Friday, March 31, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ශ්‍රී ලංකාවේ අපේ මෝටර් සයිකලය සෙනාරෝ GN125.....

ශ්‍රී ලංකාවේ අපේ මෝටර් සයිකලය සෙනාරෝ GN125…..

ශ්‍රී ලාංකීය මෝටර් සයිකල් ක්ෂේත්‍රයේ නැවුම් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් වසර 20 ක ඉතිහාසයක් සහිත සෙනාරෝ මෝටර් සමාගම මගින් සෙනාරෝ නම් දේශීය සන්නාමය යටතේ, මෙවැනි අසීරු යුගයක ශ්‍රී ලාංකීය ආර්ථිකය නැවත නගා සිටුවීමට සවියක් වෙමින්, නව රැකියා අවස්ථා බිහි කර තවත් දේශීය උපාංග නිෂ්පාදකයින් හට ව්‍යාපාර අවස්ථාවන් ද උදා කරමින් ශ්‍රී ලාංකීය මෝටර් සයිකල් ක්ෂේත්‍රය නැවුම් දිශානතියකට යොමු කරමින්,

මෙරට දී එකලස්ව වන සෙනාරෝ ඨභ125 මෝටර් සයිකලය ශ්‍රී ලාංකීය ජන ජීවිතයට අද දින සිට
එකතු වන වග ඉතා අභිමානයෙන් ප්‍රකාශ කර සිටිමු,,,,,

මෙම සෙනාරෝ ඨභ125 මෝටර් සයිකලය ප්‍රථම අදියරේ දී 35% ක අගය එකතු කිරීමක් සිදු කරන අතර ඉදිරියේදී තවත් දේශීය නිෂ්පාදිත උපාංග එකතු කිරීමට නියමිතව ඇත. මෙවැනි ව්‍යාපෘති හරහා මෙරටින් ඇදීයන විශාල විදේශ විනිමයක් ඉතුරු කර ගැනීමට හැකිවනු ඇත.

තවද සෙනාරෝ ඨභ125 මෝටර් සයිකලයේ හඳුන්වාදීමේ විශේෂිත මිල රුපියල් 590,000/= ක් වන අතර, මෙම මෝටර් සයිකලය සඳහා වසර තුනක හො කිලෝමීටර් 60,000ක වගකිමක් ලබා දෙනු ලැබේ.සෙනාරෝ ඨභ125 මෝටර්සයිකලය සඳහා දිවයින පුරා ඕනෑතරම් අමතර කොටස් සහ අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබාදීමට සෙනාරෝ මෝටර් සමාගම මේ වන විට සියලූ කටයුතු සූදානම් කර හමාරය….

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments