විකුණුම් අධ්‍යක්ෂක Mills Zhang මහතාද අදහස් දැක්වූයේ මෙසේය.“ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Hayleys Solar සමඟ Bluetti  ආයතනයට හවුල්කාරීත්වයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටට පත් වෙනවා. එසේම Bluetti මෙම ජංගම බලශක්ති පද්ධතිය බහුකාර්යය සහ කල් පැවැත්ම සහතික කරන නිෂ්පාදනයක් වන නිසා කිසිඳු සීමාවකින් තොරව ඉතාමත් පහසුවෙන් සහ විශ්වාසයෙන් තම කාර්යයන් ඉටු කර ගැනීමට දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වන බවත්ය.”

මෙම ජංගම බලශක්ති පද්ධතිය අපගේ  නාවල, මාතර, යාපනය, මීගමුව හා මහනුවර පිහිටි අත්දැකීම් මධ්‍යස්ථානයන් (Experience Center) වෙතින් සහ  Online අලෙවි ජාලය හරහා ද  (Daraz සහ Patpat.lk) පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇත. එසේම Credit Card හිමි පාරිභෝගිකයන් වෙතද මෙම  සූර්ය බලශක්ති විසඳුම ලබා ගැනීම සඳහා සුවිශේෂී වූ දීමනාවක්ද ලබා දෙයි. වැඩි විස්තර සඳහා, කරුණාකර 0112102102 යන දුරකථන අංකයෙන් හෝ [www.hayleyssolar.com](https://www.hayleyssolar.com) වෙත පිවිසෙන්න.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..