1977 ජුලි මස 20 වන දින නුගේගොඩ නගරයේදි මූලාරම්භය සනිටුහන් කළ සී/ස විජය සමූහ ව්‍යාපාරය වර්තමානය වන විට මූලු දිවයිනම ආවරණය කරමින්, සෘජු රැකියා 3000 ක් සහ වක්‍ර රැකියා 25000 වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරිමට සමත් දේශීය නිමි ඇදුම් අලෙවි සහ ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්රයන්හි ප්‍රමුඛතම ආයතන ජාලය බවට පත්ව ඇත. අදවන විට සී/ස විජය සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත CIB ෂොපින් සෙන්ටර් ශාඛා21, විජය සාරි මන්දිර 02, කර්ටන් සෙන්ටර් 02, හවුස් ඔෆ් ටේලර්ස් 01, ක්ලේයාර්ස් ක්ලෝසෙට් 01, ගාමන්ට් ආයතන 04, සියරට කුඩ නිෂ්පාදන 02 ක් සහ ඉදි කටුවේ සිට නිමි ඇදුම් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය දක්වා සෑම දෙයක්ම එකම වහලක් යටින් ලබාගැනීමේ පහසුකම සලසා ඇත.
කුඩා අත්තිවාරමක් යටතේ ගොඩනැගි මෙම සුවිසල් වෘක්ෂයේ ප්රතාපවත් නායකයා වන්නේ දේශබන්ධු, දේශකීර්ති, වණික්පති, ධර්ම ශ්‍රී ආදි ගෞරව නාමයන්ගෙන් පිදුම් ලද ගරු සභාපති/ කළමනාකාර අධ්යක්ෂ කේ.ආර්.ජී. විජේසුන්දර නම් වීර්යවන්ත මිනිසාය. තම අප්‍රතිහ ධෛර්යෙන් අනූපමේය වු කැපවීමත්, ධාර්මික හා ත්‍යාගශීලි පැවතුම් විලාශයන් මතින් දෙස් විදෙස් ඇඟයීමට පත් වු මෙවැනි දැවැන්ත, ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැගීමට ගත් සාර්ථක උත්සාහය අප නිතතින්ම අගය කළ යුතු වන්නේය.
සී/ස වීජය සමූහ ව්‍යාපාර (පුද්) සමාගම බුදු දහමත් සමඟ බැඳුණු ගමනක නිරතවන කරුණ හේතුවෙන්ම සෑම කටයුත්තකදීම ජනහිත සුව පිණිස කටයුතු කිරීම කැපී පෙනෙන්නකි. 45 වන සංවත්සරය යෙදෙන 2022 ජුලි මස 20 වන දින දිවයින පුරාම CIB ෂොපින් සෙන්ටර් ආයතන මූලික කරගෙන අඩු ආදායම්ලාභි පවුල් 600 ක් වෙත වියළි සළාක ඇතුලත් භාණ්ඩ බෙදා දීම සිදු කරනු ලැබිය.