ලබන වසරේදී පැය 6ත් 8ත් අතර කාලයක් දිනකට විදුලිය කපා හැරීමක් සිදු කිරීමට වන බව විදුලි බල ඇමැති කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.
විදුලිය බිල සියයට 70 කින් වැඩි කිරීමට සිදුවන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා ලබන ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තුව යළි ඉහළ දැමිය යුතු බව දැනුම්දීම සිදුකර තිබෙනවා
අපොස උසස් පෙළ විභාගය ලබන මාසයේ පැවැත්වෙන හෙයින් විදුලිය කප්පාදුව මගින් අධ්‍යාපනයට බාධා එල්ල වන බවයි යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා ආර්ථිකය ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේදී කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් පමණ වැඩි කළ යුතු බවයි.
මේ අනුව විදුලි බිල ඉහළ යන අතරම විදුලිය කපන වේලාවද වැඩි කිරීමටයි බලධාරීන්ට සිදුව ඇත්තේ.
මීට පිළියමක් ලෙස සූර්ය බල විදුලිය පිළිබඳව සැළකිල්ල යොමු කරන ලෙසත් අත්දැකීම් ඇති ආයතනයක් ඒ සඳහා තෝරා ගත යුතු බවත් බලශක්ති විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මේ අතර Sun Leaf Solar Solutions වැනි ආයතන මේ නත්තල් සමයේ දී විශේෂ වට්ටම් සහිතව සිය සේවාවන් ලබා දීමට ද සුදානමින් සිටිනවා.
ඒ පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා.
