Sunday, December 22, 2024
HomeBiz Newsළමයින්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් Uber Eats SOS ළමා ගම්මාන වෙත යයි!..

ළමයින්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් Uber Eats SOS ළමා ගම්මාන වෙත යයි!..

Uber Eats යනු ශ්‍රී ලංකාවේ ආහාර සහ සිල්ලර නිෂ්පාදන බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ දැවැන්තයා වේ. ඔවුන් විසින් රට පුරා සිටින අවදානමට ලක් විය හැකි දරුවන් හට උපකාර කිරීම වෙනුවෙන්, ලොව කීර්තිමත් ම රාජ්‍ය නොවන සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමග එකතු වී තිබේ. මීට සමගාමීව Uber Eats විසින් මාපිය රැකවරණය අහිමි දරුවන්ගේ දෛනික ආහාර අවශ්‍යතාව සහ අනෙකුත් සත්කාර සම්පූර්ණ කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානය කර ඇත. ඒ වගේ ම ඔවුන් විසින් සහයක් වීමට කැමති ශ්‍රී ලාංකික ජනයාට ඒ වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම Uber Eats ඇප් එක හරහා ආහාර පරිත්‍යාග කිරීමේ හැකියාව සලසා දී තිබේ.

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන විසින් දැන් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ සරණක් අවැසි දරුවන්ව ශක්තිමත් පුරවැසියන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය රැකවරණය, ආරක්ෂාව සහ සහයෝගය ලබා දී ඇත. මෙම සංවිධානය විසින් සිදු කළ වැඩසටහන් ඔස්සේ මේ වන විට ළමුන් 4000 කට වඩා වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබා ඇති අතර, එකී සංවිධානය අනාගතයේ දී Uber Eats ලබා දුන් අරමුදල් භාවිතා කරමින් දරුවන්ගේ දෛනික ආහාර අවශ්‍යතා සහ අනෙකුත් සත්කාර සම්පූර්ණ කරනු ඇත.

දැන් සියලු ම ශ්‍රී ලාංකිකයින්ටත් මෙම නත්තල් මාසය පුරා සෘජුවම Uber Eats ඇප් එක හරහා ආහාර පරිත්‍යාග විධි 3 කින්-දිනයක්, සතියක් හෝ මාසයක් පුරා ආහාර ආදී ලෙස- එකක් තෝරා ගෙන මෙම කාර්යභාරයට දායක විය හැකි ය. ඒ වගේම Uber Eats ඇප් එක හරහා පරිත්‍යාග කරන සෑම රුපියලක් ම,  කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව, සෘජුවම SOS ළමා ගම්මාන වෙත භාර දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන ව්‍යාපෘතියේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “Uber Eats විසින් සිදු කරන මෙම මහඟු කර්තව්‍යය, සමාජ සුබසාධනය උදෙසා තාක්ෂණය උපයෝගී කර ගත හැකි ආකාරය නිරූපණය වෙන හොඳ උදාහරණයකි. මෙම වැඩසටහන ඔස්සේ, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට සහයක් වීම සඳහා මිනිසුන් දැනුවත් කිරීමටත්, ඒ දරුවන්ගේ හඬ මුළු රටට ම ඇසෙන්නට සැලැස්වීමටත් හැකි වීම පිළිබඳ ව අප අතිශයින් ම සතුටු වන්නෙමු.” ලෙස යි.

Uber Sri Lanka ආයතනයේ බෙදාහැරීම් අංශයේ දේශීය කළමනාකරු, වරුන් විජේවර්ධන මහතා අදහස් දක්වමින්, “මෙම උත්සව සමයේ නත්තල අරුත් ගැන්වෙන කර්තව්‍යයක් ඉටු කිරීම වෙනුවෙන් තාක්ෂණය උපයෝගී කර ගැනීමට හැකි වීම ගැන අප බොහෝ සෙයින් ආඩම්බර වන්නෙමු. SOS ළමා ගම්මාන සමග අප ඇති කර ගත් සබඳතාව නිසා, පෙර නොවූ විරූ ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සෘජුවම මෙම වැදගත් අරමුණට දායක වීමට අවස්ථාව උදා කර දෙනු ඇත. නව තාක්ෂණය නිසා ආහාර පරිත්‍යාග කිරීම පෙර කවරදාටත් වඩා පහසු වී ඇත. අප වටා සිටින ප්‍රජාවට සේවයක් කිරීමට සහ දරුවන්ව බලාත්මක කිරීමට Uber Eats ඉටු කරන කාර්යභාරය, මෙම හවුල්කාරීත්වය හරහා හොඳින් ම නිරූපණය වේ.” ලෙස ප්‍රකාශ කළේ ය.

මෙම වැඩසටහන 2024 වර්ෂයේ දෙසැම්බර් මාසය අවසන් වන තෙක් දිගටම ක්‍රියාත්මක වේ. පහත සඳහන් පහසු පියවර කිහිපය අනුගමනය කිරීම මගින් සෑම දෙනාට ම මෙම සත්කාර්යයට සහභාගී විය හැකි ය.

  1. Uber Eats ඇප් එක විවෘත කරන්න.
  2. “Pick-up” විකල්පය මත ක්ලික් කරන්න.
  3. ඔබට ළඟින් ම ඇති “SOS ගම්මානය” තෝරා ගන්න.
  4. කිරීමට කැමති පරිත්‍යාගය තෝරා ගන්න.
  5. ඇණවුම භාර දෙන්න.
  6. ඇණවුම සම්පූර්ණ බව සහ රැගෙන යෑමට හැකි බව දැක්වෙන පණිවිඩයක් ලැබෙනු ඇත. එහි දී, ඇණවුම සම්පූර්ණ කිරීම සඳහා කරුණාකර “I got my order” මත ක්ලික් කරන්න.

ඒ වගේම මෙම QR කේතය scan කිරීම මගින් ද ඔබට ඇප් එක හරහා

මෙම පරිත්‍යාග කිරීමට දායක විය හැකි ය.

පරිශීලකයින් විසින් දිනක්, සතියක් හෝ මාසයක් යන කුමන කාල පරාසයක් දක්වා ආහාර සඳහා අනුග්‍රහය දැක්වීමට භාර ගනු ලැබුවත්, ඔවුන්ගේ දායකත්වය නිසා SOS ළමා ගම්මානවල දරුවන්ට එය සෘජුවම ප්‍රතිලාභ ගෙන එනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments