Wednesday, June 4, 2025
HomeBiz NewsSDBබැංකුවෙන් වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා 13% ක ඉහළ පොළියක්..

SDBබැංකුවෙන් වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා 13% ක ඉහළ පොළියක්..

ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම උපරිම ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් කැපවුණු SDB බැංකුව 2025 වසර සඳහා සිය ස්ථාවර තැන්පතු සඳහා ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් පස් අවුරුදු ස්ථාවර තැන්පතු සඳහා හොඳම පොලී අනුපාතයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන පාරිභෝගිකයින් හට සුරක්ෂිත සහ හොඳම ප්‍රතිලාභ ලබා දෙන ආයෝජනයක් සඳහා දොරටු විවර කරන අතර ඔවුන්ට ඒ හරහා සිය මූල්‍ය ඉලක්කයන් විශ්වාසයෙන් යුතුව සාර්ථකව සපුරා ගැනීම සඳහා අවස්ථාව උදා වනු ඇත.

මේ විශේෂ ප්‍රවර්ධන සමය තුළ SDB බැංකුව පසු අවුරුදු ස්ථාවර තැන්පතු සැළසුම් සඳහා මාසික පොලිය ලබා ගන්නේ නම් 9.75% ක වාර්ෂික පොලී අනුපාතයකුත් කල් පිරීමේදී 13% ක පොලී අනුපාතයකුත් ලබා දෙනු ඇත. ගනුදෙනුකරුවන්ට සිය ආයෝජනයන් සැළකිය යුතු අන්දමින් වර්ධනය කරගැනීමට අවස්ථාව සළසන මෙම අනුපාතයන් වෙනත් බොහෝ ආයතන විසින් ලබා දෙන අනුපාතයන්ට වඩා ඉහළ වන අතර SDB බැංකුව දීර්ඝ කාලීන ආයෝජනයන් සඳහා හොඳම තේරීම ලෙසින් ස්ථානගත කරයි. අනාගත සුරක්ෂිත බව, දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා, සුවපහසු විශ්‍රාම දිවියක් ආදී කුමන අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔබ මුදල් ඉතිරි කළත් ඒ සඳහා හොඳම අවස්ථාව දැන් ඔබට SDB බැංකුවේ ස්ථාවර තැන්පතු ක්‍රමය හරහා ලැබී ඇත.

“අපේ පස් අවුරුදු ස්ථාවර තැන්පතු සැළසුම් ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත සහ වෙළඳපොලේ පවතින හොඳම පොලී අනුපාතයන් හරහා හොඳම ප්‍රතිලාභ ලබා දෙන අනගි ආයෝජන අවස්ථාවක්. මේ සියල්ලටම අමතරව දිවයින පුරා SDB බැංකු ශාඛාවල සේවයේ නිරත, පාරිභෝගික සේවය වෙනුවෙන් කැපවුණු අපේ කාර්ය මණ්ඩලය ඔබේ මූල්‍ය ඉලක්ක ජයගැනීමට ලබා දිය හැකි සියළු සහය ලබා දීමට සැදී පැහැදී සිටිනවා. ඔබේ ළඟම පිහිටි SDB බැංකු ශාඛාවට පිවිස හෝ 0115 411411 දුරකතන අංකයෙන් සතියේ දින 7 ම පැය 24 පුරාම ක්‍රියාත්මක අපේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතා අපේ පස් අවුරුදු ස්ථාවර තැන්පතු ක්‍රමය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපි ඔබට ආරාධනා කර සිටිනවා” යැයි මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී චිත්‍රාල් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලාංකික ප්‍රජාවන්, සමූපකාර සංවිධාන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සියළු ආකාරයේ  ශ්‍රී ලාංකිකයින් සහ ආයතන සවිබල ගන්වන SDB බැංකුව සමඟ ස්ථාවර තැන්පතු ඇරඹීම ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා දෙන අතරම ඔබට රටේ දියුණුවේ කොටස්කරුවෙක් වීමටද අවස්ථාව සළසනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..