Sunday, June 1, 2025
HomeBiz NewsDFCC බැංකුවේ කාඩ්පත් හිමියන්ට සුවිශේෂී අලුත් අවුරුදු දීමනා රැසක්..

DFCC බැංකුවේ කාඩ්පත් හිමියන්ට සුවිශේෂී අලුත් අවුරුදු දීමනා රැසක්..

ලක්වාසීන් සියලු දෙනා අලුත් අවුරුදු සතුටට සැරසෙන මේ මොහොතේ, ඒ සතුට දෙගුණ තෙගුණ කිරීමේ අරමුණින් සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මාර්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන එකතුව අප්‍රේල් මාසය පුරාද ක්‍රියාත්මක වනු ඇත. මෙම වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙන්ම ඩෙබිට් කාඩ්පත් හිමියන්ටද විශාල වට්ටම්, නම්‍යශීලී පහසු ගෙවීමේ ක්‍රම සහ ආකර්ෂණීය Cashback දීමනා ඇතුළු වාසි රැසක් හිමි වේ.

DFCC කාඩ්පත් හිමියන්ට මෙම වාසි පිරිනැමීම සඳහා දිවයිනේ ජනප්‍රියම අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල් රාශියක් මේ වන විට DFCC බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටී. මෙම අලෙවිසැල්වලදී DFCC කාඩ්පත් හිමියන්ට 60% ක් දක්වා වට්ටම්, මාස 36 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහ සෑම ගනුදෙනුවකදීම 3% ක් දක්වා Cashback දීමනා හිමි වේ.

“අලුත් අවුරුද්ද යනු පවුලේ සැම දෙනාම එකට එකතු වී සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙන අතරම අලුත් ආරම්භයක් වෙනුවෙන් සැරසෙන මොහොතක්. කෙසේ නමුත් අලුත් අවුරුදු සැමරීමේදී ගනුදෙනුකරුවන්ට දරන්නට සිදුවන වියදම් පිළිබඳව අප හොඳින් දන්නවා. එම වියදම් හමුවේ සුවිශාල සහනයක් සලසමින් මෙම දීමනා හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ ඉලක්කය වන්නේ, චාරිත්‍ර වාරිත්‍ර, තෑගි බෝග සහ එදිනෙදා අවශ්‍යතා ඇතුළු ඕනෑම දෙයකදී තමන්ටම සීමා පනවා ගැනීමෙන් තොරව අලුත් අවුරුදු සතුට උපරිමයෙන් අත්විඳින අතරම සුවිශේෂී ඉතුරුම් අත්විඳීමට හා පහසු ගෙවීමේ ක්‍රම භාවිතා කිරීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා කර දීමයි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

DFCC බැංකුවේ Visa සහ Mastercard ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සඳහා වලංගු වන මෙම දීමනා, අදාළ වෙළඳසැල් වෙත ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදී මෙන්ම මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේදීද වලංගු වේ. ඩිජිටල් බැංකු සේවාවන්වලදී ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම වංචා වැළැක්වීම සඳහා DFCC බැංකුව නවීනතම ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කර ඇති අතර, එම නිසා ගනුදෙනුකරුවන්ට තම ආරක්ෂාව පිළිබඳ කිසිදු සැකයකින් තොරව සිත් සේ ගනුදෙනු කළ හැකි වේ.

DFCC බැංකුව යනු සෑම විටම තම ගනුදෙනුකරුවන්ගේ පහසුවට හා ආරක්ෂාවට මුල්තැන දෙමින් ඔවුන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා කැපවුණු බැංකුවකි. දිවයින පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් අලුත් අවුරුදු සතුට සමරන මේ මොහොතේ, ඔවුන්ගේ විශ්වාසය දිනූ මූල්‍ය සේවා සහකරු වශයෙන් ඔවුන්ගේ අවුරුදු සතුට දෙගුණ තෙගුණ කිරීම සඳහා DFCC බැංකුව සූදානමින් සිටී.

DFCC බැංකුව අලුත් අවුරුද්ද වෙනුවෙන් හඳුන්වා දී ඇති කාඩ්පත් දීමනා පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.dfcc.lk වෙත පිවිසෙන්න. නැතිනම් 011 235 0000 අමතන්න.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..